නව කොරෝනා වෛරසය වැළදුන රෝගීන් මේ වන විට චීනයට බාහිර රාජ්‍යයන් කිහිපයකදීම වාර්ථා වෙමින් පවතී. අද දිනය වන විට ලෝකය පුරා වාර්ථා වී තිබෙන රෝගීන් සංඛ්‍යාව 1321ක්.ඒ අතරින් මේ වන විට චීනයේ දී පමණක් මිය ගිය රෝගීන් සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් ඇත.
අල් ජසීරා පුවත් සේවයට අනුව ලොව පුරා කොරොන වෛරසය ආසාදනය වූ රෝගීන් අතරින් ජපානයේ රෝගීන් (2)ක් , තායිලන්තයේ රෝගීන් (5)ක්, දකුණු කොරියාවේ රෝගීන් (2)ක්, එක්සත් ජනපදයේ රෝගීන් (2)ක්, ඕස්ට්‍රේලියාවේ (1)ක්, ප්‍රංශය (3) දෙනෙකු , මැලේසියාවේ (3) ක්, සිංගප්පූරුවේ (3) දෙනෙක් , නේපාලයේ (1) රෝගියෙක් සහ වියට්නාමයේ රෝගීන් (2) ක් ලෙස වාර්ථා වේ.
මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යත්ම චීන ජාතික සෞඛ්‍ය කොමිසම අද සෙනසුරාදා නිවේදනය කළේ රට තුළ දුම්රිය, ගුවන් යානා සහ බස් රථවල මාරාන්තික වෛරසය ඇති බවට සැක කෙරෙන රෝගීන් හඳුනා ගැනීමට වහා පියවර ගනිමින් සිටික බවයි.
මේ අතර, මෙම මාරාන්තික වෛරසය ආසාදනය පිළිබඳ පළමු සිද්ධිය ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් අද (සෙනසුරාදා) තහවුරු කරන ලදී. මෙල්බර්න් හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය ජෙනී මිකාකොස් පැවසුවේ පසුගිය සතියේ චීනයෙන් ආපසු පැමිණි 50 හැවිරිදි වියේ පසුවන චීන ජාතිකයෙකු හට වයිරසය වැළඳී ඇති බවයි.
පුද්ගලයින් තිදෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බව මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ද අද නිවේදනය කළේය.
ෂින්හුවා ප්රවෘත්ති ඒජන්සිය නේපාලයේ වුහාන් සිට පැමිණි සිසුවෙකු සම්බන්ධව එක් සිදුවීමක් වාර්තා කරන ලදී. ඔහු ජනවාරි 5 වනදා නේපාලයට පැමිණ ජනවාරි 13 වන දින රෝහලට පැමිණ ඇති බව වාර්තා වේ.
ප්‍රංශය පසුගිය සිකුරාදා නිවේදනය කලේ සිය තුන් වන රෝගියාටද වෛරසය වැළඳී ඇති බවයි. එක්සත් ජනපදය සිය දෙවන සිදුවීමද අද වාර්ථා කරන ලදී,
මිලියන 56 ක ජනතාවක් ආවරණය වන පරිදි නගර 18 කට කිසිවෙකුටත් ඇතුළු වීම හෝ පිටවිය නොහැකි ලෙස දැනටමත් නීති පනවා ඇත.මෙම නීතිවලට පොදු ප්‍රවාහන සම්බන්ධතා වසා දැමීම සහ නගරවල මහාමාර්ගවලට පිවිසීම ඇතුළත් බව පළාත් පාලන ආයතන පවසයි.
බලධාරීන් විසින් බීජිං සහ අනෙකුත් චීන නගරවල සෙනසුරාදාට යෙදෙන චන්ද්‍ර අළුත් අවුරුද්ද සනිටුහන් කරන බොහෝ ප්‍රසිද්ධ උත්සව සහ වෙනත් සිදුවීම් අවලංගු කරන අවලංගු කර දැමූ බවද නිවෙදනය කරයි.
කෙසේ වෙතත් මේ වන විට නගරයේ රෝහල් පුරා රෝගය වැළද ඇතැයි සැක කරන පුද්ගලයන්ගෙන් පිරී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වී ඇත.
චීනය පවසන්නේ මෙම තත්ත්වයට මුහුණ දීම සදහා පෙබරවාරි 3 වන දා වන විට නව අංග සම්පූර්ණ රෝහලක් සදා නිම කරන බවයි.
මෙම රෝගී තත්ත්වයේ බරපතල බව මේ වන විටද ගැටළුවක්ව ඇති අතර 2002 -2003 වසරේ චීනය පුරා පැතිර ගිය සාර්ස් වෛරසය තරම් ඉක්මණින් හා අඛණ්ඩව මෙම රෝගයද පැතිර යනු ඇති දැයි යන්න තවමත් පැහැදිලි නැති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…