එසැණ පුවත්

හැරී පොටර් හි ආදරණීය පතාක මිතුරා හැග්රිඩ් දැයෙන් සමුගනී!

ලොව බාල මහළු කා අතරත් එක සේ ජනප්‍රිය හැරී පොටර් කතාමාලාවේ චිත්‍රපට මාලාවේ රුබියස් හැග්‍රිඩ් ගේ චරිතයට පණ පෙවූ ආදරණීය රංගන ශිල්පී රොබී කෝල්ට්‍රන් අභාවයට පත්ව තිබේ.

ඡායාරූප: wizarding world

1950 වර්ෂයේ මාර්තු 30 වන දින උපත ලද මොහු 2022 වර්ෂයේ ඔක්තෝබර් 14 (අද) වන දින දැයෙන් සමු ගත්තේ ඔහුගේ 72 විය පසු කරමිනි.

වෘත්තීමය වශයෙන් ඔහු ස්කොට්ලන්ත නළුවෙක්, විකට නළුවෙක් මෙන්ම ලේඛකයෙක් විය. ඔහු හැරී පොටර්(Harry Potter) චිත්‍රපට මාලාවේ (2001-2011) රුබියස් හැග්රිඩ් (Rubeus Hagrid) චරිතයට අමතරව රොබී කෝල්ට්‍රන් මහතා රහස් පරීක්ෂක ටෙලිනාට්‍ය මාලාවක් වන ක්‍රැකර් සහ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වල ගෝල්ඩෙනි සහ ද වර්ල්ඩ් ඊස් නොට් ඉනෆ් යන චිත්‍රපටයට ද රංගනයෙන් දායක වී ඇත.

කෙසේ වෙතත් මොහුව ඉතාමත් ප්‍රසිද්ධියට පත් වූයේ “හැග්රිඩ්”යන නමින් ය.

ඡායාරූප: එන්බීසී නිව්ස්

කෝල්ට්‍රන් මහතා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ නියෝජිත බෙලින්ඩා රයිට් ස්කොට්ලන්තයේ ෆාල්කර්ක් අසල රෝහලකදී ඔහු මිය ගිය බවට තහවුරු කර තිබේ.

කෝල්ට්‍රන් ගේ හදිසි අභාවය හමුවේ ලොව දසත හැරී පොටර් රසිකයන් සිය බලවත් ශෝකය පළකර තිබේ. හැරී පොටර් කතාමාලාවේ නිර්මාතෘ ජේ.කේ රෝලිං සිය ශෝකය ප්‍රකාශ කර තිබුණේ පහත පරිද්දෙනි.

මෙම කණගාටුදායක අවස්ථාව සමඟ එක් වූ (Forth Valley Royal) රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය කියා සිටියේ මෙම දුක්ඛිත අවස්ථාවේ දී ඔහුගේ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස යි.

අපිට වගේම හැරී පොටර් ට පමණක් නොව හර්මයිනි ට රොන් ට ද හැග්රිඩ් ගේ අඩුව අඩුවක් නැතිවම දැනෙනවා නිසැකය. හැරීගේ උපන්දිනයට කේක් එකක් දෙන්න , සත්තු එක්ක ආදරේ කරන්න , සත්තු හීලෑ කරන්න , තට්ට තනියම අර ගෙදරට වෙලා කාලෙ ගෙවන්න කෙනෙක් දැන් නැත.

ඉතින් “හැග්රිඩ්” ඔබට සුභ ගමන් මිත්‍රයා!

Share

Recent Posts

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

15 mins ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

38 mins ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

5 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

17 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

21 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

23 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

23 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

23 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago