කලා

අලුත්ම බැට්මෑන් රොබර්ට් පැටින්සන්!

හොලිවුඩ් සිනමාවේ නවතම බැට්මෑන් තරුව රොබර්ට් පැටින්සන් වේ.

ගොතම් නගරයේ බිලියනපති බෘෘස් වෙයින් නොහොත් ගොතම් නගරයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දෙන වෙස්මුහුණු හා සළු පොරවා ගත් නාඳුනන රාත්‍රී නයිට්වරයා බැට්මෑන් මෙවර හොලිවුඩ් තිරයේ නිරූපණය කරන්නේ රොබර්ට් පැටින්සන් විසින් බව “වෝනර් බ්‍රදර්ස්” ආයතනය තහවරු කරයි.

“ඩීසී” චිත්‍ර කතා වල පැමිණෙන සුපිරි වීරයකු වන බැට්මෑන් දශක ගණනාවක පටන් ප්‍රේක්ෂක ජනාදරය දිනාගත්තේ සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ෆ්ලෑෂ්, ග්‍රීන් ලැන්ටර්න්, ෂසම්, හෝව්ක්මෑන්, මාර්ශියන් මෑන්හන්ටර්, සයිබෝර්ග්, ඇක්වාමෑන් වැනි අනෙකුත් ඩීසී වීරයන් මෙන් සුවිශේෂී සුපිරි බලයක් නොමැති, එහෙත් ජවසම්පන්න බව හා ධනවත් බව සමාජයට යුක්තිය ඉටු කිරීමට යොදාගත් චරිතයක් වීම නිසාවෙනි.   

බැට්මෑන්, නැතහොත් බෘෘස් වෙයින් යනු “ජස්ටිස් ලීග්” නම් ඩීසී සුපිරි වීරයන් එකමුතුවේ කැඳවුම්කරු වේ.

හොලිවුඩ් සිනමාවේ මෑතක් වන තුරු ඉදිරිපත් වූ “ඩීසී එක්ස්ටෙන්ඩඩ් යුනිවර්ස්” හි බැට්මෑන් ගේ චරිතයට පණ පොවන ලද්දේ බෙන් ඇෆ්ලෙක් විසිනි. ඩීසී එක්ස්ටෙන්ඩඩ් යුනිවර්ස් යනු ඩීසී කාලරාමුවේ සිදුවන සිදුවීම් වල යම් වෙනසක් ඇතිව ඉදිරිපත් වූ චිත්‍රපට පෙළකි.

ඩීසී චිත්‍ර කතා නැෂනල් ඇලයිඩ් පබ්ලිකේෂන්ස් යටතේ මෙලොව ආරම්භ වන්නේ 1934 වර්ෂයේය. මාර්වල් චිත්‍ර කතා වලට වඩා පැරණි ඩීසී චිත්‍ර කතා ලෙගසියේ ආරම්භක පුරෝගාමියා වන්නේ මැල්කොම් ව්හීලර්-නිකොල්සන් ය. 1967 වර්ෂයේදී ඩීසී කොමික්ස් වෝනර් බ්‍රදර්ස් හි අනුබද්ධිත ආයතනයක් බවට පත් වෙයි.

රොබර්ට් පැටින්සන් රඟදක්වන නවතම බැට්මෑන් චිත්‍රපටය මැට් රීව්ස් ගේ අධ්‍යක්ෂණයක් වන අතර 2021, ජූනි 25 වන දින තිරගත වීමට නියමිත වේ. චිත්‍රපටයේ තේමාව හෝ කතා සාරාංශය මෙතෙක් හෙලිදරව් කර නොමැත. රීව්ස් “ප්ලැනට් ඔෆ් දි ඒප්ස්” අධ්‍යක්ෂ ඩිලන් ක්ලාර්ක් සමඟ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන බව කියවේ.

චිත්‍රපටයේ පටිගත කිරීම් ආරම්භවන නිල දිනයක් මේ වන තුරු ප්‍රකාශයට පත් කර නොමැත. කෙසේ වෙතත් යෝජනා වී ඇති පරිදි චිත්‍රපටයේ නම “ද බැට්මෑන්” වේ.

බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් පැටින්සන් හොලිවුඩ් කරලියට පැමිණෙන්නේ “හැරී පොටර් ඇන්ඩ් ද ගොබ්ලට් ඔෆ් ෆයර්” චිත්‍රපටයේ සෙඩ්‍රික් ඩිගරි ගේ චරිතයෙනි. සිව් වන හැරී පොටර් චිත්‍රපටය තුළ සුළු චරිතයක් ඉදිරිපත් කළ පැටින්සන් අන්තර්ජාතික ජනාදරයට පාත්‍ර වන්නේ “ට්වයිලයිට් සාගා” චිත්‍රපට මාලාවේ එඩ්වර්ඩ් කුලන් නම් වැම්පයර්වරයාගේ චරිතයට පණ පෙවීමෙනි. 2008 හා 2009 වර්ෂයන් හීදී මෙලොව වසන සරාගීම පුරුෂයා පැටින්සන් බවට “පීපල් මැගසින්” සඟරාව නිවේදනය කළේය.

ඩීසී එක්සෙන්ඩඩ් යුනිවර්ස් හි බැට්මෑන් ගේ චරිතයට බෙන් ඇෆ්ලෙක් පණ පෙවීමට පෙර 2005 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා “ඩාර්ක් නයිට්” සිනමා ත්‍රිත්වයක් එළිදැක්වූ අතර, ඒවා නමින් “බැට්මෑන් බිගින්ස්”, “ද ඩාර්ක්නයිට්”, හා “ද ඩාර්ක්නයිට් රයිසස්” වේ. එම සිනමා ත්‍රිත්වයේ බැට්මෑන්ගේ චරිතයට පණ පොවන ලද්දේ ඔස්කාර් හා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ලාභී ක්‍රිස්ටියන් බේල් විසිනි.

මීට පෙර, ලුවී ජේ. විල්සන් (1943), රොබර්ට් ලව්රි (1949), ඇඩම් වෙස්ට් (1966), මයිකල් කීට්න් (1989), වැල් කිල්මර් (1995), ජෝර්ජ් ක්ලූනි (1997) ආදී හොලිවුඩ් නළුවන් රැසක් බැට්මෑන් ගේ චරිතය නිරූපණය කර ඇත. එමෙන්ම වර්තමානයේ ජනප්‍රිය “ගොතම්” නම් රූපවාහිනී කතා මලාවේ යෞවනෝද වියේ පසුවන බෘෘස් වෙයින් ගේ චරිතයට පණ පොවන්නේ ඩේවිඩ් මැසෝස් විසිනි.

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

41 mins ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

1 hour ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

5 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

9 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

9 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

10 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

14 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago