එසැණ පුවත්

ජෝ බිඩෙන් ගේ කොරෝනා පොරොන්දුව!

එක්සත් ජනපදයේ එළඹෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් නායකත්වය ගෙන සිටින ජෝ බිඩෙන් වත්මන් කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

ජෝ බිඩෙන් ගේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි කොවිඩ්-19 ඇතුළු අනෙක් සියළු ගෝලීය සෞඛ්‍ය ආපදාමය තත්වයන් මැඬලීම සඳහා සාමූහික වගකීමෙන් යුතුව කටයුතු කිරීමට සැලසුමක් ඉදිරිපත් කර තිබේ.

කොවිඩ්-19 පැතිර යාම නිසා ඇතිවන මහජන සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයට ඇමරිකානු ජනතාව මුහුණ දීම සඳහා ශක්තිමත් ප්‍රතිචාරයක් ලැබිය යුතු බව ජෝ බිඩෙන් සඳහන් කරයි.

ඒ අනුව, වෛද්‍ය පරීක්ෂණ නොමිලේ ලබා ගත හැකි පුළුල් වැඩපිළිවෙලක් සහතික කරන මහජන සෞඛ්‍ය ප්‍රතිචාරයක් තිබිය යුතු බවට හෙතෙම අවධාරණය කරයි.

මෙම වැඩපිළිවෙල තුළ, කොවිඩ්-19 වැළැක්වීමේ ප්‍රතිකාර සඳහා වන සියලු පිරිවැය බාධක ඉවත් කළ යුතු බවත්, එන්නත් වැඩිදියුණු කිරීමේ හා පූර්ණ සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනම් කළ යුතු බවත් බිඩෙන් ගේ මතය වේ.

මෙම වසංගත තත්වයෙන් පීඩා විඳින සියළු දෙනා සඳහා හදිසි වැටුප් සහිත නිවාඩු ලබා දී තීරණාත්මක ආර්ථික ප්‍රතිචාරයක් ස්ථාපිත කළ යුතු බවත්, කම්කරුවන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, හා කුඩා ව්‍යාපාර වලට අවශ්‍ය සියළු උපකාර ලබා දිය යුතු බවත්, ඒ සඳහා තමා වටා ඒකරාශී වන ලෙසත් බිඩෙන් ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

මෙකී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළ කිසිදු අත් වැරැද්දක් සිදු නොකළ යුතු බව පවසන බිඩෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ කොරෝනා වසංගත තත්වයෙන් කඩා වැටී තිබෙන ආර්ථිකය ගොඩනංවා ගැනීම සඳහා ක්ෂණික අභිලාෂකාමී හා ප්‍රගතිශීලී ආර්ථික පියවරයන් අනුගමනය කළ යුතු බවයි.

කළ හැක්කේ කුමක්ද, එය ප්‍රමාදයකින් තොරව සිදු කරන්න..

ජෝ බිඩෙන් එසේ සඳහන් කරයි.

මෙම අභියෝගයට මුහුණ දීම සඳහා අපගේ පවුල්, කුඩා ව්‍යාපාර, හා උදව් කිරීමට ඉදිරිපත් වන සෑම දෙනා රැක ගැනීම අපගේ වගකීමයි.. සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් වලට වඩාත්ම ගොදුරු විය හැකි පුද්ගලයින් හා අනෙත් සියළු ප්‍රජාවන් අප ආරක්ෂා කර ගත යුතුය..

බිඩෙන් ගේ කොරා්නා සැලැස්ම පහත පරිදි වේ.

  • බිඳ වැටුණු විශ්වාසය හා පොදු අරමුණු යථා තත්වයට පත් කිරීම.
  • ජීවිත බේරා ගැනීම, පෙරටුගාමී සේවකයින් ආරක්ෂා කිරීම.
  • කොවිඩ්-19 පැතිරීම අවම කිරීම සඳහා ජාතික හදිසි ප්‍රතිචාරයක් ස්ථාපිත කිරීම.
  • කොවිඩ්-19 වැළැක්වීම සහ රෝගීන් රැකබලා ගැනීම සඳහා වන පිරිවැය බාධක ඉවත් කිරීම.
  • දැඩි ලෙස පීඩාවට පත් කම්කරුවන්, පවුල් සහ කුඩා ව්‍යාපාරවලට සහ ඇමරිකානු ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක ආර්ථික පියවරයන් අනුගමනය කිරීම.
  • අනාගතයට අඩිතාලම දමමින් මෙම අර්බුදයට මුහුණ දීම සඳහා ලෝකය පෙළගැස්වීම.

මෙම සැලසුම් හුදෙක් මානුශීය උතුම් අරමුණු බවට සැක නැත.

එහෙත් ගෝලීය වසංගත තත්වයක් අතර මැතිවරණ උණුසුමක් ද හිස ඔසවා තිබෙන ඇමරිකාවේ මෙම අභිලාෂයන් හුදෙක් මැතිවරණ පොරොන්දු ම පමණක් ද යන්න එරට ජනතාව දෙවරක් සිතා බැලිය යුතුය.

Share

Recent Posts

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

52 mins ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

13 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

17 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

19 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

19 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

19 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

23 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

24 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago