එසැණ පුවත්

ඉම්රාන් ඛාන් අගමැති කාර්ය මණ්ඩලයේ 524, 2ට බස්සයි.

පාකිස්ථානයේ නව අගමැති ලෙස දිවුරුම් දුන් ඉම්රාන් ඛාන් (Imran Khan), ජාතිය අමතා සිය මංගල කතාව පැවැත්වීය. ඉරිදා (19) පාකිස්ථාන වේලාවෙන් රාත්‍රී 9.30ට රූපවාහිනිය ඔස්සේ විකාශය වූ එය, ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථානය පිළිබඳ අනාගත සැලසුම් හෙළි කර සිටියි.

විචාරකයන්ට අනුව, මෙය ආසියාවේ දේශපාලන නායකයෙකු, ‘පොඩි මිනිසා‘ වෙනුවෙන් මේ තාක් කාලයකට ඉදිරිපත් කර ඇති හොඳම සැලසුම වේ.

පුරා වසර 22ක දේශපාලන අරගලය තුළ තමන් සමග නොසැළී නැගී සිටි මිනිසුන් වෙත ඔහු සිය කතාවේදී මුලින්ම ස්තූතිය පුද කළේය. තමන් දේශපාලනයට පිවිසියේ රැකියාවක් හෝ වෘත්තියක් වශයෙන් නොව පාකිස්ථානයේ පියා වන මොහොමඩ් අලි ජින්නා සහ අලාමා මොහොමඩ් ඉක්බාල් යන අයගේ දැක්ම අනුව පාකිස්ථානයට උදව් කිරීමට බව ද ඉම්රාන් ඛාන් කියා සිටියේය.

පාකිස්ථානයේ ණය කන්දරාව

පාකිස්ථානය මුහුණ දී සිටින ණය අර්බුදය අගමැති ඉම්රාන් ඛාන්ගේ විශේෂ සැලකිල්ලට ලක් විය. ‘‘ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි පාකිස්ථානය දැන් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටිනවා“ යැයි ඔහු පැවසුවේය. ‘‘අපේ ණය බර මේ වන විට ට්‍රිලියන 28 ක්. ගතවූ දස වසර තරම් ඉතිහාසයේ කිසිම දිනෙක අප මෙතරම් ණය වී නැහැ.“

‘‘පොලිය ගෙවීම සඳහාත් ණය ගැනීමට සිදුව තිබෙනවා“ යැයි ද ඉම්රාන් ඛාන් එහිදී අවධාරණය කළේය.

පාකිස්ථානයේ මානව සංවර්ධනය පිළිබඳ ජගත් සංවිධානයේ වාර්තාව ද අගමැති ඉම්රාන් ඛාන් උපුටා දැක්වීය. ‘‘අප අවසානාවන්ත පරිදි ලෝකයේ ළදරු මරණ ඉහළම රටවල් 5 අතරින් එකක්. එයට හේතුව වී තිබෙන්නේ අපට පිරිසිදු ජලය ලබාගත හැකි ක්‍රම නොමැති වීමයි. ඒ වගේම ගර්භනී කාන්තාවන් අතර ඉහළම මාතෘ මරණ අනුපාතිකය වාර්තා වන්නේත් පාකිස්ථානයෙන් යැයි ඉම්රාන් ඛාන් පැවසුවේය.

ළමා මන්දපෝෂණය

අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ, තමන් වසර ගණනාවක් මුළුල්ලේ දරුවන්ගේ මන්ද පෝෂණය පිළිබඳ කතා කළත් කිසිවෙකු එය බරපතළ අන්දමින් සැලකිල්ලට නොගත් බවයි. ‘‘අපි කතා කරන්නෙ මේ රටේ දරුවන්ගෙන් 45%ක ප්‍රතිශතයක් ගැන. ඔවුන්ට නිසි පෝෂණයක් නැහැ. ඔවුන් නිසි ලෙස සංවර්ධනය වන්නේ නැහැ..“

දුප්පත් පොහොසත් භේදය

‘‘මේ රටේ දුප්පතුන් සහ පොහොසතුන් ජීවත් වන්නේ කොහොමද කියා මට කතා කරන්න උවමනායි.‘‘ ඔහු පැවසුවේය. ‘‘අගමැතිට සේවකයො 524 යි, කාර් 80 යි. අගමැතිට වෙඩි නොවදින කාර් 33 කුත් තියෙනවා. අගමැතිට ඇමරිකාවට යන්න හෙලිකොප්ටරයි ගුවන් යානායි තිබෙනවා. අපිට අති දැවැන්ත බංගලා තියෙනවා. හැම සැප පහසුකමක්ම තිබෙන.

‘‘එක පැත්තකින් අපිට අපේ මිනිස්සු වෙනුවෙන් වියදම් කරන්න සල්ලි නැහැ. අනෙක් පැත්තෙන්, අපේ යටත්විජිත ස්වාමියො වගේ ජීවත් වෙන්න හුරු වෙලා ඉන්න පිරිසක් අපිට ඉන්නවා.“ ඔහු පැසුවේය. එනිසා ධනවතුන් සහ වරප්‍රසාද ලාභීන් සිය වගකීම් ගැන නැවත තක්සේරුවක යෙදිය යුතු බව ඉම්රාන් ඛාන් පැවසුවේය. ‘‘දිනකට දෙවතාවක් කෑම කන්න බැරි අය ගැනත් හිතන්න අපි පුරුදු වෙන්න ඕනෙ. මිලියන 25 ක දරුවන් පාසලෙන් අස් වුණාට පස්සෙ මොකද කරන්නෙ කියල අපි අහන්න ඕනෙ. අපේ ජනගහනයට මොකද වෙන්නෙ කියල අපි අහන්න ඕනෙ. දේශගුණික වෙනස්කම් ගැන අපි අවධානය යොමු කරන්න ඕනෙ.“

පංචවිධ න්‍යාය පත්‍රයක්

අගමැති ඉම්රාන් ඛාන් ප්‍රධාන කරුණු 5 කින් සමන්විත න්‍යාය පත්‍රයක් රටට මේ සමගම හඳුන්වා දුන්නේය.

‘‘පළමු දෙය වන්නේ නීතියේ ආධිපත්‍යයයි‘‘ යැයි ඔහු පැවසුවේය. ‘‘නීතිය හැමටම සමාන විය යුතුයි.“

‘‘දෙවැනි කාරණය සකාත්. මොකක්ද සකාත් කියන්නෙ? සකාත් කියන්නෙ ප්‍රගතිගාමී බදුක්‍රමයක්. ධනවතුන් දුප්පතුන් ට උපකාර කරනු පිණිස වැඩියෙන් බදු ගෙවිය යුතුයි. මෙය ස්කැන්ඩිනේවියානු රටවල සිදුවෙනවා. හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ අධ්‍යාපනයක් සහ සැමට යුක්තිය. ආබාධිත වූවන්, අනාථයන් සහ වැන්දඹුවන්ට එයින් යහපතක් සිදු වෙනවා.“

‘‘තුන්වැනි කාරණය සානුකම්පිත බව. බටහිර රටවල මිනිසුන්, සතුන්ව පවා හොඳින් රැක බලා ගන්නවා. සත්තුන්ටත් ගෙවල් තියෙනවා. ඒ රටවල සත්තු, මෙහෙ මිනිසුන්ට වඩා හොඳින් ජීවත් වෙනවා. අප මේ පාඩම් ඉගෙන ගත යුතුයි.“

‘‘සිව්වැනි කාරණය විපාක ලැබීම. පාලකයන් සිය වගකීම්වලට අවංක විය යුතුයි. ඔවුන් සත්‍යවාදී විය යුතුයි. බැඳියාවන් අතර ගැටුම් ඇති කර නොගෙන ඔවුන් කටයුතු කළ යුතුයි. බටහිර රටවල මෙම නීති තිබෙනවා. නමුත් අපේ රටේ පාලකයන් බලයේ සිටියදී අසාමාන්‍ය ලෙස ධනවත් වන හැටි ඔබට පෙනෙනවා.“ යැයි අගමැති ඉම්රාන් ඛාන් පැවසීය.

‘‘පස්වැන්න අධ්‍යාපනයයි. ශුද්ධ වූ මහම්මුද්තුමා බාදර් හි සටනෙන් පසු තමන්ගේ ජනතාවට අධ්‍යාපනය ලබාගන්නා ලෙස පැවසුවා. නමුත් අද අප දිහා බලන්න. අපි එතුමාගේ උපදෙස් පිළිනොගත් නිසා අපට යන එන මං නැති වෙලා“

මේ ඉලක්කවලට යාම සඳහා සිය ක්‍රියා පිළිවෙත ද ඔහු හෙළිදරව් කළේය.

වියදම් කපා හැරීම සඳහා

‘‘අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩලයේ 524 දෙනාගෙන් මම තබාගන්නේ 2 ක් පමණයි. හමුදා ලේකම්ගේ නිවාසය විදිහට පැවති මහල් තුනේ නිවසේ මා නතර වනවා. මගේ ජීවිතය අනතුරේ යැයි බුද්ධි අංශ පවසන නිසා මම මෝටර් රථ දෙකක් තබාගන්නවා.

‘‘අපි සියලුම වෙඩි නොවදින කාර් වෙන්දේසි කරනවා“ යැයි ඉම්රාන් ඛාන් ප්‍රතිඥා දුන්නේය. ‘‘ඒවා පැමිණ මිලදී ගන්න කියා මම ව්‍යාපාරිකයන්ට ආරාධනා කරනවා. ඒවා විකිණීමෙන් ලැබෙන මුදල් අපි රාජ්‍ය භාණ්ඩාගාරයේ තැන්පත් කරනවා.“

‘‘සියලුම ආණ්ඩුකාර නිවාස හැකි කාත් සරල ලෙස තබාගන්නට මම උත්සාහ කරනවා.“ යැයි ද ඔහු පැවසුවේය.

ඉම්රාන් ඛාන් සැලසුම් කරන්නේ අගමැති නිවස විශ්ව විද්‍යාලයක් බවට පත් කරන්නට ය. එය එවැන්නක් සඳහා කදිම ස්ථානයක් බව ඔහු කීවේය.

රට පුරා වියදම් කපා හැරීමේ ක්‍රම සොයාබැලීම සඳහා විශේෂ කමිටුවක් ද ඔහු විසින් පත් කිරීමට නියමිත ය.

ඉම්රාන් ඛාන් දිගින් දිගටම අවධාරණය කළේ දුප්පතුන් ව ධනවතුන් විසින් රැක බලා ගත යුතුය යන කාරණයයි. කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථිකයේ කොඳු නාරටිය බව කී ඔහු, පිටරට තිබෙන පාකිස්ථාන මුදල් නැවත සිය රට ගෙන්වා ගැනීම සඳහාම කැපවුණු අගමැති ලේකම්වරයෙක් පත් කරන බව ද පැවසුවේය.

ගොඩ ගැසී ඇති නඩු වසරකින් අසා නිම කිරීමේ උත්සාහයක්

මීළගට අධිකරණ පද්ධතිය වෙත සිය අවධානය යොමු වන බව ඉම්රාන් ඛාන් පැවසීය. ගොඩ ගැසී ඇති දැවැන්ත නඩු තොගය සම්බන්ධයෙන් කළ යුතු දේ අගවිනිසුරුවරයා සමග සාකච්ඡා කරන බව පැවසූ ඔහු, නඩුවක් වසරක කාලයකින් අසා නිම කිරීම වෙත සිය අවධානය යොමු වන බව පැවසීය.

ඉම්රාන් ඛාන්ගේ මැතිවරණ පොරොන්දුවල ප්‍රබලතම සාධකයක් වූයේ කාන්තාවන් සවිබල ගැන්වීම ය. ඔහු දේපළ ආරාවුල් සම්බන්ධයෙන් සිය උපකාරය පතා පැමිණි වැන්දඹුන් පිළිබඳ මෙම සමාරම්භක කතාවේදී ද වැඩි සැලකිල්ලක් ලබාදුන්නේ මෙසේ ය. ‘‘අගවිනිසුරුවරයාගෙන් මට විශේෂ ඉල්ලීමක් කරන්නට අවශ්‍යයි. මගේ උදව් පතා පැමිණි කාන්තාවන් කිහිප දෙනෙක් සිටිනවා. ඔවුන් දේපළ ආරාවුල් වලින් හොඳටම අසරණ වෙලා. අගවිනිසුරුතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. අඩුම ගණනේ වැන්දඹුවන් සම්බන්ධයෙන්වත් මෙවැනි නඩු හැකි ඉක්මනින් අවසන් කර දෙන්න.“

තරුණයන්ට පොලී රහිත ණය

තරුණයන් ට රැකියා දිය යුතු බවත්, විශාල නිවාස ව්‍යාපෘතියක් ඔවුන් වෙනුවෙන් ආරම්භ කරන බවත් ඉම්රාන් ඛාන් පැවසුවේය. එසේම පොලී රහිත ණය ලබාදීම මගින් තරුණයන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට ද ඉම්රාන් ඛාන් සැලසුම් කරයි.

යම් හෙයකින් ඉම්රාන් ඛාන් මේ දේවල් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට සමත් වුවහොත්, ආසියාවේ මීළඟ ආශ්චර්යය බවට පත්වනු ඇත්තේ පාකිස්ථානයයි.

ඉම්රාන් ඛාන් පිළිබඳ පෙර ලිපි 

Share

Recent Posts

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 hour ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

10 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

10 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago