කාලීන

IMF ණය ගත්තත් – පාකිස්ථානයත් බංකොළොත් – ලංකාව ගැන කුමන කතා ද?

දැන් පෙනෙන හැටියට පාකිස්ථානය යන්නේ ද ශ්‍රී ලංකාව ගිය පාරේ ය. ඊයේ දිනයේ වාර්තා වූයේ පාකිස්ථානය ද බංකොළාත්භාවය හෙවත් බුන්වත්භාවයේ අද්දර පසුවන බවයි.

පාකිස්ථානය මේ වන විට වාර්තා කරන්නේ ආසියාවේ දෙවැනි වේගවත්ම උද්ධමනයයි. එය 13.7%කි. ඒ අනුව පාකිස්ථානය උද්ධමනය අතින් දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවට පමණි!

පාකිස්ථානය තවමත් ඉතා අසීරුවෙන් සිය විදෙස් ණය පියවමින් සිටියි. එහි ප්‍රතිඵලයක් ලෙසට ශ්‍රී ලංකා මහබැංකුවට සමකාර්ය පාකිස්ථාන රාජ්‍ය බැංකුවේ ඩොලර් සංචිතය ඩොලර් බිලියන 10.308 ක සිට මිලියන 190 දක්වා පහළ බැස ඇත.

ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට පාකිස්ථානයට හැකි වනු ඇත්තේ තව මාස 2 ක් පමණි.

ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උද්ධමනයෙන් බේරීමට මැජික් යෂ්ටිය ලෙස පාවිච්චි කිරීමට සැරසෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF ය. නමුත් පාකිස්ථානයේ නුදුරු අනාගතයේදී උදා වන බංකොළොත්භාවයට IMF ද සෑහෙන ප්‍රමාණයකින් වග කියා ඇති බව අමතක නොකරන්න. ඔවුන් IMF ආධාර ද ගෙවා ගත නොහැකි තත්වයට පත් ව තිබේ. පාකිස්ථානයේ විදේශ ණය වලට සෑහෙන ප්‍රමාණයකින් දායක වී තිබෙන්නේ IMF අරමුදල් ය. සහනදායී මෙන්ම සහනදායී නොවන ණය වශයෙන් පාකිස්ථාන ආර්ථිකයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉතිහාසයේ පටන්ම ණය ලබා දී තිබේ. ඔවුන් විසින් 2019 ජූලි මාසයේදී මාස 39 ක ණය අරමුදල් සහනයක් ලබාගත්තේ (EFF) ඇමරිකානු ඩොලර් බිලියන 6 කට ය. එය වඩාත්ම මෑත කාලීනව IMF විසින් ලබාදුන් ණයයි.

2022 අප්‍රේල් මාසය වන විට පාකිස්ථානයේ ඉරණම ගැන IMF වද‌ වෙමින් සිටි බව පෙනේ. අප්‍රේල් 24 වැනිදා ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මායිලි සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසුව ණය සහනය ගැන තවදුරටත් සලකා බලන බවයි. ඒ අනුව 2022 මැයි මාසයේදී ඔවුන් පාකිස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිත ය.

මෙම සාකච්ඡාවේදී මුදල් අමාත්‍යවරිය කළ ඉල්ලීම් මොනවාද? ඇය ණය නොගෙවා සිටීමේ වසරක සහන කාලයක් ඉල්ලා සිටියාය. තවත් ඩොලර් බිලියන 2 කින් ණය මුදල ප්‍රසාරණය කරන ලෙස ද ඉල්ලා සිටියාය.

තවත් ණය දෙන්නට නම් ඉන්ධන මිලත් වැඩි කළ යුතු බව IMF කියයි!

මේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් IMF විසින් ඉදිරිපත් කළ කොන්දේසි අතරින් ප්‍රධාන කිහිපයක් පහත පරිදි වේ.

1. දැඩි මූල්‍ය සීරුමාරුවලට යා යුතු බව
2. ක්ෂමා ණය ක්‍රමය නතර කළ යුතු බව

3. ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බව

4. බලශක්ති මත අය කරන බදු (විදුලි බිල ඉහළ යනු ඇත) ඉහළ දැමිය යුතු බව

5. බදු වැඩි කළ යුතු බව.

පාකිස්ථානය බංකොළොත් වීම අද්දර සිටින බව ප්‍රකාශ වන්නේ මෙවැනි පසුබිමක් තුළ ය. මෙයින් පෙනී යන්නේ IMF මැජික් කසායේ සැර, අප සිතන තරම්වත් රෝගියාට දරාගත නොහැකි බවයි. IMF ණය ගත් පාකිස්ථානයත් බංකොළොත් වේ නම්, බංකොළොත් ලංකාවට IMF ණය ගැනීමෙන් පසු කුමකින් කුමක් සිදු වේද? ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාම යනාදී අතුරු විපාක රැසක් එයින් උද්ගත වනු ඇත.

යථාර්ථය කටුක ය. එළඹ තිබෙන්නේ තවදුරටත් පටි තද කර ගත යුතු යුගයකි.

Share

Recent Posts

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

41 mins ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

16 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

18 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

18 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

19 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

20 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

1 day ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago