රුසියාවේ ගෑස්ප්‍රොම් විසින් Nord Stream 1 ගෑස් නල මාර්ගය වසා දැමීමෙන් ඇති වූ යුරෝපයේ බලශක්ති අර්බුදය හේතුවෙන් ස්වීඩනය “යුධ ශීත සෘතුවක් අපේක්ෂා කරන බව අගමැති මැග්ඩලේනා ඇන්ඩර්සන් නිවේදනය කර තිබේ.
මේ වන විට ස්වීඩනය වසර 30 ක් තුළ එහි ඉහළම උද්ධමනය අත්විඳිමින් සිටින අතර, මහ බැංකුව මේ වසරේ දෙවතාවක් පොලී අනුපාත ඉහළ නංවා ඇත. වසර අවසානයට පෙර අපේක්ෂා කරන තවත් තියුණු වැඩිවීම් සමඟ. බලශක්ති අර්බුදය ඔවුන්ට දැඩිව බලපා ඇත.
රුසියාවේ බලශක්ති යුද්ධය යුරෝපයට සහ ස්වීඩන් කුටුම්භ සහ සමාගම් සඳහා බරපතල ප්‍රතිවිපාක ඇති කර තිබේ. ස්වීඩන් අගමැතිවරිය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙය අපගේ මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක් බවත් ඉක්මනින් ක්‍රියා නොකළහොත් එය නෝර්ඩික්ස් සහ බෝල්ටික් රටවල බරපතල බාධා ඇති කරනු ඇති බවත්ය. ස්වීඩන් මුදල් අමාත්‍ය මයිකල් ඩම්බර්ග් කියා සිටියේ ණය ඇපකර නිකුත් කිරීමට ඉඩ සලසන යෝජනාවක් රජය විසින් ඉදිරිපත් කරන බවත්, රටේ සියලුම පාර්ලිමේන්තු පක්ෂ සහ කථානායකවරයා දැනුවත් කර ඇති බවත්ය. ඒ අනුව ස්වීඩන තීරණය ස්වීඩනයේ පමණක් නොව සමස්ත නෝර්ඩික් කලාපයේම මූල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිත කරනු ඇත.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක ගෑස් නලයේ දෝෂයන් හා රුසියාවේ යටිතල පහසුකම් වලට හානි සිදුවීම් සම්බන්ධයෙන් මොස්කව් දෝෂාරෝපණය කර ඇති නමුත් සමහර යුරෝපීය සංගමයේ නිලධාරීන් රුසියාව බලශක්තිය ආයුධයක් ලෙස භාවිතා කරන බවට චෝදනා කර ඇත.
මෙම මස 11වන දිනට ස්වීඩන් මහ මැතිවරණය පැවැත්වෙන් අතර එහි ඉහළ යන විදුලි බිල, ඉහළ යන පොලී අනුපාත සහ ඇනහිට ඇති ආර්ථික වර්ධනය ආධිපත්‍යය දරයි. මුදල් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙම වසරේ හා ඉදිරි වසරේ ඉහළ යන විදුලි මිල ලිහිල් කිරීමට රජය ඩොලර් බිලියන 8.36 ක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
සශිකලා මධුෂාණී_
සබැඳි ලිපි :01. රුසියාව විසින් යුරෝපයට ගෑස් සපයන ප්‍රධාන නල මාර්ගය Nord Stream 1 වසා දැමේ
02. යුරෝපයට ගෑස් සපයන Nord Stream 1 නල මාර්ගය දින නියමයකින් තොරව වැසේ
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…