ලොව යන අත

එම්. එච්. 370 තවමත් අබිරහසක්!

මෙයට වසර හතරහමාරකට පමණ ඉහතදී අබිරහස් ලෙස අතුරුදහන් වුණු මැලේසියා ගුවන් සේවයට අයත් එම්. එච්. 370 ගුවන් යානය පිළිබඳව තවත් වාර්තාවක් නිකුත් වෙයි. එය, යානයේ පැවැති ආරක්ෂක තත්ත්වය හෙළි කරන ගවේෂණාත්මක වාර්තාවකි. ගුවන් යානය අතුරුදහන් වූයේ කවර හේතුවක් නිසා ද යන්න එම වාර්තාවේ අඩංගු කරුණු කිසිවකින් අනාවරණය නොවන බව මැලේසියා බලධාරීහු පවසති.

වාර්තාව නිකුත් කිරීමට දායක වුණු ගවේෂක කොක් සූ චොන්, ක්වාලාලම්පුර් අගනුවරදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ යානය අනතුරට ලක්වන අවස්ථාවේදී මැලේසියාව දෙසට නැවත ගමන් කරමින් සිටි බවකි. යානය නැවත ගමන් ගන්නා අවස්ථාවට සම්බන්ධ තොරතුරු වෙත ගවේෂකයන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබිණ. ඒ අවස්ථාවේදී යානය ගුවන් නියමුවාගේ පාලනයේ පැවැතියේද එහෙමත් නැත්නම් නීති විරෝධී ලෙස ක්‍රියාකළ කෙනෙකුගේ පාලනයේ පැවැතියේද යන්න නිර්ණය කළ නොහැකි බැව් කොක් පවසයි. යානය අතුරුදහන් මොහොත වනවිට ගුවන් නියමුවා සිටියේ කවර මානසික තත්ත්වයක් යටතේද, ගුවන් යානය අකර්මන්‍යව පැවතියේද, යානයේ ක්‍රියාකාරී පද්ධතිය දුරස්ථ පාලනය යටතේ පැවැතියේ කවර ආකාරයෙන්ද යන කාරණා සම්බන්ධයෙන් ද ගවේෂණකයන්ගේ අවධානය යොමු වී තිබිණ.

ඒ කවර කාරණයක් අරභයා ගවේෂණාත්මක සෙවුම් බැලුම් සිදුවුවද ගවේෂකයන් අවසානයේදී පවසන්නේ “… එම්. එච්. 370 ගුවන් යානයේ අතුරුදහන් වීම වගේම එය සෙවීම සඳහා දියත් කළ මෙහෙයුම ද වාණිජ ගුවන් ගමන් ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් …” යනුවෙනි.

අනතුර සිදු වූ 2014 වසරේ මාර්තු 8වැනිදා මැලේසියා වේලාවෙන් පැය 00:41ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් යානය ගුවන් ගත කෙරිණ. පැය හයකට ආසන්න ගුවන් ගමනකින් පසු එය චීනයේ බෙයිජිං කැපිටල් අන්තර්ජාතික ගුවන්තොටුපොළට ළඟා විය යුතුව තිබුණේය. මඟීහු 227දෙනෙක් සහ කාර්යය මණ්ඩලයේ 12දෙනෙක් එහි ඒ වනවිට ගමන් ගනිමින් සිටියහ. යානයත් සුබන්ග් ගුවන් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයත් අතර පැවැති සන්නිවේදන සබඳතා පැය 1.22ට පමණ නතර වූයේය. ඒ අවස්ථාව එළඹෙන විට යානය ගමන් කරමින් තිබුණේ තායිලන්ත බොක්කට ඉහළ අහසේ බැව් තහවුරු විණ. එම්. එච්. 370 ගුවන් යානය අතුරුදහන්ව ඇතැයි කියා පැය 2.40 වනවිට ගුවන් ගමන් බලධාරීහු අවබෝධ කරගෙන සිටියහ. අතුරුදහන් වීම සිදුවන්නට මඳ වෙලාවකට පළමුව යානය නැවත හැරවුමකට හා සමාන ක්‍රියාවලියකට භාජනය වී ඇති බැව් රේඩාර් පද්ධතිවල අඩංගු තොරතුරුවලින් සනාත වූයේය.

එම්. එච්. 370 යානය අතුරුදහන් වී ඇති බැව් සැලවීමත් සමඟම ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, පිලිපීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගපූරුව, තායිලන්තය සහ වියට්නාමය ආදී රටවල් රාශියක විශේෂඥයෝ යානය සොයා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළහ. යානයට කුමක් සිදු වීද යන්න ගැන කිසිදු තොරතුරක් සොයා ගන්නට විශේෂඥයෝ මේ වනතුරුත් අසමත් සිටිති. 2014 වසරේ මාර්තු 24වැනිදා මැලේසියා රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යානය ඉන්දියන් සාගරයට වැටෙන්නට ඇතැයි කියාය. මඟීන් කිසිවකු ජීවිත බේරා ගැනීමට අසමත් වූ බවත් ඒ නිවේදනයෙන් කියැවිණ. මැලේසියා රජය මේ තහවුරුව ලබා දීමෙන් අනතුරුව පවා යානය සොයන මෙහෙයුම් නතර නොකෙරුණේ ය. ගුවන් ගමන් ඉතිහාසයේ සිදු කෙරුණු විශාලතම මෙහෙයුම කෙරුණේත් එම්. එච්. 370 යානයට අත් වූ ඛේදය ලිහා ගැනීම සඳහායි. යානයට කුමක් සිදුවීද යන්න ගැන පැහැදිලි තොරතුරක් ඒ කිසිදු මෙහෙයුමකින් සොයා ගත නොහැකි විණ.

මැලේසියා ගුවන් මෙහෙයුම් පාලන මධ්‍යස්ථාන නිළධාරීන් යානය සමඟ සන්නිවේදන සබඳතා පැවැත්වීමේ ක්‍රියාවලිය අඩුලුහුඬුකම් සහිතව පවත්වාගෙන ගොස් ඇති බව නම් පරීක්ෂණවලින් තහවුරු වූයේය. එහි ප්‍රතිඵලයක් හැටියට මැලේසියා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති අසරුදීන් අබ්දුල් රහ්මන්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට බල කෙරිණ. ඊට ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා සිය තනතුරෙන් පසුගිය ජූලි මාසයේදී ඉල්ලා අස් වූයේය.

ඡායාරූප සබැඳුම

https://www.bbc.com/news/world-asia-45021473

සහ

https://www.news.com.au/travel/travel-updates/incidents/malaysias-aviation-chief-quits-over-failures-exposed-in-mh370-report/news-story/2d3e7d91d3d3afaa90c56e98a4bcf65e


Silence is argument carried out by other means.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

5 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

6 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

7 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

8 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

22 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago