එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය රිෂී සුනක් අගමැති වීමෙන් පසු කියෙව් හි සිය පළමු සංචාරයේදී පවුම් මිලියන 50 ක ආරක්ෂක ආධාරයක් ලබා දෙන බවට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිහට පොරොන්දුව ඇති බව වාර්තා වේ.
එක්සත් රාජධානිය යුක්රේනයට සිය සහය අවශ්‍ය වනතාක්කල් ඒ වෙනුවෙන් පෙනී සිටින බව නව අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
මෙම ආධාර පැකේජය රුසියානු ගුවන් ප්‍රහාරවලට එරෙහිව ලබා දෙන අතර එයට ඩ්‍රෝන යානා, රේඩාර් මෙන්ම ඉරානය විසින් සපයනු ලබන මාරාන්තික ඩ්‍රෝන යානා වලට එරෙහිව සටන් කිරීමට ගුවන් යානා නාශක තුවක්කු 125 කින් සමන්විත වන බව පැවසේ.
මීට අමතරව යුක්රේනයේ සේවය කරන එක්සත් රාජධානියේ සන්නද්ධ හමුදාවන්ට පුහුණු දීමනාව වැඩි කරන බව නිවේදනය කළ නව අගමැතිවරයා විශේෂඥ හමුදා වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් කලාපයට යවා විශේෂිත සහාය ලබා දෙන බවත්, මේ වන විට රුසියානු ගුවන් ප්‍රහාර හේතුවෙන් රටතුළ බලශක්ති යටිතල ව්‍යුහයෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් විනාශ කර ඇති බැවින්, ඉදිරියේ එළැඹෙන ශිත කාලය වෙනුවෙන් මානුෂීය ආධාරද ලබා දීමට බ්‍රිතාන්‍ය සූදානම් බව මෙහිදී නිවේදනය කර තිබ්ණි.
සංචාරය අතරතුර, සුනක් මහතා යුක්රේනයට ලෝක ආහාර වැඩසටහන වෙනුවෙන් පවුම් මිලියන 12 ක් සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහා පවුම් මිලියන 4 ක් ද ලබා දෙන බවට පොරොන්දුව ඇත.
බ්‍රිතාන්‍යය දැනට එක්සත් ජනපදය හැරුණු විට යුක්රේනයට විශාලතම හමුදා ආධාර සපයන්නා වේ. මේ වන ව්ට දින 120ක් ඇතුළත දැනට සිටින යුක්රේන පුද්ගලයන් 10,000ක් පුහුණු කිරීම අරමුණු කරගත් වැඩසටහනක් ද ඔවුන් විසින් කරගෙන යනු ලැබේ.
රිෂී සුනක් පසුගියදා බාලිහි පැවැති G20 සමුළුවේදී රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් වෙත ප්‍රකාශ කර තිබුණේ රුසියානු හමුදාවන් යුක්රේන භූමියෙන් යා යුතු බවත් මෙය ම්ලේච්ච යුද්ධයක් බවත්ය. එක්සත් රාජධානිය මුල සිටම යුක්රේනය සමඟ සිටි ආකාරය පිළිබඳව තමා ආඩම්බර වන බව නව අගමැති පිළිගනිමින් මෙහිදී යුක්රේන ජනාධිපති ප්‍රකාශ කර තිබිණි.
සශිකලා මධුෂාණී_
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.