තාක්ෂණ

2020 වසරේ ලෝකයේ අංක එකේ YouTuber – වයස 9 ක දරුවෙක්

අද වන විට සමාජ මාධ්‍ය අතර ‘කන්ටෙන්ට් ක්‍රියේට් කිරීම‘ මගින් මුදල් ඉපැයීම පැත්තෙන් ඉදිරියෙන්ම සිටින්නේ යූ ටියුබ් ප්ලැට්ෆෝර්මයයි. ලංකාවේ ද බොහෝ දෙනෙක් YouTuber කෙනෙක් වීමට සිහින මවන අතර, බොහෝ දෙනා විවිධ අන්තර්ගතයන් නිර්මාණය කරමින් එය ආදායම් උපයන මාර්ගයක් බවට පත් කර ගැනීමට සිහින මවනවා. මේ අතරින් මාසයකට ලක්ෂ ගණන් ආදායම් උපයන යූටියුබර්ස්ලාද බිහිව තිබෙන අතර, වස්ති, රැට්ටා යනාදී චරිත ද මෙම සමාජ ජාලය හේතුවෙන්ම අද කරළියට පැමිණ තිබෙනවා.

කෙසේ නමුත් මේ කියන්නට යන්නේ ගෙවී ගිය 2020 වසරේ ලෝකයේ අංක 1 හිමිකරගත් YouTuber ගැනයි. විශේෂත්වය වන්නේ ඔහු අවුරුදු 9 ක කුඩා දරුවෙක්. පහුගිය අවුරුද්දේ ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 29.5 ක් යූ ටියුබ් එක හරහා උපයාගත්තා. මේ ඔහුගේ කතාවයි.

ඔහුගේ නම රයන් කාජි. ඔහු කරන්නේ තමන්ගේ යූ ටියුබ් චැනලය මගින් බ්‍රෑන්ඩඩ් ටෝයිස් (සෙල්ලම් භාණ්ඩ) සහ ළමා නිමි ඇඳුම් අන්බොක්ස් කිරීමයි.

කාජි ඔහුගේ ඇත්ත වාසගම නෙවෙයි. ඔහුගේ ඇත්ත නම රයන් ගුවාන්. නමුත් මාකටින් උපක්‍රමයක් විදිහට YouTube ප්ලැට්ෆෝර්ම් එකට ගැළපෙනම නමක් විදිහට රයන් කාජි කියන නම වැඩිහිටියන් විසින් තෝරා දී තිබෙනවා.

[embedyt] https://www.youtube.com/watch?v=NcHquQ7gd-k[/embedyt]

රයන් කාජිට තමන්ගේම යූ ටියුබ් චැනල් 9 ක් තිබෙනවා. ඒ අතරින් වඩාත්ම ප්‍රසිද්ධ ‘රයන්ස් වර්ල්ඩ්‘ Ryan’s World යූ ටියුබ් චැනලයයි. එහි සබ්ස්ක්‍රයිබර්ස්ලා ගණන මිලියන 41.7 ක්. වීව්ස් බිලියන 12.2 ක් මේ දක්වා ලබාගෙන තිබෙනවා.

රයන් කාජිගේ ජනප්‍රියම වීඩියෝව වුණේ Huge Eggs Surprise Toys Challenge. මේ වීඩියෝව වීව්ස් බිලියන 2 ක් දක්වා ගියා. අද වන විට එය තිබෙන්නේ YouTube එක තුළ ලෝකයේ වැඩියෙන්ම නැරඹූ වීඩියෝ 60 න් එකක් විදිහට.

[embedyt] https://www.youtube.com/watch?v=Tldlt2RhrDw[/embedyt]

කොහොම වුණත් පුංචි කාජිටත් ප්‍රශ්න නැතුවාම නෙවෙයි. කාජිගේ අන්බොක්සිංවලට ඔහුට වෙනමම අනුග්‍රාහකයන් මුදල් ගෙවනවා. මේ වන විට ඇමරිකානු ෆෙඩරල් වාණිජ කොමිසම කියා තිබෙනවා ඔහුට, සියලු අනුග්‍රාහකයන් නිසි පරිදි හෙළිදරව් කිරීම කළ යුතුයි කියා.

රයන්ගේ ToysReview වීඩියෝස්වලින් 9%කම අඩුම ගණනේ එක් පේඩ් කන්ටෙන්ට් එකක්වත් තිබෙනවා. එමගින් ප්‍රඩක්ට් රෙකමන්ඩේෂන්ස් එහෙමත් නැතිනම් කිසියම් නිෂ්පාදනයක් මිලදී ගත යුතු බවට නිර්දේශයක් තිබෙනවා. රයන්ගේ වීිඩියෝවල ඉලක්කය පෙර පාසල් දරුවන්. ඔවුන් සිටින්නේ YouTube Review එකකින් තමන්ට අවශ්‍ය දෙයක් තෝරගන්න ප්‍රමාණවත් වයසක නෙවෙයි. ඒක තමයි, රයන්ගේ YouTube සාර්ථකත්වයට එල්ල වෙලා තියෙන අලුත්ම අභියෝගය. ඒ වගේම සනීපාරක්ෂක නොවන කෑම වර්ග ප්‍රමෝට් කරන බවටත් ඔහුට චෝදනාවක් නැගෙනවා.

කොහොම වුණත් රයන් කාජිගේ සාර්ථකත්වය මේ වන විට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ගැන විද්වතුන්ගේ ත් අවධානයට යොමු වෙලා. සමහරු කියන විදිහට රයන් වගේ දරුවන්ට බලපෑම් කළ හැකි අය, ඒ කියන්නේ child influencers ලා බිහිවීම වෙනත් දරුවන්ට තර්ජනාත්මක විදිහට බලපාන්න පුළුවන්. ඒ වගේම, දකින දකින ලස්සන දේවල් ඉල්ලීම පුංචි දරුවන්ගේ සිරිත නිසා, දෙමාපියන්ගේ පසුම්බියටත් ඒක බලපානවා.

කොහොම වුණත් රයන් කාජිගේ YouTube චැනල් 9 ම බලන හැම කෙනෙක්ම ළදරුවො හෝ දරුවො නෙවෙයි. බොහෝ විට ඒ දරුවන්ගේ දෙමාපියනුත් මෙය නරඹනවා. ඒ වගේම තමන්ගේ දරුවාට මෙය මිලදී ගෙන දෙනවාද කියන එක දරුවාගේ නෙවෙයි, දෙමාපියන්ගේ තීරණයක්. ඒ විදිහට බලපුවාම රයන් කාජිගේ පැත්තෙනුත් කතාවක් මෙතැන තියෙනවා.

Forbes business magazine කියන විදිහට රයන් කාජි වගේ YouTube starsලා විසින් 2019 ජූනි – 2020 ජූනි අතර කාලය ඇතුළත ඩොලර් මිලියන 211 ක් ගෙදර ගෙනිහින් තිබෙනවා. අන්තර්ජාලය ඇසුරින් මුදල් ඉපැයීම, ඩිජිටල් මනි ගැන කතා කරන කිසිම කෙනෙකුට මේ වගේ ආදායමක් බැහැර කරන්න බෑ. ඩිජිටල් ආර්ථිකයට මේ වන විට යූ ටියුබ් ඇතුළු සමාජ ජාල විශාල බලපෑම් සහගත බවක් එක් කර තිබෙනවා.

රයන් කාජි ළඟට YouTube හරහා වැඩිම මුදලක් උපයා තිබෙන්නේ ‘මිස්ටර් බීස්ට්‘ (Mr Beast). ඔහුගෙ සත්‍ය නම ජිමී ඩොනල්ඩ්සන්. ඔහු ගතවූ වසර තුළ ඇ.ඩො. මිලියන 24 ක් උපයා තිබෙනවා.

[embedyt] https://www.youtube.com/watch?v=PKtnafFtfEo[/embedyt]

22 හැවිරිදි තරුණයෙක් වන ඩොනල්ඩ්සන්, ත්‍රාසජනක වීරක්‍රියාවල නිරත වන කෙනෙක්. උදාහරණයක් විදිහට ඔහු අයිස් තුළ බැහැලා මිදෙන්නට පවා පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ට අභියෝගකරන අයට ඒ අභියෝගවලින් ජයගත්තොත් විශාල මුදල් සම්භාර තිළිණ කරන්නත් ඔහු පසුබට වෙන්නේ නැහැ. Microsoft සහ Electronic Arts වගේ සමාගම්වල ප්‍රඩක්ට්ස් ප්‍ර මෝට් කිරීමත් මිස්ට බීස්ට් කරනවා. ඔහුට වෙනම මැනේජර් කෙනෙක් ද සිටිනවා. ඒ ඔහුගේ මුදල් කළමනාකරණය කිරීමටයි. ඔහු වරක් ට්වීට් කර තිබුණේ, ඩොලර් මිලියන 10 ක් වටිනා ‘අදහසක්‘ තමන් ට ඊළඟ වීඩියෝ එකට තියෙනවා කියලයි.

තුන්වැනි තැන දිනාගෙන තිබෙන්නේ මිතුරන් පස් දෙනෙක් විසින් කරන යූ ටියුබ් චැනලයක්. ඔවුන් තමන්ව හඳුන්වා ගන්නේ Dude Perfect කියලයි. ගතවූ වසරේ ඔවුන්ගේ ආදායම ඩොලර් මිලියන 23 ක්! මේ පස්දෙනා වරක් අන්තර්ජාතික රතු කුරුස සංවිධානය සහ ෆීඩින් ඇමරිකා සංවිධානය වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමේ වීඩියෝ කළා. ඒවායින් ඩොලර් 160,000 ක් උපයා දෙන්නටත් ඔවුන් සමත් වුණා. ඒ වගේ සමාජ සත්කාරයන් ගැන සිතන අයත් ලෝකයේ ඉහළම ආදායමක් ලබන යූටියුබර්ස්ලා අතර සිටීම අනිවාර්යයෙන්ම අගය කළ යුතු කාරණයක්.

[embedyt] https://www.youtube.com/watch?v=9X_nbT89X-c[/embedyt]

ඒ වගේම 2012 වසරේ පටන් මේ දක්වා YouTube star කෙනෙක් විදිහට නොකඩවා තමන්ගේ සාර්ථකත්වය පවත්වාගෙන සිටින්නට සමත් වූ දෙන්නෙක් තමයි, Rhett and Link. ටෝක් ෂෝස්වලින් ගමන ආරම්භ කළ ඔවුන් මේ වසරේ ඩොලර් මිලියන 20 ක් සමග 4 වැනි තැන දිනාගෙන සිටිනවා.

මේ තියෙන්නේ, ගතවූ වසරේ ලෝකයේ වැඩිම ආදායමක් ලැබුව YouTuber ලා 5 දෙනාගේ ලැයිස්තුව.

1 . Ryan Kaji – $29.5m
2 . Mr Beast (Jimmy Donaldson) – $24m
3 . Dude Perfect (five friends – Coby Cotton, Cory Cotton, Garret Hilbert, Cody Jones and Tyler Toney ) – $23m
4 . Rhett and Link – $20m
5 . Markiplier – $19.5m

main photo: The Guardian

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

6 mins ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

4 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

12 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

13 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago