කොරෝනා වෛරසය පැතිරීම සහ මෙම ගිම්හානයේදී ටෝකියෝ ක්‍රීඩා උළෙලට එය ඇති කළ හැකි බලපෑම පිළිබඳව ඔලිම්පික් සංවිධායකයින් දැඩි ලෙස සැලකිලිමත් වෙමින් සිටින බව වාර්තා වේ.
වෛරසය හේතුවෙන් තෝරාගැනීමේ තරඟ රැසක් සඳහා බලපෑම් එල්ල වී ඇත.
ටෝකියෝ සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ බලාපොරොත්තු වන්නේ වෛරසය හැකි ඉක්මනින් තුරන් වනු ඇති බවයි.
“බෝවන වෛරසය පැතිරීම හේතුවෙන් ඔලිම්පික් උළෙල සඳහා බලපෑම් ඇති වීම පිළිබදව අතිශයින් කනස්සල්ලට පත්ව සිටිමු.” මුටෝ කියා සිටියේය.
චීනයේ වෛරස් රෝගීන් 24,300 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 490 ක් මියගොස් ඇත. එමෙන්ම නිරෝධායන ජපන් නෞකාවක රෝගීන් 10 දෙනෙකු ද සිටින බව තහවුරු වී තිබේ.
චීනයේ ප්‍රධාන භූමියෙන් පිටත පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත – එක් අයෙකු හොංකොං සහ එක් අයෙකු පිලිපීනයේ දී මියගොස් ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙම රෝගය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති නමුත් එය තවමත් “වසංගතයක්” හෝ ලොව පුරා නව රෝගයක් ලෙස ව්‍යාප්ත වී නොමැති බව ප්‍රකාශ කර තිබේ.
අගමැති ෂින්සෝ අබේ ඇතුළු ජපාන රජයේ නිලධාරීන් පවසන්නේ ජූලි 24 වනදා ආරම්භ වන ඔලිම්පික් උළෙලට වන බලපෑම අවම කිරීමට තමන් දැඩි උත්සාහයක් ගන්නා බවයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000 ක් රැඳී සිටින අපේක්ෂිත මලල ක්‍රීඩා ගම්මානයේ නගරාධිපති සබුරෝ කවාබුචි පවසන්නේ “සුමට ඔලිම්පික් උළෙලක්” එනම් කිසිදු බාධාවක් කරදරයක් නොමැති උළෙලක් සඳහා අවස්ථාව ලැබෙනු ඇති තමා බලාපොරොත්තු වන බවයි. “ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ හොඳම දස්කම් දැක්වීමට අවස්ථාව ලබා දීම සඳහා ඔවුන් වෙනුවෙන් හැකි සෑම දෙයක්ම අපි කරනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ලෝක මලල ක්‍රීඩා ගෘහස්ථ ශූරතා, චීන ගෘහස්ථ පාපන්දු සමය සහ හයිනන් දූපතේ ගොල්ෆ් එල්පීජීඒ ඉසව් ඇතුළු චීනයේ ක්‍රීඩා තරඟ ගණනාවක් අවලංගු කර හෝ කල් දමා ඇත.
සමහර රටවල් චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇතුළුවීමේ සීමාවන් ද හඳුන්වා දී ඇතත්, බැඩ්මින්ටන් ලෝක සම්මේලනය බදාදා කියා සිටියේ සිය ගෝලීය ඉසව් සඳහා එසේ නොකරන බවයි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…