කාලීන

සැණින් දෛවය වෙනස් වූ ගැහැණිය , රනූ මොන්ඩාල්

රනූ මොන්ඩාල්.. බොලිවුඩයට අලුතින්ම එකතුවූ කෝකිලාවිය ඇයයි. දුක්ගැහැට පිරුණු ජීවිතය අවුරුදු ගණනක් ගෙවා දැමූ පසු හිටි හැටියේම ඇගේ ජීවිතය වෙනස් වන්නේ සමාජ මාධ්‍ය තුළ ඇගේ නම වැඩි වැඩියෙන් කථා බහට ලක් වීමට පටන් ගත් පසුය.

ඉන්දියාවේ බෙන්ගාල් හී  රනාගට්  දුම්රිය වේදිකාවේ ඇය ගීයක් ගයමින් සිටියාය. ඊට සති ඒ මංගේෂ්කාර් ඉන්දියාවේ ගීත කෝකිලාවියගේ ගීයකි.. ඊට සති දෙකකට පසු ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වූවාය. ඇය ඊයේ සුපුරි ඉන්දීය චිත්‍ර පට ගායක හිමේෂ් රෙෂමියා සමග හිත් අදහා ගත නොහැකි තරමේ මියුරු චිත්‍රපට ගීයක් ගැයුවාය. හිමේෂ් ඇයව හඳුන්වා තිබුණේ දිව්‍යමය හඩක් ඇත්තියක් ලෙසය. එදා සිටි රනූ මොන්ඩාල් අද හාත්පසින්ම වෙනස් වී ඇත.. එදා තිබූ වැරහැලි වෙනුවට අද ඇය ඉතා අලංකාරව හැඩ වැඩ වී සිටින්නීය. ඇගේ ජීවිතය හාත්පසින්ම වෙනස් වන්නට පටන්ගෙන ඇත.

වයස අවුරුදු 19 දී විවාහ ජීවිතයට ඇතුල් වන ඇයට කුඩා කාලයේම සිය පියාද මවද අහිමි වන්නේය. එතෙක් පටන් ඉන්දියාවේ ක්‍රිෂ්ණා නගර් හී සිය නැන්දණිය සමග විවාහ වන තුරු ඇය සිය ජීවිතය ගත කලාය . ඇය පවසන්නේ එය අතිෂය දුක්බර ජීවිතයක් වූ බවයි. විවාහ වී සිය සැමියාද සමග මුම්බායි නගරයට යන්නේ යහපත් ජීවිතයක් වුවත් . ඇයට බොහෝ විට උරුම වී ඇත්තේ මහ මග දුක්බර ජීවිතයකි. ඇයට පෙරළා තමන් උපන්ගමට පැමිණේන්ට සිදු වන්නේ සිය සැමියාද නොමැතිවයි. ඒ මීට විසි වසරකට පෙරයි. ජීවිතයේ විදින්නට වූ දුක් ගැහැට නිසාම විෂාධය රෝගයෙන් පෙළුන ඇය මෙතෙක් ගෙවා දමන්නේ අතිෂය කර්කෂ ජීවිතයකි. කුසට අහරක් නොමැතිව ජීවිතයේ බොහෝ දවස් ගත කර ඇති බව ඈ පවසන්නීය.

දුක් කම්කටොලූ මැද වුවත් තමන් කැමතී ගීත රසවින්දනයට ඈ බොහෝ ඇලුම් කලාය. ගීත ඇසීමත් නැවත ඒවා ගායනා කිරීමත් කුඩා කල සිට ඇගේ විනෝදාංශය විය. මොහොමඩ් රාෆි ලතා මංගෙෂ්කාර් ඇගේ ලෝකයේ වීරයන්ව වූ අතර මහ මග ඇවිදිද්දීත් ඇගේ මුවේ ඔවුන්ගේ ගීයක් රැදුනාය.


අතීන්ද්‍රා චක්‍රබෝර්ති නම් 26 හැවිරිදි තරුණයා ඇගේ ජීවිතය වෙනස් කළ පුද්ගලයාය. ඔහුට රනාගට් දුම්රිය මැදිරියේ අවහන් හලක රේඩියෝවක මොහොමඩ් රාෆි ගායකයාගේ ගීයක් වාදනය වන අතරේ තවත් කාන්තාවක් එහි බිම හිදගෙන එම ගීය සිහින් හඩින් මුමුණනු ඇසිණ. ඇගේ හඩ කෙතරම් මිහිරි වූවාදැයි කියතොත් රනූ මොන්ඩාල් ගේ ගීයක් ඔහු විසින් දුරකථනයෙන් පටිගත කළාය. ඊට දින දෙකකට පසු ඔහු එම ගීය සමාජමාධ්‍ය වෙත මුදා හරිනු ලැබුවේය.

මොහොතක් ගත වත්ම ඈ ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර සුප්‍රසිද්ධම චරිතය බවට පත් වෙමින් පැවතිනි. වාර ලක්ෂ ගණනක් ඇගේ ගීතය සහිත වීඩියෝව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබිණි.

මේ සිදු වීමත් සමග රනූ මොන්ඩාලගේ ජීවිතය ඇයටද සිතා ගත නොහැකි අයුරින් වෙන්ස් වූ යේ.. ඇයට අවශ්‍ය ආහාර පාන ඉචුම් හිටුම් පමණක් නොව ඇගේ ජීවිතයට මෙතෙක් නොලැබුණ සශ්‍රිකත්වය ඇය හඹා එන්නට පටන්ගෙන ඇත. ඇය මෙතෙක් සිටි ස්වරූපය සැණින් වෙනස් විය. ඇයට විවිධ පුද්ගලයන්ගේ ගරුත්වය හිමි වන්නට පටන් ගෙන ඇති අතර රනු මොන්ඩාල් මේ වන විට ඉන්දියාවේ බොහෝ රූප වාහානි සහ ගුවන් විදුලි නාලිකාවල ගීත ගායනයට සහභාගී වීමේ අවස්ථා උදාකර ගෙන ඇත.

මීට දින ගණනකට පෙර පැවති ඇගේ දුක්බර මුහුණේ අද ඇත්තේ බලාපොරොත්තු සහගත සිනහවක් පමණි. ඇගේ හඩ සැබවින්ම කන් කළුය එපමණක් නොව සංගීතය හැදෑරූ අයෙක් තරමටම ඇගේ ශුතිය ඉතා තියුණුය. වසර 50ක් ජීවිතයේ දුක් ගැහැට වලින් මිරිකුණු රනූ මොන්ඩාල් ගේ හෙට ජීවිතය අතිශයින්ම සශ්‍රික එකක් වනු ඇත.

ඇයට අපි සුභ පතමු. මිනිසාගේ ඉරණම වෙනස් වන මොහොත උදාවන්නේ කවවදාදැයි අපට ඉදුරාම කිව නොහැකිය.. නමුත් ඒ ගැන අප විශ්වාසය තැබිය යුතුමය.

Share

Recent Posts

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

2 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

2 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

2 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

4 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

8 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago