උතුරු කොරියාව විසින්, අද(18)අලුයම කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කර ඇති බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී හා ජපාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
වයඹදිග ටොංචැං-රි ප්‍රදේශයෙන් දියත් කිරීම් සිදුව ඇති අතර මිසයිල කිලෝමීටර් 550 (සැතපුම් 342) ක උන්නතාංශයකට පියාසර කර තිබේ. මිසයිලවලින් හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැති මුත්, ජපානයේ උප ආරක්ෂක අමාත්‍ය ටොෂිරෝ ඉනෝ පැවසුවේ මිසයිල රටේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් (EEZ) පිටත පතිත වී ඇති බවයි.
උතුරු කොරියානු මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කර තිබුණේ අධි තෙරපුම් ඝන ඉන්ධන මෝටරයක් යොදා නවතම මිසයිල දියත්කිරීම සිදුකළ බවයි. මිසයිල එන්ජිම අත්හදා බැලීම උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් අධීක්‍ෂණය කරන ලද අතර, එය රොකට් එන්ජින් සහ අභ්‍යවකාශ දියත් කිරීමේ, වාහන ඇතුළු මිසයිල තාක්ෂණයන් අත්හදා බැලීමට භාවිතා ටොංචැං-රි හි භූමියේ සිට සිදු කළ බව උතුරු කොරියානු රජය වාර්තා කර තිබේ.
මෑත මාසවලදී, උතුරු කොරියාව න්‍යෂ්ටික හැකියාව ඇති බැලස්ටික් මිසයිල මාලාවක් අත්හදා බලනු ලැබූ අතර උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාව පිළිබඳ රහසිගත තත්වයක් පවතියි. කෙසේ නමුත් මේ පිළිබඳව පෙන්ටගනය විසින් අනතුරු අඟවා තිබුණේ න්‍යෂ්ටික අවි භාවිතය උතුරු කොරියානු පාලනයේ අවසානයට හේතු වනු ඇති බවයි.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…