කාලීන

වඩ වඩාත් දුප්පත් වන්නේ කවුරුන් ද? වඩ වඩාත් පොහොසත් වන්නේ කවුරුන්ද? – ජොනතන් පවර්

ස්කැන්ඩිනේවියානු රටවල් වශයෙන් හැඳින්වෙන, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය සහ අයිස්ලන්තය යන රටවල් සමග, ඕලන්දය සහ ස්විට්සර්ලන්තය එහිදී පෙරමුණට එයි. ජීවනයේ හුදු ස්ථාවරත්වය සහ සුරක්ෂාව සම්බන්ධයෙන් අංක එකට ගැනෙන්නේ ස්වීඩනයයි. ඩෙන්මාර්කය, ජීවත් වීමට වඩාත් ප්‍රියමනාප රට වශයෙන් සැලකේ. ඉහළම දීර්ඝායුෂ මනුෂ්‍යයන්ට භුක්ති විඳිය හැකි රට වන්නේ ජපානයයි.

ලෝකයේ හොඳම පාසල් තිබෙන්නේ පින්ලන්තය, නවසීලන්තය සහ කැනඩාවේ ය. දේශපාලනික සහ මාධ්‍ය නිදහස වැඩියෙන්ම පවතින රටවල් වන්නේ, ඉහත කී ස්කැන්ඩිනේවියානු රටවල් ය.
ලන්ඩන් නුවර පිහිටි ‘ලෙගාටුම්’ නැමැති ආයතනය ගිය වසරේ වාර්තාවක් ප්‍රකාශයට පත්කෙළේය. එම වාර්තාවෙන් සලකා බැලුවේ ලෝකයේ අසමානත්වය ගැන ය. එය නිකුත් වූ කාලය හරි අගේ ය. මන්ද යත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙනා බදු පනතක් නිසා සෑහෙන ප්‍රමාණයක් ඉහළ ගොස් ඇති එරටේ ආදායම් විසමතාව නැති කිරීමට පියවර ගන්නා බව ඇමරිකාවේ නවතමයෙන් බලයට පත් කොංග්‍රස් මණ්ඩලය මේ වන විට කියා ඇති බැවිනි.

“විසි එක් වැනි සියවසේ ප්‍රාග්ධනය”

ප්‍රංශ ආර්ථික විද්‍යාඥ තෝමස් පිකෙති පොතක් ලියා පළ කෙළේය. ඉමහත් ආන්දෝලනයට පත් එය, “විසි එක් වැනි සියවසේ ප්‍රාග්ධනය” නම් විය. මිනිසුන් අතරේ අසමානත්වය නොනැවතී වැඩි වන බවට ඔහු එහිදී තර්ක කෙළේය. එය බොහෝ දෙනා මහත් හරසරින් පිළිගත් අතර යම් විවේචනයක් ද ඊට එල්ල වුණි. ඒ ගැන විවාදය මාස ගණනක් යන තෙක්ම බරසාර පුවත්පත් සහ සඟරා ඔස්සේ දිග හැරුණි.

වැදගත්ම ප්‍රශ්න 4කට පිළිතුරු

මේ වසර මුලදී ‘ලෙගාටුම්’ ආයතනය, පොත සම්බන්ධයෙන් පැනනැගුණු විවේචනවලට පිළිතුරු දීමට සහ පොතේ සඳහන් කරුණු වඩාත් පැහැදිළි කර දීමට, තෝමස් පිකෙටිව සේවයේ යෙදවූවේය. එහිදී ඔහු ප්‍රකාශයට පත්කළ නව වාර්තාව, වසර ගණනක අධ්‍යයනයන් මගින් රැස් කර ගත් දැනුමෙන් සජ්ජිත විය. එහිදී ඔහු ප්‍රශ්න හතරකට පිළිතුරු බැඳීමට උත්සාහ කොට තිබේ.

ඉන් පළමුවැන්න වන්නේ, අසමානත්වය වැඩියෙන්ම කැපී පෙනෙන්නේ කොහේද යන්නයි.

දෙවැන්න වන්නේ, ලෝකය වඩ වඩාත් සමාන තැනක් වන්නේද නැත්ද යන්නයි.

තෙවැන්න වන්නේ, යුරෝපය සහ ඇමරිකාව අතර තිබෙන මීට අදාළ අත්දැකීම් සමුදාය ඒ සා එකිනෙකින් වෙනස් වන්නේ ඇයිද යන්නයි.

සිව්වැන්න වන්නේ, මීට සියවසකට පෙර පැවති ආදායම් විසමතාවයේ තත්වය වෙත යළිත් වරක් අප පැමිණ ඇත්ද යන්නයි.

පිකෙති සහ ඔහුගේ පාර්ශ්වකාර සමීක්ෂකයෝ “ලෝක ධනය සහ ආදායම පිළිබඳ දත්ත සංචිතයක්’ ගොඩනැගූහ. ඒ මගින් ලෝකයේ සෑම රටක්ම කලාපීය වගුවක ස්ථානගත කරන ලදී. ලෝකයේ අසමාන කම වඩාත් රජයන කලාපය වන්නේ මැද පෙරදිගයි. එහි සියයට 10 ක් දෙනා එහි සමස්ත ආදායමෙන් සියයට 60 ක් භුක්ති විඳිති. ඉන්දියාව, බ්‍රසීලය සහ උප-සහරා අප්‍රිකාව ඊට වඩා වෙනස් වන්නේ යාන්තමිනි. ආදායම් විසමතාව අඩුම කලාපය වන්නේ යුරෝපයයි. එහි සියයට 10 කට, සමස්ත ආදායමෙන් සියයට 37 ක් අයත් වෙයි. ඊළඟට එන්නේ චීනයයි. එහි සියයට 10 ක් දෙනා ලබන සමස්ත ආදායම සියයට 41 කි.

චීනයේ කතාව වෙනස්!

මාධ්‍ය හරහා බොහෝ විට චීනයේ වර්ධනය වෙමින් පවතින්නේ යැයි කියන ඇති-නැති පරතරයක් ගැන කෙරෙන කතා අස්සේ මෙය තරමක විමතිය දනවන්නකි. මා විමතියට පත්කරවන තවත් කාරණයක් වන්නේ, ලෝකයේ බොහෝ තැන්වල, ගතවූ දශකය තුළ ආදායම් විසමතාව පහළ ගොස් හෝ ස්ථාවර වී හෝ තිබීමයි. එසේ වෙතත්, එය වඩාත් නරක තත්වයට හැරී ඇති රටවල් ද තිබේ. 1980 දශකයේදී බ්‍රිතාන්‍යයේ ඒ තත්වය වඩාත් නරක අතට හැරුණි. 1990 දශකයේදී රුසියාවේත් එම තත්වය නරක් වුණි. 1980 දශකයේදී මේ විසමතාව වඩාත් නරක පැත්තට ගමන් කිරීමට පටන් ගත් ඇමරිකාවේ එය එක දිගටම වර්ධනය වී තිබේ. රිපබ්ලිකන් පක්ෂ ආණ්ඩු විසින් ගෙන එන ලද ප්‍රතිගාමී බදු ප්‍රතිපත්ති සහ යහපත් පාසල් අධ්‍යාපන ක්‍රමයක අඩුව ඊට හේතු වී තිබේ.

ඇමරිකාවේ ඇති – නැති පරතරය ඉහළට

ඇමරිකාවේ පවතින අධ්‍යාපනික විසමතාව ‘අති විශාල’ බව මෙම වාර්තාව පෙන්වා දෙයි. එහෙත් 1980 දශකයේදී යුරෝපයේ ද පැවතියේ එවැනි තත්වයක් වුව ද, ගත වු වසර හතළිහක කාලය තුළ, බ්‍රිතාන්‍යය හැරුණු කොට, යුරෝපය තමන්ගේ ආදායම් විසමතාව ස්ථාවර කර ගැනීමට හෝ අඩු කර ගැනීමට හෝ සමත්ව තිබේ.

ඇමරිකානු ජනගහනයෙන් වැඩියත්ම දුප්පත් අර්ධය, 1990 දශකයේදී, රටේ මුළු ආදායමෙන් සියයට 24 ක් ලැබූ අතර, යුරෝපයේ ඒ අර්ධය ලැබූ ආදායම වුණේ සියයට 21 කි. එදා පටන් මේ වන විට යුරෝපයේ ඒ පංගුව යාන්තමින් වෙනස් වී ඇතත්, ඇමරිකාවේ දුප්පත් අර්ධය ලබන ආදායම සියයට 13 දක්වා පහළ වැටී ඇත. ඒ අතර, රටේ ඉහළම ධනවත් සියයට 10 විසින් ආදායමෙන් සියයට 20 ක් අත්කර ගනු ලැබ තිබේ.

ආදායම් තත්වය එසේ වන කල ධනය අත්පත් කර ගැනීමේ තත්වය කුමක් ද? ධනය යනුවෙන් ගැනෙන්නේ, නිවාස, දේපළ, යානවාහන, කොටස් වෙළඳපොල තුළ හෝ බැංකු තුළ ඉතිරි කර ඇති මුදල්හදල්, සමහර විටෙක පෞද්ගලික අයිතියේ පවතින ගුවන් යානා සහ සුඛෝපභෝගී නාවුක යාත්‍රා ආදියයි. උරුමයෙන් ලද වෙනත් ධනය ද ඊට අයත් වෙයි.

පොහොසත්ම සියයට 1 ක ජනගහනයක් විසින් අත්කරගෙන තිබෙන මෙම ධනය, බොහෝ රටවල, 1990 දශකයේ සිට ඉහළ යමින් තිබේ. 1990 දී ඇමරිකාවේ ඉහළම පොහොසතුන්ගෙන් සියයට 1 ක් එරටේ ජාතික ධනයෙන් සියයට 27 ක් හිමිකරගෙන සිටියහ. 2014 වන විට ඒ සියයට 1 එරට ධනයෙන් සියයට 37 ක් හිමි කරගෙන සිටියහ. එය තවමත් ඉහළ යමින් පවතී. එහෙත් 1900 මුල් ගණන්වල තරම් තත්වය තවම නරක නැත.

1913 දී එක්සත් රාජධානියේ ඉහළම පොහොසතුන් සියයට 1 එරට ධනයෙන් තුනෙන් දෙකක්ම අයත් කරගෙන සිටියහ. එහෙත් 1988 වන විට එරටේ එම ප්‍රමාණය සියයට 15 දක්වා පහළ ගොස් තිබුණි. නිවාස හිමිකාරීත්වය ඉහළ මට්ටමකට පැමිණීම, 1990 දශකය මැද භාගය වන විට නිවාස මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යාම සහ ජන්ම උරුමකාරීත්වයේ ධනය පිළිබඳ ලිබරල් සංශෝධන නිසා මැද පාංතික ධනය වර්ධනය වී තිබේ. මේ වාසනාවට එක්තරා ආකාරයක හිමිකාරත්වයක් ඇති, සීග්‍රයෙන් වර්ධනය වන මැද පංතියක්, සෑම බටහිර රටකම දැන් දක්නට ලැබේ. ලන්ඩන්, වොෂින්ටන්, පැරිස්, බර්ලින් සහ ස්ටොක්හෝම් වැනි නගරවල නිවාස මිල ගණන් අහස උසට නැග තිබෙන තත්වය තුළ, 1960 දශකයේදී, දුප්පත් මුත් ප්‍රඥාවන්ත පිරිස්‘ මිලදී ගත් මෙකී දේපල හරහා ඔවුන් ලක්ෂපතියන් බවට පත්ව තිබේ.

චිත්‍රය සම්පූර්ණ කිරීම සඳහා මේ තොරතුරුවලට මගේ අදහස් ස්වල්පයක් ද එකතු කරමි. මෑත වසර කිහිපය තුළ බහුතරයක් රටවල සමෘද්ධිය බොහෝ සෙයින් වර්ධනය වී ඇත. ආණ්ඩුකරණය සහ පුද්ගල නිදහස දියුණු වී ඇත. යුද්ධ අඩු වී ඇති අතර, යුද්ධවලින් විනාශ වන ජීවිත ප්‍රමාණය පහළ ගොස් ඇත. එසේම, උග්‍ර දරිද්‍රතාවයෙන් පෙළෙන, දරුණු රෝගාබාධවලින් විඳවන පිරිස ද, විශේෂයෙන් තුන්වැනි ලෝකය තුළ, බෙහෙවින් පහළ ගොස් ඇත. කැපී පෙනෙන නරක තත්වයක් පෙනෙන්ට ඇත්තේ ඇමරිකාවේ පමණි. බොහෝ දෙනාගේ අවාසනාවට, ඩොනල්ඞ් ට ්‍රම්ප් යටතේ, එ් තත්වය ය තවත් නරක අතට හැරෙන්ට ඉඩ තිබේ.

2019 පෙබරවාරි 9 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ Who is getting Poorer? Who is getting Richer? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

සංස්කාරක සටහන:
මෙම ලිපියේ රචකයා වන ජොනතන් පවර්, විදේශ කටයුතු පිළිබඳ තීරු ලිපි රචකයෙක් වශයෙන් අන්තර්ජාතික සම්භාවනාවට පාත්‍ර වූ මාධ්‍යවේදියෙකි. ලෝකයේ ප්‍රධාන පෙළේ දේශපාලන චරිත 60කට වැඩි සංඛ්‍යාවක් ඔහු විසින් සම්මුඛ සාකච්ඡාවට ලක් කර ඇති අතර, ග්‍රන්ථ ගණනාවක් ද රචනා කර තිබේ.

https://www.jonathanpowerjournalist.com/

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

4 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

6 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

6 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

6 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

8 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

12 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago