වේල්සයේ නව කුමරු ලෙස අභිෂේක ලැබීම තමා ලද ගෞරවයක් සේ තමා සලකන බව බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජුගේ වැඩිමහල් පුත් විලියම් කුමරු පවසා තිබේ.
ඔහු මේ බව පවසා තිබෙන්නේ අද (11) දින වේල්සයේ පළමු අමාත්‍ය මාර්ක් ඩ්‍රේක්ෆෝර්ඩ් සමඟ පැවති සාකච්ඡාවකදී වන අතර, ඒ බව කෙන්සිංග්ටන් මාලිගය විසින් තහවුරු කර තිබේ.
විලියම් කුමරු ගේ පියා වන චාර්ල්ස් වේල්සයේ කුමරු යන තනතුර වසර 50 කට වඩා කාලයක් හෙබවූ අතර, ඔහුගේ මව වන 70 වසරක් බ්‍රිතාන්‍යය පාලනය කළ දෙවන එළිසබෙත් රැජිණගේ අභාවයත් සමඟ චාර්ල්ස් බ්‍රිතාන්‍යයේ රජු බවට පත්විය.
චාර්ල්ස් රජු වීමත් සමඟ ඔහුගේ වැඩිමහල් පුත් විලියම් වේල්සයේ කුමරු යන තනතුරට පත්වේ.
මේ පිළිබඳව කෙන්සිංග්ටන් මාලිගය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ වන කේට් කුමරිය වේල්සයට බෙහෙවින් ඇලුම් කරන බවත්, ඇන්ග්ලේසි හි ඔවුන්ගේ පළමු පවුල් නිවස සාදා ගැනීමෙන් මෙය පසක් වන බවත් ය.
එමෙන්ම, විලියම් කුමරු සහ කේට් කුමරිය ඉදිරි කාලය තුළ වේල්සයේ ජීවත් වන ප්‍රජාවන් සමඟ පවත්නා සබඳතාවය ශක්තිමත් කරගනු ඇති බවත්, වේල්සයේ ජීවත්වන ජනතාවගේ අභිලාෂයන්ට සහාය දැක්වීමට සහ ඔවුන් ඉදිරියේ ඇති අභියෝග සහ අවස්ථාවන් දෙකෙහිදී ම ඊට අවධානය යොමු කිරීමට සැදී පැහැදී සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඡායාරූප: ගෙටී ඉමේජස්
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…