රෝහින්ග්‍යා සරණාගතයින් 57 දෙනෙකු එන්ජිම බිඳීගිය ලී බෝට්ටුවක මාසයක් පමණ දිගු මුහුදු ගමනකින් අනතුරුව ඉන්දුනීසියාවේ අචේ පළාතට ගසාගෙන විත් ඇති බව ඉන්දුනීසියානු රජය නිවේදනය කර තිබේ.
මෙම සරණාගතයන් තාවකාලිකව ඉන්දුනීසියාවේ සිථානයක තබන අතර, මෙම පිරිස ආහාර හා ජලය නොමැත්වීම හේතුවෙන් දුර්වලව ඇති හෙයින් තිදෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බව ප්‍රාදේශීය බලධාරීන් වාර්තා කර තිබේ.
රෝහින්ග්‍යා මුස්ලිම්වරු, මියන්මාර සම්භවයක් ඇති පිරිසක් වන අතර මියන්මාර හමුදාව විසින් දියත් කරන ලද ජන සංහාරක ව්‍යාපාරයකින් බේරීමට ඔවුන් බොහෝ පිරිසක් බංග්ලාදේශයට පැන යන ලදි. මොවුන් දේශපාලන අස්ථාවරවීම් හේතුවෙන් පීඩාවට පත් ජනවාර්ගික සුළුතරයකි.
බංග්ලාදේශයේ මේ වන විට කඳවුරුවල පිරිහෙන තත්වයන්, ජන සංඛ්‍යාව වර්ධනය වීම, ආදී හේතූන් නිසාවෙන් මෑත මාස කිහිපය තුළ මෙලෙස රෝහින්ග්‍යා සරණාගතයන් කුඩා ධීවර බෝට්ටුවල නැගී රටින පලායනු දක්නට ලැබේ. මෙම බෝට්ටු සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ විට බෝට්ටුවේ සිටි පුද්ගලයන් පවසා තිබුණේ, ඒ වන විට කුඩා දරුවන් ඇතුළු මගීන් ගණනාවක් ආහාර හා ජලය නොමැතිව මිය ගොස් සිටින බවයි.
මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අග්නිදිග ආසියාවේ අන්දමන් මුහුද අවට රටවල්වලින් ඉල්ලා සිටියේ, බංග්ලාදේශයෙන් පිටවී ගණනක් බලය නොමැතිව පාවෙන රොහින්ග්‍යා සරණාගතයින් 150 ක් පමණ රැගත් කුඩා ධීවර බෝට්ටුහට සහාය වන ලෙසයි.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…