ලොව යන අත

ජසින්ඩා සහ ‘පළමු බබා‘ ජගත් සංවිධානයට

නවසීලන්ත අගමැතිනිය ජගත් සංවිධානයේ මහා සභා සැසිවාරයේදී දේශයක් කර තිබුණාය. එය ජගත් සංවිධානය හමුවේ ඈ කළ මංගල කතාව බව සඳහන් වේ. ජසින්ඩා අර්ඩන් මේ අවස්ථාවට සහභාගී වී සිටියේ තෙමස් හැවිරිදි දියණිය සහ සැමියා ක්ලාර්කේ ගේෆෝර්ඩ් ද සමඟිනි. අගමැතිනිය කතාව සිදුකරන කාලය තුළදී දියණිය බලාගත්තේ ක්ලර්කේ ගේෆෝර්ඩ් ය.

This is newborn Neve’s first international trip since being born on 21 June | Reuters

අගමැතිනියගේ පෙර කතාවට සහ කතාවට පසු ඔවුන් තිදෙනා ඉතාමත් සන්තෝෂයෙන් සභා ගර්භයේ රැඳී සිටින අන්දම බොහෝ මාධ්‍ය සේවා ඡායාරූප සහිතව පළ කර තිබිණ.

නිව්සීලන්ඩ් හැරල්ඩ් පුවත්පතට ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරිය කියා තිබුණේ සිය තෙමස් හැවිරිදි දියණිය – නෙවේ ටෙ අරෝහාව එක්සත් ජාතීන්ගේ මහා සභා සැසියට රැගෙන ඒම ප්‍රායෝගික තීරණයක් වූ බවයි.

“…මම නවසීලන්තයේ ඉන්න වෙලාවට නෙවේ මා ළඟමයි ඉන්නේ. …” කියා ඈ වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

ජසින්ඩාගේ සහකරු රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. දියණිය උපත ලැබීමෙන් පසු ඔහු දැන් සිය රැකියාවට සමුදී සිටියි. | Reuters

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා සැසිවාරයට සහභාගි වන අමුත්තන්ට විශේෂ හැඳුනුම්පත් සකසා ලබා දී තිබිණ. නෙවේ වෙනුවෙනුත් වෙනම හැඳුනුම්පතක් සකස් කර තිබුණේය. මේ හැඳුනුම්පතෙන් නෙවේව හඳුන්වා දී තිබුණේ “ෆර්ස්ට් බේබි” හෙවත් “පළමු බබා” වශයෙනි.

නවසිලන්ත අගමැතිනිය ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදී සිය රාජකාරී කටයුතු කරගන්නා තුරු නෙවේව බලා ගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ ක්ලර්කේ ගේෆෝර්ඩ් වෙත ය. එක්සත් ජාතීන්ගේ සැසියට පැමිණෙමින් අගමැතිනිය ආරම්භ කර තිබෙන්නේ දින හයක සංචාරයකි. ඒ අනුව පළමු බබාගේ පළමු අන්තර්ජාතික සංචාරය වන්නේ ද මෙයයි.

ජසින්ඩා අගමැතිනිය, නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමින් | Reuters

අගමැතිනිය මාධ්‍යට කරුණු දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ සංචාරය සඳහා තම සැමියා එක්වූයේ පෞද්ගලික වියදමෙන් බවයි. සංචාරය අතර තුරදී දරුවා රැක බලාගැනීමේ කාර්යය වෙනුවෙන් ඔහු කැප වී සිටිනු ඇති බවත් ඈ පෙන්වා දී තිබිණ.

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

13 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

17 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

4 days ago