කාලීන

මේ එළඹෙන්නේ අභිමානයේ මාසයයි. ස්ටෝන්වෝල් කැරැල්ල ගැන ආවර්ජනයක්

සෑම වසරකම ජූනි මාසය LGBTIQ ප්‍රජාවට සුවිශේෂී කාලවකවානුවක් වන්නේ ප්‍රයිඩ් (PRIDE) මාසය, නැතහොත් අභිමානයේ මාසය එළඹෙන නිසාවෙනි.

ලොව පුරා LGBTIQ ප්‍රජාව මෙම මාසය සමරනු ලබන්නේ තම ලිංගික දිශානතිය (Sexual Orientation), ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව (Gender Identity) හා ප්‍රකාශනය (Gender Expression) මත කිසිදු අන්දමේ වෙනස්කොට සැලකීමක්, කොන්කොට සැලකීමක්, හිංසනයක් හෝ ප්‍රචණ්ඩත්වයකට ලක්නොවී සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහාය.

ප්‍රයිඩ් මාසයට අර්තකථනයන් රාශියක් ලබා දිය හැකි මුත්, මෙම මාසය සැමරීමේ මූලික හරය වන්නේ ආන්තික ප්‍රජාවන් ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම යි.

LGBTIQ ප්‍රජාවගේ අභිමානය සංකේතවත් කරන දේදුනු වර්ණ ප්‍රයිඩ් මාසය පුරා ලෙල දෙන අතර, ප්‍රයිඩ් මාසයට සමඟාමීව පැවැත්වෙන විවිධ උත්සව, වැඩසටහන්, ප්‍රසංග, පා ගමන් හා වැඩමුළු දේදුණු පැහැයන් ගෙන් ඒකාලෝක වීම සුවිශේෂී වේ.

LGBTIQ ප්‍රජාව සංකේතවත් කරන දේදුනු කොඩිය ලොවට හඳුන්වා දෙන ලද්දේ ගිල්බර්ට් බේකර් නම් කලාකරුවා විසින් 1978 වර්ෂයේදී ය.

බේකර් 2017 මාර්තු මස අභාවප්‍රාප්ත විය.

.

ස්ටෝන්වෝල් කැරැල්ල: ප්‍රයිඩ් මාසයේ පසුබිම් කතාව

ප්‍රයිඩ් මාසය ජූනි මස සැමරීමට සුවිශේෂී වූ හේතුවක් තිබේ. වර්තමානයේ LGBTIQ ප්‍රජාවගේ මානව හිමිකම්, ඔවුන්ගේ අභිමානය පිළිබඳ දැවැන්ත අන්දමින් කතිකාවට තුඩුදුන්න ද, මීට දශක ගණනාවකට පෙර තත්ත්වය බෙහෙවින් වෙනස් බව සිහිපත් කළ යුතුය.

ආගමික හා සංස්කෘතික පදනම් මත, හෝ දේශපාලනික හා පෞද්ගලික හේතුන් මත, LGBTIQ ප්‍රජා මර්දනය බෙහෙවින් ක්‍රියාත්මක වූ කාලවකවානුවක් ලෙස 1990 ට පෙර පැවති කාලසීමාව හැඳින්විය හැකිය.

මේ පිළිබඳ වාර්තාගත සටහන් 60 දශකය හා ඉන්ද අතීතයට දිවෙන අතර, ප්‍රයිඩ් මාසයට පදනම් වූ ප්‍රධානතම සිදුවීම ලෙස ස්ටෝන්වෝල් කැරැල්ල හැඳින්විය හැකිය.

ඒ 1969 වර්ෂයයි. ස්ටෝන්වෝල් කැරැල්ල, නැතහොත් ස්ටෝන්වෝල් විප්ලවය යනුවෙන් හැඳින්වෙන්නේ, ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ, මැන්හැටන් ට යාබද ග්‍රීන්විච් ගම්මානයේ ස්ටෝන්වෝල් නම් නිකේතනයකට පොලිසිය කඩා පැන එල්ල කළ මරු පහරකට එදිරිව LGBTIQ ප්‍රජාව විසින් දියත් කළ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ මාලාවකි.

මෙම පොලිස් මරු ප්‍රහාරය එල්ල වන ලද්දේ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගෙන වන අතර, ඊට එදිරි විරෝධතා ව්‍යාපාරය ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 1969 ජූනි මස 28 වන දිනයි.

සමරිසි විමුක්තියේ (gay liberation) සංකේතාත්මක විරෝධතා ව්‍යාපාරය ලෙස ස්ටෝන්වෝල් කැරැල්ල හැඳින්විය හැකි අතර, එතැන් පටන් වර්තමානය දක්වා ලොව පුරා ක්‍රියාත්මක වන LGBTIQ ප්‍රජා මානව හිමිකම් ව්‍යාපාරයන්ට මූලාරම්භය ලබා දුන්නේ මෙම විප්ලවයයි.

60 දශකයේ පසුබිම

1950 – 1960 කාලවකවානුව තුළ එක්සත් ජනපදයේ සමරිසිභාවය නීතිවිරෝධී ලෙස සැලකිනි.

සමරිසි හිමිකම් ව්‍යාපාරයේ ආරම්භක ක්‍රියාකාරීන් ඇමරිකානු රජයට බලකර සිටියේ සමරිසි ප්‍රජාව, විෂමරිසි ප්‍රජාව මෙන්ම සමාජය තුළ සම පිළිගැනීමකට ලක්විය යුතු බවත්, සීමා-රහිත අධ්‍යාපනය ලැබීමට සමරිසි ප්‍රජාවට ඉඩකඩ ලැබිය යුතු බවත් ය.

60 දශකය අවසාන වන විට විවිධ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර, වියට්නාම් යුධ විරෝධී ව්‍යාපාර, ප්‍රති සංස්කෘතික ව්‍යාපාර ඇතුළු බොහෝ සමාජ හා දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මක වීම ආරම්භ වූ අතර, ග්‍රීන්විච් ගම්මානයේ පැවති ලිබරල් මතධාරී ප්‍රජා ප්‍රවාහය තුළ මෙම ව්‍යාපාරයන් ස්ටෝන්වෝල් කරැල්ල දිරිමත් කිරීමට උර දුන් බවට කියවේ.

1950 – 60 දශකයන් තුළ ඇමරිකාවේ සමරිසි ප්‍රජාව පිළිගැනීමකට ලක්වූයේ ඉතාමත් අල්ප වශයෙනි. LGBTIQ ප්‍රජාව පිළිගත් ස්ථාන අතර, තැබෑරුම් හා නිකේතන ප්‍රමුඛ විය.

සමාජයෙන් තම අනන්‍යතාව සඟවා ගනිමින්, බියෙන් හා සැකයෙන් ජීවත් වීමට සිදුවූ LGBTIQ ප්‍රජාවට සැනසීමකට පැවතියේ මෙම තැබෑරුම් හා නිකේතන පමණි.

මෙම කාලසීමාව තුළ ස්ටෝන්වෝල් නිකේතනය අයත්ව තිබුනේ ඇමරිකානු-ඉතාලි මාෆියා සංවිධානයට ය.

මාෆියා සංවිධානයේ අපරාධ ඉතිහාසය කෙබඳු වූවද, ස්ටෝන්වෝල් නිකේතනය හරහා සමරිසි ප්‍රජාවට අනුග්‍රහය දැක්වූ ඔවුන් එම ප්‍රජාවේ ද වඩාත්ම ආන්තිකරණයට ලක්වන පුද්ගලයන් හට ප්‍රමුඛතාව ලබා දුන් බවට කියවේ.

මෙම ආන්තික පුද්ගලයන් අතර බුච් (සම්ප්‍රදායික කාන්තා ගතිපැවතුම් වලින් තොර) සමරිසි කාන්තාවන්, ලාලිත්‍යමය ගතිපැවතුම් පැවති සමරිසි පිරිමින්, ඩ්‍රැග් විලාසිතාකරුවන්, ලිංගික වෘත්තියේ නියැලෙන පිරිමින්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්, සහ අවතැන් වූ තරුණ පුද්ගලයින් ප්‍රමුඛ විය.

.

LGBTIQ ප්‍රජාවේ නැගිටීම

සමරිසි මත්පැන් හා සමාජ ශාලා වැටලීම 60 දශකයේ ඉතා සුලභ දසුනක් වූවද, පොලීසියට වැඩ වැරදීම සිදුවූයේ ස්ටෝන්වෝල් නිකෙත්නය ට එල්ල කළ ප්‍රහාරයත් සමඟිනි.

මර්දනයේ හිනිපෙත්තට වැටී සිටි LGBTIQ ප්‍රජාව මෙවර අවධි වූයේ ප්‍රචණ්ඩත්වය මුදා හරිමිනි.

ස්ටෝන්වෝල් කැරැල්ල දින ගණනක් එක දිගට ක්‍රියාත්මක විණි.

එම කාලසීමාව තුළ පොලීසිය හා සමරිසි ප්‍රජාවන් එකිනෙක ගැටෙනු ලැබීම නිව්යෝර්ක් නගරයේ සුලභව දක්නට ලැබිණි.

සති ගණනක් තුළ ප්‍රජා කණ්ඩායම් සංවිධානය වූ අතර, ලිබරල්වාදී ග්‍රීන්විච් ගම්මාන‍ය මේ සඳහා පෙරමුණ ලබා දුන්නේය.

ලිංගික දිශානතිය මත පදනම්ව අත්අඩංගුවට පත්වීම හා වධහිංසනයන්ට ලක්වීමට එරෙහි ප්‍රභල හඬක් නැගීමට ඔවුහු සමත් විය.

ස්ටෝන්වෝල් කැරැල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් සයමසකට පමණ පසු නිව්යොර්ක් නගරයේ ප්‍රධාන ප්‍රජා සංවිධාන දෙකක් ස්ථාපිත විය.

එමෙන්ම, ගැටුම් උපක්‍රම කෙරෙහි අවධානය යොමු කරමින් සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා පුවත්පත් තුනක් ආරම්භ කරන ලදී.

ලිංගික දිශානතිය පමණක් නොව, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, වර්ගය, පන්තිය හා පරම්පරාව මත පදනම් වූ වෙනස්කම් ද මේ සමඟ ආමන්ත්‍රණය වීම ඇරඹිනි.

එමඟින් LGBTIQ ව්‍යාපාරය අන්තර්ආංශිකත්වයකට (intersectionality) ලක්වීම සිදුවිණි.

පශ්චාත් ස්ටෝන්වෝල් කාලසීමාව

ඉන්ද වසර කිහිපයක් ගත වන විට LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරය එක්සත් ජනපදය පුරාද, ඉන් ද මත්තට ලොව පුරාද ප්‍රචලිත වීමට පටන් ගැණින.

ඇමරිකාවේ පළමු ප්‍රයිඩ් පාගමන සිදුවූයේ 1970 ජූනි 28 වෙනි දින නිව්යෝර්ක්, ලොස් ඇන්ජලිස් හා සැන් ෆ්‍රැන්සිස්කෝ යන නගර වලය.

ස්ටෝන්වොල් කැරැල්ලේ පළමු සංවත්සරය චිකාගෝ නගරයේ දී පැවැත්විණි.

දශක පහකට පමණ පසු 2016 වර්ෂයේ දී, විප්ලවය ආරම්භ කළ ස්ථානයේ ස්ටෝන්වෝල් ජාතික අනුස්මරණ ස්මාරකය ඉදිකරන ලදී.

අද වන විට LGBTIQ අභිමානය සඳහා ලොව පුරා වාර්ෂිකව ප්‍රයිඩ් මාසය උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Stonewall 50 – World Pride NYC 2019 නම් වැඩසටහන හරහා ස්ටෝන්වෝල් කැරැල්ලේ 50 වන සංවත්සරය සැමරීම සිදුවිණි.

මේ සඳහා මැන්හැටන් නගරයේ නිලධාරීන් හා සිවිල් වැසියන් ඇතුළු පිරිස මිලියන පහක් පමණ සහභාගී වූ බව සඳහන් වේ.

2019 ජුනි 6 වන දින නිව්යෝක් නගරයේ පොලිස් කොමසාරිස් ජේම්ස් පී. ඔනීල් විසින් 1969 දී ස්ටෝන්වෝල් වෙත එල්ල කළ මරු ප්‍රහාරය පිළිබඳව නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සමාව අයැද සිටින ලදී.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

13 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

15 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

16 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

17 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago