Categories: කලා

නොමියෙන රෝස කුසුම – 1 කොටස

අවුට්බවුන්ඩ් ටුඩේ වෙතින් ඔබ වෙත ගෙන එන පළමු චිත්‍රපට කතාව 2013 ගිම්හානයේ තිරගත වූ Diana චිත්‍රපටයේ තිර පිටපත ආශ්‍රෙයන් නිර්මාණය වූවකි. මෙම චිත්‍රපටය, හුදු ප්‍රබන්ධයක් ඉක්මවා යමින් ඩයනා කුමරියගේ අකල් මරණයට අවසන් වසර දෙකක කාලපරිච්ඡේදය තුළ සිදුවූ සිදුවීම් සමුදාය මනා ලෙස පෙළ ගන්වයි. ඇගේ හද දිනූ පාකිස්ථාන වෛද්‍යවරයා මේ කතාවේ කේන්ද්‍රීය චරිතයයි. හස්නාත් ඛාන් නමැති එම කඩවසම් පාකිස්තානුවාගේ චරිතය චිත්‍රපටයේ රගදැක්වූයේ සම්මානනීය නළු නවීන් ඇන්ඩෘෘස් විසිනි. ඩයනා කුමරිය ලෙස නයෝමි වොට්ස් අනර්ඝ සහ මනා හැදෑරීමකින් යුත් රංගනයක නිරත වූවාය.

Diana (2013)


Directed by Oliver Hirschbiegel
Produced by Robert Bernstein,Douglas Rae
Screenplay by Stephen Jeffreys
Based on ‘Diana: Her Last Love’ by Kate Snell
Starring : Naomi Watts, Naveen Andrews
Music by Keefus Ciancia, David Holmes
Cinematography:Rainer Klausmann
Edited by:Hans Funck

පළමු කොටස:

1995 වර්ෂයේ මැද භාගයයි. යන යන තැන ඈ පිරිවරාගත්තෝ රසිකයෝය. ඇගෙන් සමරු සටහනක් ගැනීම සඳහා ඕනෑම දෙයක් කරන්නට ඔවුහු පෙළගැසී උන්හ. ඇගේ රුව ඡායාරූපයට හසුකර ගන්නට පැපරාසියෝ දඟ දැමූහ.

‘‘ස්මයිල් ප්ලීස්’’

ඡායාරූප ශිල්පියෝ ඇගේ අවධානය ලබාගැනීම සඳහා කෑ ගාති. ඈ සිය කාරුණික, මන බඳනා මද සිනාවෙන් ඔවුන්ට සංග‍්‍රහ කළ විට ‘‘ ඕහ්… බියුටිෆුල්… තැන්ක්යූ’’ යැයි නැවත කෑ ගාති.

ජනතාව ඇයට මේ සා ආදරය කළේ ඇයි? ඇයට පෙර වින්ඞ්සර් රජ මාළිගයට පැමිණි කිසිවෙකුට හෝ රජ මැදුරේ උපන්, රාජකීය නිල් රුහිරු ජන්ම උරුමය කරගත් කිසිවෙකුට ඇයට තරම් ජන ආකර්ෂණයක් හිමි නොවූයේ ඇයි? ඉතිහාසය තවමත් ඒ ගැන නිරුත්තර ය.

ඒ ඊස්ට් මිඞ්ලන්ඞ් තරුණ පදනමයි. කුමරිය වේදිකාවේ සිටි හෙයින් පිිරිස නොඉවසිලිමත් නිශ්ශබ්දතාවයක ගැලී උන්හ. සංගීත ශිල්පියෝ සිය වාදනය තාවකාලිකව නතර කර බලා සිටියහ. ‘‘චෙක් එක තැපෑලෙන් එනව වගේ…’’ ඩයනා කුමරිය වේදිකාවේ පසෙකට නෙත් යොමුකරමින්-සිනාසෙමින් කීවාය. පිරිස මහ හ`ඩින් සිනාසුණහ. එසැණින් සිනාසෙන යුවතියක් කඩිනම් ගමනින් පැමිණ විසල්-සංකේතාත්මක චෙක් පතක් කුමරියට තෑගි කළාය. පවුම් විසි අටදහසක් යනුවෙන් එහි සඳහන් වී තිබිණි. පිරිස අත්පොළසන් දුන්හ. ඡුායාරූප ශිල්පීහු වේදිකාව පාමුලට දුවගෙන විත් චෙක්පත සමග සිටින ඩයනා කුමරියව සිය කාචයට හසුකර ගත්හ. ඇගේ පෙනී සිටීමෙන් පමණක් පුණ්‍යායතනවලට පවුම් දස දහස් ගණන් ආධාර ක්ෂණිකව ලබාගත හැකි විය. ඈ පැමිණෙන බව ඇසූ විට ඒ ආරංචිය සමග පුණ්‍යාධාර ද ගලා එන්නට පටන් ගනියි.

ඔටුන්න හිමි කුමරු වූ ද සිය සැමියා වූ ද වේල්ස් හි කුමරු නොහොත් චාල්ස් කුමාරයාගෙන් වෙන් වී ඒ වන විට වසර තුනකට ආසන්න කාලයක් ගතවී තිබුණද ඇය දික්කසාදය ලබාසිටියේ නැත. තවද ඇගේ ජනපි‍්‍රයත්වය හා ප‍්‍රසිද්ධිය තව තවත් ඉහළ යමින් තිබුණේය.

ඈ සිය මුද්‍රාව වන් නිල් පැහැ කෙටි සාය-ඇඳුමින් සැරසී සිටියාය. කලූ පැහැ මෝටර් රිය තුළට නැගෙත්ම පැපරාසියෙක් ඇගෙන් හඬ නගා මෙබන්දක් ඇසුවේය. ‘‘ඔබ දික්කසාද වෙන්න යනවද?… ඒක ඇත්තද?..’‘ කුමරිය එය නෑසුණු ලෙසින් මෝටර් රියේ අනෙක් පස රැුස්කමින් හුන් සෙනග වෙත අත වනා ආචාර කළාය. ඉවසීම සිඳී ගිය පැපරාසියා මෝටර් රියේ වීදුරුවට තඩිබාන්නට විය. ‘‘ඔබ දික්කසාද වෙනවද…?’’ මෝටර් රිය සෙමෙන් ඉදිරියට ඇදුණේය. තත්පර කිහිපයක් ඇතුළත, මවාගත් මද සිනාව පා කර හළ කුමරියගේ මුහුණේ වේදනාත්මක සැනසිල්ලක ඡායාවක් රැුඳුණේය. සැමියාගෙන් වෙන් වූ ගැහැනියකගේ ජීවිතය මෙයාකාර බව ඇය දැන සිටියාය.

කෙන්සින්ටන් මාළිගය වෙත රිය පෙළ ඇදී ගියේය. එයින් යුහුසුලූව බැසගත් ඩයනා කුමරිය, මැදුර තුළට කඩිනම් ගමනින් ඇදුණාය. ඉන්පසු ඇගේ කළමනාකරු ඇතුලූ පිරිස වෙත හැරුණාය. ‘‘මේක කාර්යබහුල සතියක්. මම හිතන්නෙ ඔබලාට වෙහෙස ඇති. ස්තූතියි’’ ඇය පිරිසෙන් සමුගෙන උඩුමහලට ගිය නමුත් නිතරම ඇගේ සුවපහසුව ගැන සැලකිලිමත් වන කළමනාකාරවරයා ඇය පසුපසින් ඇදෙමින්් මෙසේ ඇසුවේය. ‘‘උත්තමාවිය, ඔබතුමිය සන්ධ්‍යා භෝජනය ගන්නේ කොයි වෙලාවටද?’’

‘‘මට කිසිදෙයක් එපා. හැම කෙනෙක්ම ගෙවල්වලට යන්න. ස්තූතියි.’’

කුමරියට දැඩි වෙහෙසක් දැනෙමින් තිබිණි. ඇයට හුදෙකලා වන්නට ඇවැසි විය.

සිය මන්දිරයට වැදුණු ඈ දොර වසා උස අඩි පාවහන් ගළවා දමා විසිත්ත කාමරයට ගියාය. ‘‘ඔව්… මම මට දඬුවම් කර ගත්තා.. මම ලැජ්ජාවට පත් වුණා. මේ කසාදයේ අපි තුන් දෙනෙක් හිටියා. ඉතින් ටිකක් තදබදය වැඩියි…’’ ඈ මෙනෙහි කරමින් සිටියේ දින කිහිපයකින් පටිගත කිරීමට නියමිත ඊඊක්‍ ධබැ පැනරෝමා සම්මුඛ සාකච්ඡුාවේදී පවසන්නට යන වදන් ය.

ඉන්පසු කුමරිය චාල්ස් කුමරුගේ පටිගත කළ රූපවාහිනී සාකච්ඡුාවක් නරඹන්නට වූවාය. එහිදී නිවේදකයා මෙසේ අසයි. ‘‘විවාහය බිඳවැටීම සම්බන්ධයෙන් වඩාත් ප‍්‍රබල විදිහට තිබූ විවේචනය වුණේ ඔබ ඔබේ බිරිඳට ද්‍රෝහි වුණා කියන එකයි.’’

එවිට චාල්ස් කුමරු සිත්පිත් නැති ලෙසින් මෙසේ අසයි. ‘‘ඒකද තිබුණු විවේචනය?’’

කුමරිය දුරස්ථ පාලකය කි‍්‍රයාකරවා එවදන් වලට නැවත කන් දුන්නාය. ‘‘ඒකද තිබුණු විවේචනය?’’ඔහු එවැන්නක් කිසිවිටෙක නොතිබුණා සේ, සර්ව සාධාරණ පුද්ගලයෙකු සේ එසේ අසයි. කුමරිය කෝපයෙන් සහ කණස්සල්ලෙන් යුතුව දුරස්ථ පාලකය විසිකර දැමුවාය. මෙවැනි දිනවලදී කෙන්සිංටන් මාළිගයේ හුදෙකලා වීමට කුමරිය පි‍්‍රය කළාය. ඇය සේවකයන් නොමැතිව සිය වැඩ කටයුතු තනිව කර ගැනීමට උත්සාහ කළාය. තනිව කෑම පිසුවාය. තනිව ව්‍යායාම කළාය. තනිව හැ`ඩුවාය. යමෙකු විසින් තමන්ව ඔසවා අන්ධකාරය වෙත විසි කර දමනු ඇය නැවත නැවතත් සිහිනෙන් දුටුවාය. බකිංහැම් මාළිගයේ රීතිවලට අනුව ඇයට දරුවන් මුණ ගැසුණේ සති පහකට එක් වරක් පමණි. ආපසු හැරීමක් නැතැයි සිතා සිටි මේ ජීවිතයේ පටන් ගත් තැනටම පැමිණ සිටියාය.

එයින් දින කිහිපයකට පසු, 1995 සැප්තැම්බර් පළවැනිදා ඩයනා කුමරිය ලන්ඩනයේ චෙල්සියා හි පිහිටා තිබෙන රෝයල් බ්‍රොම්ටන් රෝහල වෙත ගියේ හෘත් සැත්කමකට මුහුණ දී සිටි ජෝසප් ගේ සුවදුක් විමසීම සඳහා ය. ජෝසප්, ඇගේ මිතුරියක සහ ‘සුව කරන්නියක’ ලෙස ප‍්‍රකට වී සිටි ඌනාග් ටොෆොලොගේ සැමියා විය. ඩයනා කුමරියගේ වෘත්තීය කටුචිකිත්සකවරිය වූයේ ද ඇය ය. එයට පෙර දිනයේ ති‍්‍රත්ව බයිපාස් සැත්කමකට මුහුණ දී සිටි ජෝසප් රක්තපාත තත්වයකට ලක්ව සිටි හෙයින් ඈ සිටියේ සිත් කරදරයෙනි. එක එල්ලේම දැඩි සත්කාර ඒකකය වෙත ගිය ඩයනා කුමරිය ව ඌනාග් විසින් අමුත්තන්ගේ කාමරය වෙත කැඳවාගෙන යනු ලැබිණි. ‘‘ලේ යනවා. සමහර වෙලාවට බයිපාස් ඔපරේෂන්වලින් පස්සෙ එහෙම වෙනව කියල ඩොක්ටස්ලා කියනවා.’’ ඌනාග් සිත් තැවුලෙන් යුතුව කීවාය. ඩයනා කුමරිය සිය මිතුරිය වැළඳගත්තාය. එවිට දොරට මුදු ලෙස තට්ටු කරන හඬක් ඇසිණි. රෝහලේ නේවාසික හෘත් ශල්‍ය වෛද්‍යවරයා වූ වෛද්‍ය හස්නාත් ඛාන් ඔවුන් වෙත එමින් සිටියේය. ‘‘මිසිස් ටොෆලෝ..’’

ඩයනා කුමරිය එම කඩවසම් පාකිස්ථාන වෛද්‍යවරයා දුටු පළමු වතාව එය විය. වේල්ස් හි කුමරිය බවට පත්වීමෙන් අනතුරුව ගෙවුණු ජීවිතයේ ඇයට හමුවූ – ඇයව අඩුවෙන්ම ගණන් ගත් පුද්ගලයා ද ඔහු විය. ඇයට හමුවූ – අමතක කිරීමට අසීරුම පුද්ගලයා ද ඔහු විය.

‘‘ඩොක්ට, මේ ඩයනා කුමරිය…’’

වෛද්‍ය හස්නාත් කුමරිය දෙස බලා, අවම සිනහව පා ඉන්පසු ඌනාග් සමග මෙසේ කීවේය. ‘‘ජෝසප්ගෙ තත්වය තවම බරපතළයි. අද හවස ඔහු ව නැවතත් සැත්කමකට ගන්නවා. ඔබේ අවසරය අවශ්‍යයි.’’

‘‘හොඳයි..’’ ඌනාග් දැඩි හැගීමෙන් යුතුව එසේ කියා හූල්ලමින් වෛද්‍යවරයාගේ අත සිම්බාය. ‘‘ඩොක්ට… එයාව බලාගන්න. එයා හුඟක් වටිනවා..’’

වෛද්‍ය හස්නාත් එක් වරක් යන්තමින් හිස සළා කඩිසර ගමනින් කාමරයෙන් පිටව ගියේය.

 

ඩයනා කුමරිය එම කඩවසම් පාකිස්ථාන වෛද්‍යවරයා දුටු පළමු වතාව එය විය. වේල්ස් හි කුමරිය බවට පත්වීමෙන් අනතුරුව ගෙවුණු ජීවිතයේ ඇයට හමුවූ – ඇයව අඩුවෙන්ම ගණන් ගත් පුද්ගලයා ද ඔහු විය. ඇයට හමුවූ – අමතක කිරීමට අසීරුම පුද්ගලයා ද ඔහු විය.

2 වන කොටසින් හමුවෙමු.

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

3 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

4 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

8 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

11 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

12 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

13 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

17 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago