එංගලන්තයේ විල්ෂයර් ප්‍රදේශයේදී තවත් රුසියානු රහස් ඔත්තුකරුවන් යුවළක්, පසුගිය මාර්තු මාසයේ සර්ජි ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණිය යුලියා ගොදුරු වූ අන්දමින්ම නොවිචොක් ස්නායු විෂ ප්‍රහාරයකට ගොදුරු වී ඇති බව හෙළි වේ.
45 හැවිරිදි චාලි රොව්ලි සහ 44 හැවිරිදි ඩාන් ස්ටෘෘග්‍රෙස් සිහිසුන් ව සිටියදී සොයා ගැනුණේ ඇම්ස්බරි හි පිහිටා ඇති නිවසකදී ය. ඔවුන්ගේ තත්වය බරපතළ බව ද වාර්තා වේ. මුලින් ඩාන් ස්ටෘෘග්‍රෙස් සිහිසුන් වී ඇති අතර, ඇය රෝගී වූ ආකාරයටම සවස් භාගය වන විට චාලි රොව්ලිගේ ද සෞඛ්‍ය තත්වය පිරිහුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මුලින් විශ්වාස කෙරුණේ මෙම යුවළ හෙරොයින් හෝ විෂ සහිත මත්ද්‍රව්‍යයක් නිසා මෙම තත්වයට ගොදුරු වූ බවයි. නමුත් ඔවුන්ගේ රෝග ලක්ෂණ එයට වඩා වෙනස් බව පසුව පැහැදිලි විය.
කෙසේ නමුත් නොවිචොක් ප්‍රහාරය යැයි සැකකෙරෙන ස්නායු අඩපණ කාරකයට ඔවුන් ගොදුරු වූයේ කෙසේදැයි තවම නිශ්චිත වශයෙන් දැනගන්නට ලැබී නැත. පොලිසිය පවසන්නේ තමන් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කරන බවයි.
සර්ජි ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණිය යුලියා රෝගී වූයේ, එනම් ඔවුන් නොවිචොක් ප්‍රහාරයට ගොදුරු වී තිබුණේ සැලිස්බරි හිදී ය. සැලිස්බරි සහ, නව සිදුවීම වාර්තා වන විල්ෂයර් හි ඇම්ස්බරි පිහිටා තිබෙන්නේ එකිනෙකට කිලෝමීටර කිහිපයක් නුදුරිනි. එනම් සැතපුම් 8 ක දුරකි. එසේම රොව්ලි සහ ඩාන් යුවළ මෑතකදී සැලිස්බරි වෙත ගොස් ඇති බව ද සොයාගෙන තිබේ.
අසාධ්‍ය තත්වයෙන් මෙම යුවළ ප්‍රතිකාර ලබමින් සිටින්නේ ද සැලිස්බරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය.
මේ වන විට මෙම ප්‍රෙද්ශ දෙකෙහිම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය යොදවා තිබේ. එසේම ඇතැම් ෆාමසි අද දිනයේ වසා දමා තිබෙන ආකාරය ද දක්නට ලැබේ.
මාර්තු මාසයේ නොවිචොක් ප්‍රහාරය සඳහා පිළියෙළ කළ රසායනික අමුද්‍රව්‍ය සැලිස්බරි හෝ ඒ අවට ප්‍රෙද්ශවල තවමත් ඉතිරි වී තිබිය හැකි බවටත් සැක පළ වී තිබේ.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…