කාලීන

වෙනිසියුලාවේ ආර්ථික අර්බුදය උග්‍රවීමත් සමග ජනගහණයෙන් 7%ක් රට හැර යයි.

වසර ගණනාවක් තිස්සේ වෙනිසියුලාවේ ඇතිවී තිබෙන උග්‍ර ආර්ථික බිඳවැටීම හේතුවෙන් මේ වන විට එරට ජනතාව සීග්‍ර ලෙස රට හැර යන්නට පටන් ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ වාර්ථාවට අනුව මිලියන 2.3ක ජනගහණයක් එනම් වෙනිසියුලාවේ සමස්ත ජනගහණයෙන් 7%ක් 2015 වසරේ සිටමේ වන විට වෙනිසියුලාව හැරගොස් තිබේ.

ඔවුන් බොහෝමයක් දෙන සිය රට හැර පැමිණ ඇත්තේ බ්‍රසීලය , කොලොම්බියාව , ඉක්වදෝරය සහ පේරු රාජ්ය‍යන් වෙතයි. එමෙන්ම ලක්ෂ පහක් පමණ පිරිසක් මේ වසරේ පමණක් ඉක්වදෙරෙයට පලා ගොස් ඇත.

වෙනිසියුලාවේ ජනපති වන නිකොලස් මාධුරෝ මෙම ආර්ථික පරිහානිය සම්බන්ධව ජනතාවගේ විවේචනයට ලක්ව ඇති අතර ඔවුන් පවසන්නේ ජනපති වරයා ජනතාව මුහුණ දෙමින් සිටින තත්ත්වය පිළිබඳව නොතකන බව් ඔහු රට රටවල සැරැසරමින් සිය දියණියගේ ජීවිතය සාර්ථක කිරීමට ලමණක් උත්සහා ගනිමින් සිටින බවයි.

2013 වසරේදී හියුගෝ චාවේස්ගෙන් පසු වෙනිසියුලාවේ ජනපති ධූරයට පත් නිකොලස් මාධුරෝ පසුගියදා එරට ජාතික රූපවාහිනිය අමතමින් කියා සිටියේ තමන්ට තවමත් රටේ ආර්ථිකය නා සිටුවීමේ සැළැස්මක් ඇති බවත් තමන්ව විශ්වාස කරන ලෙසත්ය.

වෙනිසියුලාවේ ජනතාව මෙසේ සිය අසලි වැසිරටවලට සංක්‍රමණය වීම සීග්‍රයෙන් වැඩි වීම එම රටවල ඉවසිමේ සීමාවද ඉක්මවමින් තිබේ.

දහස් ගණනින් වෙනිසියුලානුවන්ට සිය රටට එන්නට ඉඩ දුන් බ්‍රසීලය මේ වන විටද සිය උතුරු දේශ සීමා වසා දමා ඇත.

”අපි තවත් ඔවුන්ගේ පැමිණීමට ඉඩ දුනහෝත් මේ වසර අවසානය වන්නටත් පෙර ඔවුන්ගෙන් අපගේ නගර පිරී යාවි”
බ්‍රසීල බලධාරීන් එසේ පවසයි.

ඉට අමතරව පසුගියදා බ්‍රසීල ජාතිකයන් පිරිසක් විසින් මෙසේ සංක්‍රමණය වූ වෙනිසියුලාවේ සංක්‍රමණිකයන් පිරිසකට අඩන්තේට්ටම් කළ බවද වාර්ථා විය.

බ්‍රසීලයට අමතරව වෙනිසියුලාවේ අනෙකුත් අසල් වැසි රටවල් වන චිලී සහ කොළොම්ඹියාවද මේ වන විට සංක්‍රමණිකයන් සීමා කිරීමේ වැඩ පිළිවලයන් හඳුන්වා දී ඇති අතර මෙම සතියේදී ඔවුන්ට මෙතෙක් අවස්ථාව සළසා දී තිබූ ඉක්වදොරයද සිය දොරටු වස්න්නට තීරණය කර ඇත. විදෙස් ගමන් බලපත්‍ර ඇති පිරිස්වනට පමණක් සිය රටට සංක්‍රමණය වීමට ඔවුන් අවස්ථාව සළසා ඇත.

ඉක්වදෝරයේ මෙම ක්‍රියාව විවේචනය කරමින් ක්‍රියාකාරීන් පවසා ඇත්තේ එය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් මානුෂීය නොවන බවත්ය.

කෙසේ වෙතත් මේ වන විට වෙනිසියුලානු ජාතිකයන්ගේ ආගමනය ඉක්වදෝරයේ ආර්ථිකයටද බලපා ඇති අතර ඒ සම්බන්ධව එරට වැසියන් ජනපති ලෙනින් මරිනෝට සුදුස් ක්‍රියාමාර්ග ගන්නැයි බලකරමින් විරෝධතා ව්‍යාපරයක් පැවැත්විය. ඉක්වදෝරයේ නගරවල තැනින් තැන නිදමින්, මං අහුරමින් රැඳිසිටින වෙනිසියුලාවෙන් ආ සංක්‍රමණිකයන් සම්බන්දව වහා පියවර ගන්නැයි ඔවුන් ජනපතිවරයාට බල කළහ.

ඔබට 5 කට හෝ 10 දෙනෙකුට නැත්නම් 20කට උදවු කළ හැකියි නමුත් 10000ක් ….. ඉක්වදෝරයේ ජනතාව ගේ මැසිවිල්ල එයයි.

තම රටට ආ වෙනිසිය්‍රලාවු ජාතිකයන් සිය වස්තූන් කොල්ලා කන්නට පටන් ගෙන ඇති බවද ඔවුන් පවසයි.

වෙනිසියුලාව තුල අද පවතින සමාජ ආර්ථික අර්බුධය නිර්මාණය වන්නේ 2010 වසරේදි එවකට ජනපති හියුගෝ චාවේස් ගේ යුගයේදීය .්‍ඒ බොලිවාරියන් විප්ලවයත් සමග ඇති වූ ආර්ථික සංග්‍රාමයද සමඟිනි. මෙම තත්ත්වය තවත් උග්‍ර අතට හැරොන්නට ගත්තේ 2013 වසරේ නිකොලස් මාධරෝ ගේ පාලනය ආරම්භ විමත් සමගිනි. ඇමරිකාවේ ප්‍රධාන තෙල් සපයන්නා වූ වොනිසුයිලාවේ ඉන්දන සඳහා මිල සිග්‍රයෙන් අවම වෙමාන් පැවවතිමත් සමග එරට මුදල් ඒකකය ඩොලරයට සජපේක්සව සීග්‍රයෙන් පහත වැටෙන්නට පටන් ගත්තේය. මෙම පසුබමිත් සමග එරට ආර්ථිකය   වාර්ෂිකව 20%ක කඩා වැටීමක් පෙන්වයි. මේත් සමග නවතම සමික්ෂණ වාර්ථා පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් පෝෂණයක් නොලැබිම හේතුවෙන් එරට ජනතාවගෙන් සියයට 75 දෙනෙකුගේ බර අඩුම තරමේ කිලෝ ග්‍රැම් 8.7කින් අඩු වී ඇති බවයි. එමෙන්ම වෙනිසියුලානු ජනගහණයෙන් 90%ක මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළේ. මෙම තත්ත්වය වෙනිසියුලාව ලෝකයේ අපරාධ වැඩිම රටවලින් එකක් බවටද පත්ව ඇත. එමෙන්ම එහි වාර්ෂික මනුෂ්‍ය ඝාතන අනුපාතය 100000කය 90 දෙනෙක් වෙයි.

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

3 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

4 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

5 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

5 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

6 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

11 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago