සිරියාවට හා තුර්කියේ ගිනිකොන දිග ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූමිකම්පාවකින් සහ එහි පසු කම්පනවලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.
ඒ අනුව තුර්කියේ අවම වශයෙන් මරණ 17,674 ක් වාර්තා වී ඇති අතර සිරියාවේ පුද්ගලයින් 3,317 ක් මියගොස් ඇති බව වාර්තා වේ. ගලවා ගැනීමේ කටයුත් සිදු වෙමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇත.
තුර්කියේ සුන්බුන් වලින් 8,000 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති අතර 380,000 ක් පමණ රජයේ නවාතැන් හෝ හෝටල්වල් වල සරණාගතව සිටින බව බලධාරීහු පවසා තිබේ.
තුර්කි බලධාරීන් පවසන්නේ බටහිරින් අඩානා සිට නැගෙනහිරින් දියර්බකීර් දක්වා දළ වශයෙන් කිලෝමීටර 450 (සැතපුම් 280) සහ උතුරේ මලටියා සිට දකුණේ හැටේ දක්වා කිලෝමීටර් 300 (සැතපුම් 186) දක්වා විහිදෙන ප්‍රදේශයක මිලියන 13.5 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි. තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරිය (AFAD) Kahramanmaras, Gaziantep, Sanliurfa, Diyarbakir, Adana, Adiyaman, Malatya, Osmaniye, Hatay සහ Kilis ලෙස මෙතෙක් බලපෑමට ලක් වූ ප්‍රදේශ ලැයිස්තුගත කර ඇති අතර තුර්කිය භූමිකම්පාවෙන් පීඩාවට පත් පළාත් 10 ක මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
අඟහරුවාදා, තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan පැවසුවේ රටවල් 70 ක් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා උදව් ලබා දී ඇති බවත්, බලපෑමට ලක් වූ පුද්ගලයින් තාවකාලිකව නවාතැන් ගැනීම සඳහා බටහිරින් පිහිටි Antalya හි සංචාරක මධ්‍යස්ථානයේ හෝටල් විවෘත කිරීමට තුර්කිය සැලසුම් කර ඇති බවයි. මේ වන විට දිවි ගලවා ගත් අය සඳහා රුධිරය, ඇඳුම් පැළඳුම් සහ ආහාර පරිත්‍යාග කිරීමට මිනිසුන් ඉක්මන් වී තිබේ.
සිරියාවේ මානුෂීය ආධාර සංවිධාන පවසා තිබුණේ මිලියන 4.1 ක පමණ පිරිසකට ආධාර අවශ්‍ය ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) සිරියාවේ ප්‍රකාශක Adnan Hazem මාධ්‍ය වෙත පවසා තිබුණේ මිනිසුන් කම්පනයට පත්ව සිටින බවත් ඔවුන් අසරණව සිටින බවත්ය.
සිරියාවේ Aleppo, Idlib, Hama සහ Latakia යන පළාත්වල දේශසීමා හරහා දහස් ගණනක් ජනතාව පීඩාවට පත්ව ඇති අතර භූමිකම්පාවලින් පීඩාවට පත් වූ ප්‍රදේශ රජය විසින් පාලනය කරන ලද භූමි ප්‍රදේශය සහ රුසියානු පිටුබලය ලබන රජයේ හමුදා විසින් පාලනය කරන භූමි ඇතුලත් වේ. ඊයේ(09)දිනය වන විට වාර්තා වී තිබුණේ මානුෂීය ආධාර ට්‍රක් රථ හයක් බාබ් අල්-හවා හරස් මාර්ගය හරහා ගමන් කරන බවත් මාර්ග කැඩී බිඳීයාම හා සංවිධානත්වයේ දුෂ්කරතා හේතුවෙන් තත්වය අසීරු වී ඇති බවත්ය.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…