ලොව යන අත

800,000 මිනිසුන්ගේ රුධිරය පිසදා අවදි වූ අප්‍රිකාවේ පිරිසිදුම නගරය ”කිගාලි”

රුවන්ඩාවේ අගනගරය කිගාලි යළි කිසිදාක පිබිදෙනු ඇතැයි ලොව කිසිවෙකුත් නිකමටවත් නොසිතීණි. 1994 වසරේ ඇති වූ සුප්‍රසිද්ධ මානව සංහාරය මසක් තුළ 800000 මනුෂ්‍ය ඝාතන සිදුවූ නගරය රුවන්ඩාවේ කිගාලි ය.

එහෙත් අද ඉතා කෙටි කලක් තුළ කිගාලි යනු අප්‍රකානු මහද්වීපයේ සුපිරිසිදුම නගරය බවට පත් වී ඇත. එය අද ලෝකයේ තෙවන හරිත ගමනානන්තය ලෙස නම් කර ඇත. එමෙන්ම අප්‍රිකාවේ වඩාත් කාර්යක්ෂම රට වන්නේද අද වන විට රුවන්ඩාවයි. අප්‍රිකාවේ සිංගප්පූරුව ලෙස අද සළකනු ලබන්නේද රුවන්ඩාවයි.

ජනසංහාරයක් හෝ යුද්ධයක් මතින් උගත් පාඩම් මුල් කරගනිමින් සිය දියුණූව උදා කරගත් රටවල් ලොව ඇත්තේ සුළු වශයෙනි. සැබෑ ලෙසම ප්‍රතිසංධානය වූ රාජ්‍ය්‍යන්ද ඇත්තේ සුළු වශයෙනි. නමුත් රුවන්ඩාව තමන් මුහුණ දුන් ජන සංහාරයේ පාඩම් බැරෑරුම් ලෙස සිතට ගෙන ලෝකය ඉදිරියේ අභීතව සිට ගනු ලැබීය.

නමුත් එකී කටයුත්ත පිටුපස සැඟවුණ කදුළු කථාද , විවේචනද , දුක්ඛාන්තයන්ද නැත්තේ නොවේ.

හරිත නගරය

බිහිසුනු අත් දැකීම් වලට මුහුණ දුන් ජනතාවක් මෙන්ම රටක් ප්‍රතිසංධාන ගත කිරීමේ එක් පියවරක් ලෙස හරිත නගර සංකල්පය ක්‍රියාත්මක කිරීම සිදු විය. ඒ සදහා ප්‍රධාන නගරය කිගාලි පළමු ව්‍යාපෘතිය බවට පත් කරගනිමින් 2008 වසරේදී රුවන්ඩාව දිරාපත් නොවන සියළු ප්ලාස්ටික් සහ පොලිතින් සිය රාජ්‍ය තුළ තහනම් කරන ලදී. එය එසේ මෙසේ නීතියක් නොවන්නේය. රටට ඇතුළු වන ගුවන්තොටුපළ ආදී පිවිසුම් ස්ථානයන් සෑම එකකම පාහේ පොලිතින් නීති විරෝධී ද්‍රව්‍යක් බවට අනතුරු හැගවීම් පුවරු පෙන්වා ඇති අතර ප්ලාස්ටික් බෑග් එකක් හෝ සමග රට තුළට ඇතුළු වන ඕනෑම පුද්ගලයෙකුට රටට ඇතුල්වීමට අවසර නැත. කිසිවෙකු සමග ප්ලාස්ටික් බෑගයක් සොයා ගත හොත් ඔහුට මාස 12ක් දක්වා සිර දඩුවම් විදීමට සිදු වේ.

එකී තහනම දැඩි ලෙස පවත්වාගෙන ගිය රුවන්ඩා රජය ඊට අමතරව සෑම සතියකම සෙනසුරාදා දින දිවයින පුරා සිටින පොදු ජනතාව පාරිසරික තත්ත්වයන් හා රටේ පොදු අවකාශය වැඩි දියුණූ කිරීම අරමුණු කරගත් උමුගුණ්ඩා නමින් හදුන්වන ලද ව්‍යාපෘති ගණනාවක් දියත් කරන ලදී, උමුගුන්ඩා යන්නෙහි සරළ අර්ථය පොදු අරමුණක් සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි. මෙම ව්‍යාපෘති සදහා වයස අවුරුදු 18ත් 65ත් අතර සෑම පුරවැසියෙකුම සම්බන්ධ විය යුතුය. මම දින‍යේදී ජනපති පෝල් කගාම් ද පිරිසිදු කිරීමේ කටයුතු වලට සහභාගී වන බව එරට මාධ්‍ය පවසයි.

අගනුවර කිගාලීහී වාතාශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සදහා රුවන්ඩා රජය විසින් මෝටර් රථ සඳහා තහනමක් පනවා ඇත එම ප්‍රතිපත්තියට අනුව කුඩා බස් රථ සහ මෝටර් රථ සදහා නගර මධ්‍යයට ඇතුළු වීමේ අවසරයක් නැත. ඒ අනුව නගර වැසියන් සිය ගමනාගමනය සදහා යොදා ගත යුතු වන්නේ පොදු ප්‍රවාහන සේවයයි.

