විවිධාකාරයේ පුවත් මවමින් සිටින පිලපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ Rodrigo Duterte පසුගිය දා දෙවියන් වහන්සේ හැඳින්වීමට stupid අඥනයා යන වචනය භාවිතා කර ඇත. කතෝලිකයන් වැඩි පිරිසක් ජීවත් වන පිලපීනයේ ජනපති වරයා මෙසේ දෙවියන් ආමන්ත්‍රණය කිරීම මේ වන විට බොහෝමයක් පිරිසකගේ උදහසට හේතු වී ඇත.
රූපවාහිනියට කරන ලද කථාවකදී බයිබලයේ සඳහන් කථාවක් වන ආදම් සහ ඒව පිළිබඳ වෘතාන්තය සහ කිතුණු දහම පිළිබඳ අදහස් දක්වමින් ඔහු ”කවුද මේ අඥාන දෙවියා ” “Who is this stupid God? යනුවෙන් අසන ලදී..
වැඩි දුරටත් ඔහු පැවසුවේ කිතුණු ධර්මයේ කියැවෙන් ආදම් සහ ඒවගේ වැරදි ක්‍රියාව හේතුවෙන් සියළු මනුෂ්‍යයන් දූෂිත වී ඇති බවයි. ඔබ තවමත් ඉපැදී නැතත් දැනටමත් ඔබ හමුවේ ප්‍රකෘති පාපය ඇතැයි ලෙසද පැවසූ ඔහු කතෝලික තහම ප්‍රතික්ෂේප කලේ ”මේ කුමන අයුරේ දහමක්ද ? මට එය පිළිගත නොහැකියි ” “What kind of religion is that? I can’t accept it.” පවසමිනි.
මින් පෙරද පොදු ජනයා ඉදිරියේ සහාසික ප්‍රකාශ නිකුත් කිරීම මෙන්ම කාන්තාවන්ට එරෙහි ඔහුගේ ප්‍රකාශයන්ද ඔහු පිලිබඳ දැඩි චෝදනා එල්ලවීමට හෙතු විය
පිලිපීනයේදී ඔස්ට්‍රේලියානු ජාතික මිෂනාරි සේවිකාවක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2016 වසරේදී ඔහුගේ ප්‍රකාශය වූයේ , තමන් පුරපති කම් කළ නගරයේදී එය සිදුවූවා නම් දූෂකයන්ගේ පෝලිමේ මුලින්ම සිටින්නේ තමන් බවයි. පසුගිය වසරේ මැයි මාසයේදී ද ඔහු එවැනිම ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කළේය. එහිදී සොල්දාදුවන් පිරිසක් අමතමින් ඔහු කීවේ, එක සොල්දාදුවෙකුට ගැහැනු 3 දෙනෙකු බැගින් දූෂණය කළ හැකි බවයි. පසු ගිය ජූනි මාසයේදී ඔහු දකුණු කොරියාවේදී ප්‍රසිද්ධියේ කාන්තාවක සිප ගත්තේය.
එමෙන්ම මින් පෙර ඔහු විසින් පාප් වහන්සේව අශිෂ්ඨ වචන භාවිත කරමින් විවේචනය කරන ලදී.
මෙවර ඔහුගේ ගොදුර වී ඇත්තේ දෙවියන්වහන්සේය.මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුගේ නිළධාරියෙකු පවසා ඇත්තේ ජනපතිවරයා සිය පෞද්ගලික විශ්වාසය එසේ ප්‍රකාශ කර ඇති බවයි.
මින් පෙර ඔහුගේ ප්‍රකාශයන් කෙසේ වෙතත් 90% ආසන්න බහුතරයක් කිතුනුවන් සිටින පිලපීනයේ දෙවියන් වහන්සේව මෙසේ හැඳින්වීම ඔහු නොසිතූ ප්‍රතිපල උදා කරනු ඇත.
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…