ඊශ්‍රායලයේ දකුණු අල්-කසුම් කලාපයේ කුඩා ගම්මාන වල දරුවන් 18,000 පමණ පාසල් යාමෙන් වැළකී සිටින බවට වාර්තා වේ.
ඒ එරට අධ්‍යාපන අමාත්‍යංශයේ අක්‍රමිකතා හේතුකොට ගෙන ය.
ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කරන අන්දමට, ඊශ්‍රායලයේ ගම්බද ප්‍රදේශ වල වාසය කරන දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය නිසි සම්පත් නොමැතිකම හා අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කර නොතිබීම මීට හේතුවයි.
ඒ අනුව, ගම්බද ප්‍රදේශ වල ජීවත් වන දරුවන් පාසල නොයැවීමට දෙමාපියන් කටයුත් කොට තිබේ.
ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශය හා රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රතිපාදන නිසි පරිදි ලබා දෙන ලෙසයි.
මෙම අක්‍රමිකතාවයන් හේතුකොට ගෙන ඊශ්‍රායලයේ සුවහසක් දරු පරපුරගේ අධ්‍යාපනය ඇණ හිට තිබේ.
2020 වර්ෂයට අදාල අයවැය ප්‍රතිපාදන වල අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති ප්‍රමණය පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව රටවැසියන් ගේ මතයයි.
මේ සමබන්ධව අධිකරණයේ ගොනු කළ නඩුවක් ද ක්‍රියාත්මක වන අතර, ජෙරුසලම් පෝස්ට් වාර්තා කළ අන්දමට අද (12) දින එය විභාගයට ගැනීමට ද නියමිතය.
මෙම නඩුව ක්‍රියාත්මක වන්නේ බීර්ෂීබා දිස්ත්‍රික් අධිකරණයේ එරට වේලාවෙන් පෙරවරු 11 ට ය.
ඊශ්‍රායල අධ්‍යාපන අමාත්‍යංශයට එරෙහිව මෙම නඩුව ගොනු කොට ඇත.
ඊශ්‍රායලයේ පවතින්නේ භාරකාර රජයකි. එනම් තාවකාලික රජයකි.
ගරා වැටුණු පාලන තන්ත්‍රයක් හිමි ඊශ්‍රායල රජය තවමත් මැතිවරණයක් තුළින් ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමට අසමත් ව පනතී.
වත්මන් භාරකාර රජය මේ වන විටත් ආර්ථික, නීතිමය හා දේශපාලනික වශයෙන් ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට අසමත්ව සිටී.
විධිමත් ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීමට අපොහොසත් මෙම භාරකාර රජය මෙහෙයවනු ලබන්නේ එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු විසිනි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…