තාවකාලික විසදුමකට එහා ගිය සදාහරිත සංකල්පයක් යොදා ගනිමින් පරිසර හිතකාමී නගරයක් ප්‍රවර්ධනය කිරීමට රුවන්ඩාව දැරූ උත්සහය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 208 වසරේදී කිගාලි නගරය වෙත ගෞරව සම්මානයක් පුද කර සිටියේය. 1998 වසරේදී කිගාලි නගරයට අහිමි වූ තේජස යළිත් ලබා ගැනීමේ අරමුණ ඇතිව ගෙන ගිය ක්‍රියාමාර්ගයන් කිහිපයක්ම සාර්ථක ඒවා බවට පත්ව ඇත. කසළ ප්‍රතිචක්‍රියකරණයට මෙන්ම කසල එකතු කිරීමටද රජයේ මූලිකත්වය ගෙන ඇත.

TO GO WITH AFP STORY BY HANNAH MCNEISH
Residents of the village of Mbyo, in Rwanda’s Eastern Province, take part in the monthly “Umuganda” (coming together for a day of community work) on March 12, 2014. The village was established as a project to foster reconcilliation between victims and perpetrators of the genocide, mixing families next door to each other. AFP PHOTO/PHIL MOORE (Photo credit should read PHIL MOORE/AFP via Getty Images)

ඒ නමුත් කිගාලී අද පත්ව ඇති සුන්දරත්වයට පිටුපසින් සැඟවුණ කදුළු කථාවක් පිළබදව ලෝක මානව හිමිකම් සංවිධානවල දැඩි අවධානයට ලක් වී ඇත.

අලංකාර නගරයක් දකින කිගාලිවලට පැමිණේනන් හට නොපෙනෙන කදුළු කථාවක් ගැන එම මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

හියුමන් රයිටිස් වොච් සංවිධානය, රුවන්ඩා පොලිසීය විසින් කිගාලි හී වාසය කළ දූගී, යාචක , පැල්පත් වාසී අහිංසකයික් රදවාගෙන ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය ඔවුන්ට අහිමි කර ඇති ආකාරය පිළබදව පෙන්වා දෙයි. කිගාලිහි වීදි පිළිවෙලට තබා ගැනීමේ අරමුණින් වීදි වෙළෙන්දන්, ගණිකාවන්, සුළු අපරාධකරුවන්, යාචකයින් සහ වීදි ජනයාට යන එන මං නැතිවූවන් සේ සර කර තැබීමට රුවන්ඩා රජය කටයුතු කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය “මෙම ස්ථානය බන්ධනාගාරයක් ලෙස නොකියන්නේ ඇයි?” යන මාතෘකාවෙන් යුතුව වාර්ථාවක් සකසමින් රුවන්ඩා පොලිසිය විසින් නීතිවිරෝධී ලෙස රඳවාගෙන හා අයුතු ලෙස සැලකූ දුප්පතුන් හා අවදානමට ලක් වූ පුද්ගලයින් 57 දෙනෙකුගේ අත්දැකීම් වාර්තා කරයි.

නගරයට අයත් නොවන්නන්වි ශාල ගබඩාවක් ලෙස විස්තර කර ඇති ස්ථානයක ප්‍රමාණවත් ආහාර, ජලය හෝ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මිනිසුන් රඳවා තබා ඇති බව එම වාර්ථාව පෙන්වා දෙයි. රුවන්ඩා පොලිසිය සහ සමහර විට ඔවුන්ගේ සෙසු රැඳවියන් ද ඔවුන්ට පහර දෙනු ලබයි.

මානව හිමිකම් සංවිධාන රුවන්ඩා රජයෙන් ඉල්ලා සිටියේ 2005 සිට ක්‍රියාත්මක වන ගිකොන්ඩෝ නම් රැඳවුම් මධ්‍යස්ථාන වසා දමන ලෙසත්, වැරදිකරුවන්ට චෝදනා කිරීමට සුදුසු නාලිකා භාවිතා කරන ලෙසත් ය. සංවිධානයට අනුව, ගිකොන්ඩෝ හි භාවිතයන් රටේ ව්‍යවස්ථාවට මෙන්ම වෙනත් ජාත්‍යන්තර හා කලාපීය ප්‍රතිපත්තිවලට පටහැනිය.

කෙසේ හෝ වේවා වසර කිහිපයකට පෙර මළ මිනිසුන්ගේ සොහොනක්ව පැවති කිගාලි අද අප්‍රිකාවේ පිරිසිදුම නගරය බවට පත්ව ඇත.  සදහා රජය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් සේම හරිත පැහයට මූලිකත්වය දීමද කැපී පෙනෙන ලක්ෂණයකි.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

16 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

17 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

18 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

19 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago