එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාසවලට විරෝධය පළ කිරීම වෙනුවෙන් උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදට බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කර ඇති බව දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් තහවුරු කර තිබේ.
මෙලෙස බැලස්ටික් මිසයිල දියත් කිරීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා උල්ලංඝණය කිරීමක් ලෙස හෙළා දුටු දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් සිය අභ්‍යාස දිගටම කරගෙන යන බවට ප්‍රකාශ කර ඇත. දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන USS Nimitz එහි ගමන් කරන ප්‍රහාරක කණ්ඩායමේ සමඟ අපේක්ෂිත හමුදා අභ්‍යාස දිගටම සිදු කරන බවයි.
උතුරු කොරියාව විසින් මෙම යුධ අභ්‍යාස කලාපීය ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවත්, මෙය ආක්‍රමණයක් සහ වාඩිලාගැනීමක් සඳහා පෙරහුරුවක් බව පවසමින්, මෙම අභ්‍යාස නවතා දමන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පවා ඉල්ලා සිටි මුත් වොෂින්ටනය සහ සෝල් පවසන්නේ ඒවා ස්වභාවයෙන්ම ආරක්ෂක බවයි.
මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරමින් ජපානය ප්‍රකාශ කර තිබුණේ මෙලෙස හිතුමතේ මිසයිල දියත් කිරීම ජපානයේ, කලාපයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ ආරක්ෂාවට සහ සාමයට තර්ජනයක් වන බවයි.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…