ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම අපේක්ෂිත වේගයට වඩා වේගයෙන් සිදුවන බැවින් විමෝචන පරීක්‍ෂා නොකළ හොත් ගෝලීය මුහුදු මට්ටමේ ඉහළ යාම 2100 වන විට මීටර 1කිනුත් 2300 වන විට මීටර් 5කිනුත් ඉහළ යා හැති බව විශේශඥයින් පවසයි.
අවදානම් තක්සේරුව පදනම් වී ඇත්තේ ඊට සම්බන්ධ පද්ධති පිළිබඳ දැනුම හා නව සොයාගැනීම් මත වන අතර විද්‍යාඥයින් පවසන්නේ මීට පෙර මුහුදු මට්ටමේ ඉහළ යාමේ ඇස්තමේන්තු අගයන් ඉතා අඩු මට්ටමක පැවති බවයි.
එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්ව විද්‍යාලය, එක්සත් ජනපදයේ ටෆ්ට්ස් විශ්ව විද්‍යාලය සහ ජර්මනියේ දේශගුණික බලපෑම් පර්යේෂණ සඳහා පොට්ස්ඩෑම් ආයතනයේ සහාය ඇතිව සිංගප්පූරුවේ නැන්යැං තාක්‍ෂණික විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෙහෙයවන ලද අධ්‍යයනය මත පදනම්ව ගාඩියන් පුවත්පත මෙසේ පවසා ඇත.
“අද අප කරන දේ, දශක කිහිපයක් ඇතුළත, සියවස් ගණනාවක් පුරා මුහුදු මට්ටම ඉහළ යාම පිලිබදව තීරණය කරනු ඇත. නව විශ්ලේෂණ වෙන කවරදාටත් වඩා මෙය පැහැදිලිව පෙන්වයි,” ජර්මනියේ පොට්ස්ඩෑම් දේශගුණික බලපෑම් පර්යේෂණ ආයතනයේ (PIK) සම කර්තෘ ස්ටෙෆාන් රහම්ස්ටෝෆ් උපුටා දක්වමින් ඒඑන්අයි වාර්තා කළේය.
“නමුත් මෙයද ශුභ ආරංචියකි: හරිතාගාර වායු විමෝචනය සම්බන්ධයෙන් ගත් කල, ලෝකයේ වෙරළ තීරයේ, හැම්බර්ග් සිට ෂැංහයි දක්වා සහ මුම්බායි සිට නිව්යෝක් දක්වා මිලියන සංඛ්‍යාත ජනතාවකට ඇති අවදානම කොතරම් වැඩි කරනවාද යන්න පිලිබද දත්ත අපගේ අතේ ඇත.” ,
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කාර්මික පූර්ව මට්ටමට වඩා සෙල්සියස් අංශක 2 කට සීමා වී ඇති අවස්ථාවක විශේෂඥයන් ඇස්තමේන්තු කර මුහුදු මට්ටම ඇත්තේ 2100 වන විට මීටර් 0.5 ක් සහ 2300 වන විට මීටර් 0.5 සිට 2 දක්වා ඉහළ යනු ඇති බවයි. සෙල්සියස් අංශක 4.5 ක උනුසුම් වීමක් සහිත ඉහළ විමෝචන තත්වයක් තුළ, 2100 වන විට මීටර් 0.6 සිට 1.3 දක්වා සහ 2300 වන විට මීටර් 1.7 සිට 5.6 දක්වා විශාල වැඩිවීමක් විය හැකි බව විශේෂඥයන් ගණන් බලා තිබේ.
සමීක්ෂණයට සිදු කළ විශේෂඥයන් විසින් ග්‍රීන්ලන්තය සහ ඇන්ටාක්ටික් අයිස් තට්ටු අවිනිශ්චිතතාවයේ විශාලතම ප්‍රභවයන් ලෙස හඳුනාගෙන ඇත. මෙම අයිස් තට්ටු දේශගුණික විපර්යාස පිළිබඳ වැදගත් දර්ශකයක් වන අතර මුහුදු මට්ටම ඉහළ යාමේ ධාවකයකි. චන්ද්‍රිකා මත පදනම් වූ දත්ත සහ භූමියේ මිනුම්වලින් පෙන්නුම් කරන්නේ අයිස් තට්ටු වේගවත් වේගයකින් දියවන බවයි. කෙසේ වෙතත්, සමීක්ෂණය කරන ලද විශේෂඥයින් සඳහන් කළේ, විමෝචන සාර්ථකව අඩු කිරීමෙන් මුහුදු මට්ටම ඉහළ යාමේ විශාලත්වය හා බලපෑම සීමා කළ හැකි බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…