එසැණ පුවත්

තමන්ගේම වාර්තාව බිඳිමින් සවුදි අරම්කෝ මෙවර කාර්තුවේ ලාභය ඩොලර් බිලියන 48 උපයලා!

එම ලාභය වසරින් වසර (Y-o-Y) සියයට 90 ක ඉහළ යාමක් වන අතර, එය එම සමාගම විසින් ම මීට වසර තුනකට ඉහත ලැබූ වාර්තාගත ලාභය බිඳ දැමීමක් බව සඳහන්.

ඕනෑම ලැයිස්තුගත සමාගමක විශාලතම කාර්තුමය ගැලපුම් ලාභය මෙවර උපයා තිබෙන්නේ සවුදි අරම්කෝ සමාගම විසින් බවට බ්ලූම්බර්ග් වාර්තා කරයි.

මෙකී වාර්තාගත ලාභයට අමතරව, මෙම වසරේ තුන්වන කාර්තුව සඳහා එහි ලාභාංශය ඇමරිකානු ඩොලර් බිලියන 18.8 ක නොවෙනස්ව පවත්වා ගන්නා බව ද එම සමාගම නිවේදනය කර තිබේ.

එමෙන්ම, ඉල්ලුමට සරිලන පරිදි සැපයුම පුළුල් කිරීමට ද කටයුතු කරන බව සවුදි අරම්කෝ සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සවුදි අරම්කෝ සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අමින් නසර් ප්‍රකාශ කර සිටියේ, ගෝලීය වෙළඳපොල අස්ථාවරත්වය සහ ආර්ථික අවිනිශ්චිතතාවය හමුවේ මෙම වසරේ මුල් භාගයේ හටගත් සිදුවීම් නිසා “වෙළඳපොල සැපයුම් ශක්තිමත් කිරීම” සහ “විධිමත් බලශක්ති සංක්‍රමණයකට පහසුකම් සැලසීමට” තම කර්මාන්තයේ අඛණ්ඩ ආයෝජන අවශ්‍ය වූ බව පෙනී යන බවයි.

ලොව තවත් විශාල බලශක්ති දායකයකු වන රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ගෝලීය වෙළඳපොල තුළ තෙල් සහ ගෑස් මිළ අහස උසට නැඟ ගොස් තිබූ අතර, මෙමඟින් රුසියාවේ බලශක්ති ප්‍රභව සඳහා බටහිර රාජ්‍යවල ඇති ඉල්ලුම පහත වැටිණි.

එමෙන්ම, කොවිඩ්-19 වසංගතයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන්ගෙන තිබූ මොහොතක බලශක්ති ඉල්ලුම සැපයුම ඉක්මවා යමින් තිබියදී මෙම රුසියානු – යුක්රේන යුද්ධය නිසා තෙල් මිල ඉහළ යාම සිදුවිය.

සවුදි අරම්කෝ යනු සවුදි අරාබියේ රාජ්‍ය තෙල් සමාගම වන අතර, එය ඔපෙක් (OPEC) සංවිධානයේ විශාලතම බලශක්ති දායක සාමාජිකයා ය.

ඡායාරූප: ෂටර්ස්ටොක්

Share

Recent Posts

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

5 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

9 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

11 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

11 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

11 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

15 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

15 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

16 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

1 day ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

1 day ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

1 day ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

1 day ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago