රුසියාවට අයත් න්‍යෂ්ටික අවි බෙලරුසියානු භූමියේ ස්ථානගත කරනු ඇති බව රුසියානු ජනාධිපති වැලැඩිමිර් පුටින් විසින් නිවේදනය කර තිබේ.
සිය දිගුකාලීන මිත්‍ර සගයෙක් වන බෙලාරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝන්ගේ පූර්ණ සහයෝගය සහිතව ජුලි 1 වනදා වන විට රුසියාව බෙලරුස් හි උපායශීලී න්‍යෂ්ටික අවි ගබඩා කිරීමේ පහසුකම ඉදිකිරීම අවසන් කරන බව ජනාධිපති පුටින් මෙහිදී සඳහන් කර තිබූ අතර න්‍යෂ්ටික අවි දියත් කිරීමට භාවිතා කළ හැකි ඉස්කැන්ඩර් උපායික මිසයිල පද්ධති කුඩා සංඛ්‍යාවක් දැනටමත් බෙලරුස් වෙත මාරු කර ඇති බව ජනාධිපති පුටින් පැවසීය.
කෙසේ නමුත් ආයුධ බෙලරුස් වෙත මාරු කරන්නේ කවදාද යන්න ඔහු නිශ්චිතව දක්වා නැත.
රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ මෙහි අසාමාන්‍ය තත්වයක් නොමැති බවත්, එක්සත් ජනපදය දශක ගණනාවක් තිස්සේ ඔවුන්ගේ උපායශීලී න්‍යෂ්ටික අවි මිත්‍රරටවල භූමියේ ස්ථානගත කිරීමට සමාන බවයි. 1990 දශකයේ මැද භාගයෙන් පසු රුසියානු න්‍යෂ්ටික අවි රටින් පිටතට ගෙන යන මුල්ම අවස්ථාව මෙය වනු ඇත.
පුටින්ගේ මෙම ප්‍රකාශයත් සමඟ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය න්‍යෂ්ටික අවි සැකසීමට කිසිදු හේතුවක් නොමැති බවත්, නේටෝ සන්ධානයේ සාමූහික ආරක්ෂාව සඳහා අපි කැපවී සිටින බවත්ය.
පසුගියදා යුක්රේන ජනාධිපති විසින් සිය බටහිර මිත්‍රයන්ගෙන් වැඩි හමුදා සහයක් ඉල්ලා සිටි අතර මෙම සතිය මුලදී, රටවල් 18 ක් පමණ අවම වශයෙන් කාලතුවක්කු උණ්ඩ මිලියනයක් සැපයීමට ගිවිසුමක් අත්සන් කර ඇත.
සශිකලා මධුෂාණී_
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…