පෞද්ගලික පරිහරණය සඳහා කංසා වැවීම නිත්‍යානුකූල බවත් විනිශ්චයෙහි සඳහන් වේ.
නියෝජ්‍ය අග්‍රා විනිශ්චයකාර රේමන්ඩ් සොන්ඩෝ සිය විනිශ්චයේ සඳහන් කර තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයකු කංසා භාවිත කිරීම හෝ තමන්ගේ පරිහරණය සඳහා ළඟ තබා ගැනීම හෝ තවදුරටත් අපරාධ වරදක් ලෙස නොසලකන බවයි. එසේ වුවත් පොදු ස්ථානවලදී කංසා භාවිතය, විකිණීම සහ සැපයුම තවදුරටත් නිත්‍යානුකූල නොවන බව තීන්දුවෙහි සඳහන් වේ. පුද්ගලයකුට සිය පෞද්ගලික ස්ථානයකදී ළඟ තබාගත හැකි හෝ වැවිය හැකි හෝ කංසා ප්‍රමාණය කෙතෙක්ද යන්න ගැන අධිකරණය තීන්දුවේ කිසිවක් සඳහන් නොවේ. එය පාර්ලිමේන්තුවෙන් තීරණය කළයුතු බව අධිකරණය පෙන්වා දී ඇත.
මාස 24ක කාලයක් තුළදී මෙම විනිශ්චය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නීතිගත කර ක්‍රියාත්මක වනු ඇති බවට මත පළ වේ.
දකුණු අප්‍රිකා ව්‍යවස්ථාව මඟින් පුද්ගල නිදහස දැඩි සේ ආරක්ෂා කෙරේ. දකුණු අප්‍රිකා රජය කංසා සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත හේතුවෙන් පුද්ගල නිදහසට බාධා පැමිණෙන බවට මතයක් ඇති වී තිබේ. එනිසා රජය කංසා සම්බන්ධයෙන් දරණ මතය අභිබවායමින් මේ තීන්දුව ලබා දී ඇති බව ලෝක මාධ්‍ය සේවාවන් පෙන්වා දෙයි.
කංසා ආදිය පුද්ගල සෞඛ්‍යයට හානිදායක බව දකුණු අප්‍රිකා රජය තදින්ම පෙන්වා දෙයි. මේ නිසා මෙම නීතිගත කිරීම සම්බන්ධයෙන් එරට රජය තුළ ඇත්තේ බලවත් විරෝධයකි.
අධිකරණය ලබාදුන් උක්ත තීන්දුව සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන දකුණු අප්‍රිකා කංසා සංවර්ධන කවුන්සිලය පවසන්නේ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමට වැරදිකරුවන් වන අයගෙන් අයකරන දඩ මුදලත් අඩු කළ යුතු බවකි.
නව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම කංසා භාවිතයට ගන්නන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරියෝ උද්දාමයට පත්ව සිටිති. එවැනි ව්‍යාපාරයක නායකයකු වන ජෙරමි ඇක්ටන් පවසන්නේ මරිජුවානා ආදිය පොදු ස්ථානවලට රැගෙන ඒමට පවා නීතියෙන් අවසරය හිමිවිය යුතු බවකි.
කංසා භාවිතය නීතිගත ගත කළ පළමු අප්‍රිකා රාජ්‍යය දකුණු අප්‍රිකාව නොවේ. පසුගිය අප්‍රේල් මාසයේදී සිම්බාබ්වේ රාජ්‍යයත් මෙවැනිම නීතියක් සම්මත කර ගත්තේය. වෛද්‍යමය අවශ්‍යතා සඳහා මරිජුවානා භාවිතයට ගැනීම ලෙසොතෝ රාජ්‍යය නීතිගත කළේ එයටත් පළමුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…