එදා මෙදා තුර ඉතිහාසයේ ගුවනින් යනු කැමති සෑම දෙනාම පාහේ කැමැත්තක් දැක්වූයේ ගුවන් යානයේ කවුළුවක් අසල අසුනක් ලැබෙනවාටයි.
ඒ ගුවන් ගමන අවසන් වන තෙක් විවිධ අවස්ථාවලදී ගොඩ බිමදී දැකිය නොහැකි තරම් සමීපව වලාකුලු දකින්නටත් උඩු ගුවනේ ආශ්චර්ය දකින්නටත්ය. කවුලුවක් අසල අසුනක් වෙනුවෙන් සටන් කල ගුවන් ගමන් ඉතිහාසය වෙනස් කරමින් සියල්ලන්ටම අහසේ අසිරිය දැකගත හැකි වන අයුරින් කවුලු නොමැති ගුවන් යානා හදුන්වා දෙන්නට හැකි අයුරින් නවතම සොයා ගැනීමක් සිදු කරන්නට බ්‍රිතාන්‍යයේ තාක්ෂණ හා පර්යේෂණ ආයතනය සමත් වී ඇත. ගුවන් ගමන් වල අනාගතය වෙනස් විදියකින් ලියන්නට සූදානමින් සිටින මෙම බි‍්‍රතාන්‍ය තාක්ෂණ හා පර්යේෂණ ආයතනය සැලසුම් කර ඇති පරදි අනාගත සියලු ගුවන් යානා සැබවින්ම කවුලු නොමැති ගුවන් යානා වනු ඇත. ඒ වෙනුවට සමස්ත ගුවන් යානයම OLED Touch screen භාවිතයෙන් අතත්‍ය දසුනක් නිර්මාණය වනු ඇත. ඒත් සමග අනිවාර්යයෙන්ම ගුවන් යානයේ ගමන් කරන මගීන් සියල්ලන්ටම කවුලුවක් ලග අසුනක් හිමිවනු ඇත.
බ්‍රිතාන්‍ය තාක්ෂණ හා පර්යේෂණ ආයතනය පවසන පරිදි මෙහි සියලු වෙනස්කම් තව වසර 10ත් 15ත් අතර කාලය තුල සැබෑ වෙන සිහින වනු ඇත. ගුවන් යානය සමපූර්ණයෙන්ම සැදුම් ලත් මෙම OLED Touch screen ගුවන් යානයෙන් පිටත අවට සියල්ල සජීවීව පටිගත වන ගුවන් යානයේ පිටත සවිකල කැමරා සමග සම්බන්ධ කරනු ඇත. එමගින් ගුවන් යානය අසසේ පියාසර කරන විට අවට සියල්ල ඉතා පැහැදිලිව සජීවීව දැක ගන්නට ගුවන් මගියාට හැකි වේ. අතත්‍ය කවුලු මගින් අවට අහස දකින විට ඔබට එය දරා ගත නොහැකි නම් නැවතත් විනෝදාත්මක අංග සහිත අත්දැකීමක් ලබා දෙනු ඇත.
OLED Touch screen එකක් මගින් සිදු වන්නේ කාබනික ආලෝක ඩයෝඩයක් ලෙස ක‍්‍රියාත්මක වීමයි. මෙම ක‍්‍රමය විද්‍යාත්මක ක‍්‍රමයක් ලෙස දකින්නට හැකි වුවත් මෙම තාක්ෂණය අද වන විට රූපවාහානී ජංගම දුරකථන, පරිගණක මොනිටරයන් තුල භාවිත වේ. සැබවින්ම මෙය විශාල රූපවාහානී තිරයක්ය. ගුවන් යානයේ සියලු පෘෂ්ඨ මෙම තිරයන්ගෙන් නිර්මාණය වී ඇත. එවිට ඕනෑම තැනක සිට තම ගුවන් යානය වඩා අහස
,
, වළාකුළු දෙස බලන්නට ඕනෑම ගුවන් මගියෙතුට හැකි වනු ඇත. ඒ නිසාම තව බෙහෝ ටික කාලයකින් මිනිසුන් ගේ ගුවන් ගමන් අද පවතිනවාට වඩා බෙහෝ සුන්දර විය හැකි වනු ඇති බවට නොඅනු මානය.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…