කඩිනමින් මැතිවරණයක් පැවැත්වීම අපේක්ෂාවෙන් නැගෙනහිර ලාහෝර් නගරයේ සිට අගනුවර දක්වා සිය ආධාරකරුවන් සමඟ විරෝධතා පා ගමනක් ආරම්භ කරන බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසා තිබේ.
පාකිස්ථානයේ මැතිවරණ කොමිසම විසින් පසුගිය දා අගමැතිකම අනිසි ලෙස භාවිතා කරමින් විදේශ සංචාරවලදී ලැබුණු සහ පකිස්ථාන රුපියල් මිලියන 140 කට (ඩොලර් 635,000) රාජ්‍ය සන්තකයේ ත්‍යාග මිලදී ගැනීමට සහ විකිණීමට ඇති බවට චෝදනා වලින් ඉම්රාන් ඛාන් වැරදිකරු බවට පත්කර මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර තිබේ.
ඊට විරෝධය පල කරමින් ඔහුගේ ආධාරකරුවන් විසින් වීදි විරෝධතා කිහිපයක් සංවිධානය කර තිබූ අතර හෙට දිනයේ පැවැත්වීමට අපේක්ෂිත පා ගමන ඉතිහාසයේ දිගුම පා ගමන වනු ඇත.
ආණ්ඩුව මේ වන විටත් පෙලපාලිකරුවන්ට ඉස්ලාමාබාද් ඇතුළුවීම තහනම් බව නිවේදනය කර ඇති අතර අගනුවර ආරක්ෂාව වෙනුවෙන් 30,000 පමණ බට හමුදාවක් යොදවා ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ විශ්වාස භංගයකින් ඛාන් ධූරයෙන් පහ කිරීමත් සමඟ ඔහු හදිසි මැතිවරණයක් ඉල්ලා රට පුරා විරෝධතා පවත්වා ඇත. මැතිවරණය නියමිත පරිදි ලබන වසරේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසයේදී පවත්වන බවට මේ වන විටත් රජය පවසා තිබේ.
සශිකලා මධුෂාණී_
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…