ඇමරිකාවේ හමුදා සේවයට අනුයුක්ත කර සිටින සෞදි ජාතික නිලධාරීන් දොලොස් දෙනෙකු පමණ සේවයෙන් නෙරපා හැර ඇති බවට වාර්තා වේ.
ඒ, ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මීට මසකට ඉහත හටගත් වෙඩි තැබීමේ සිදුවීම පාදක කොට ගෙන ය.
මෙම වෙඩි තැබීම සිදුවූයේ පෙන්සකෝලා හි නාවික ගුවන් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගෙනය.
එම වෙඩි තැබීම සිදුකළ 21 හැවිරදි සෞදි ජාතික තරුණයා ගුවන් හමුදා ලුතිනන්වරයකු බවට වාර්තා වී තිබිණි.
මොහු සෞදි රජයේ අනුග්‍රහය මත ක්‍රියා කළ පුද්ගලයකු නොවන බවද අනාවරණය කර ගෙන තිබිණි.
මෙම වෙඩි තැබීමෙන් නාවික භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ඇමරිකානු රජය විශ්වාස කරන්නේ ඔහු යම් ත්‍රස්ත කල්ලියකට සම්බන්ධ පුද්ගලයකු විය හැකි බවටයි.
ඒ අනුව, ඇමරිකානු හමුදාවට අනුයුක්ත කර තිබූ තවත් සෞදි ජාතික නිලධාරීන් දොලොස් දෙනෙකු පමණ සේවයෙන් නෙරපා දැමීමට කටයුතු කොට තිබේ.
මෙම පුද්ගලයින් ද අන්තවාදී ක්‍රියා වලට සබඳතාවක් පවත්වනු ඇති බවට සැක පහළ කෙරේ.
මීට අමතරව, ඉහත සේවයෙන් පහ කළ තරුණයින් දරුවන් යොදා ගනිමින් නිර්මාණය කරන නිල් චිත්‍රපට හුවමාරු කරන්නන් බවට ද චෝදනා ලැබ ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් එම තොරතුර පිළිබඳ එෆ්බීඅයි සංවිධානය හා අධිකරණ දෙපාර්තමේන්තුව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන ලදී.
පෙන්සකෝලා හි සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ඇමරිකානු හමුදා සේවයේ අනුයුක්ත කර තිබූ සෞදි ජාතික නිලධාරීන් විමර්ශනයට බඳුන් කිරීමට ඇමරිකානු රජය කටයුතු කර තිබිණි.
ත්‍රස්ත චෝදනා මත රඳවා තබා ගෙන ඇති මෙම පුද්ගලයින් සම්බන්ධව විමර්ශන කටයුතු දියත් කිරීමට සෞදි අරාබි රජයේ සහාය ද ලැබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් ෆ්ලොරිඩා වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් නිසැකවම තහවුරු කර ගැනීමට සමත්ව නොමැත.
ඇමරිකානු හමුදාවේ සෞදි ජාතික හමුදා පුහුණුවීම් ලබන තරුණයින් 850 පමණ සිටින බවට වාර්තා වේ.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…