බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ත ජාතික පක්ෂය (SNP) හා කම්කරු පක්ෂය (Labour Party) ඇතුළු විරුද්ධ පක්ෂ එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සාකච්ඡාවේ යෙදෙන බවට වාර්තා වෙයි.
එළඹෙන සතිය තුළදී මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුමකට ඉදිරිපත් කිරීමට නියමිත බවට පසුගිය සිකුරාදා (27) දින ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර තිබේ.
SNP ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කරන්නේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ගැනීමට සහය පළ කිරීමට ස්කොට්ලන්ත නීති සම්පාදකයින් සූදානම් බවයි. බ්‍රෙක්සිට් ගැටළුව හමුවේ පවතින එකම විසඳුම එය බවට ඔවුහු පෙන්වා දෙති.
එළඹෙන ඔක්තෝබර් මස 31 වන දින බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය. මේ වන විට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තෙවරක් එරට පාර්ලිමේන්තුව හමුවේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීම පිළිබඳ නව ගිවිසුමක් සම්මත කර ගැනීමට ගත් වෙර අසාර්ථක වී ඇති අතර, මේ පිළිබඳ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුකිරීම වැළැක්වීම සඳහා අසාමාන්‍ය ලෙස පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම තුළින් ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වයත් සමඟ, එරට ශ්‍රේෂ්ඨාධිකරණය පවා ඒකමතිකව තීන්දු කළේ අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කර ඇති අයුරු නීතිවිරෝධී බව ය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ යුරෝපා සංගමය ද මේ වන විට අනතුරු අඟවා ඇති අතර, මෙහිදී අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ ක්‍රියා කලාපය බොහෝ පාර්ශව වල අප්‍රසාදය ට ලක්වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…