පසුගිය සඳුදා දින භූමිකම්පාවට හසුවූ තුර්කියේ හා සිරියාවේ භූමිය එකම නටඹුන් ගොඩකි.
එහි වාර්තා වන මරණ සංඛ්‍යාවද විටෙන් විට ඉහළ යමින් තිබේ. මේ වන විට නිල මරණ සංඛ්‍යාව 16,000ට ආසන්න ලෙස වාර්තා වන අතර පවතින අධික ශිත කාළගුණය හා මාර්ග පද්ධතිය විනාශ වී යාම හේතුවෙන් ව්‍යසනයට පත්වූවන් වෙත ප්‍රවේශ වීමට සහන කණ්ඩායම් වලට අපහසුව ඇති බව කියැවේ.
මේ වන විට තුර්කියේ පුද්ගලයින් 12,873 ක් මිය ගොස් ඇති අතර 60,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය වාර්තා වී ඇති අතර සිරියාවේ 4,127ක් මිය ගොස් 5,000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. තවමත් පසු කම්පන තත්වයන් පවතින අතර තවත් ගොඩනැගිලි කඩා වැටීමේ නිරන්තර අවදානමක් පවතී.
දශකයකට වැඩි කාලයක් තුළ භූමිකම්පා හේතුවෙන් ලොව පුරා සිදු වූ විශාලතම මරණ සංඛ්‍යාව පසුගිය සඳුදා සිදු වූ භූමිකම්පාවෙන්යා වාර්තා වන අතර වයිටි හෙල්මට් මානුෂීය ආධාර සංවිධානය පවසන්නේ තවමත් සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිලියට සුන්බුන් තුළ බොහෝ දෙනා සිරවී සිටින බවයි. ඒ අනුව සෑම තත්පරයක්ම ජීවිතයක් බේරා ගැනීමක් වන බවයි.
භූමිකම්පාවෙන් දරුණු ලෙස පීඩාවට පත් උතුරු සිරියාවේ වසර 12ක් පමණ තිස්සේ සිවිල් යුද්ධයක් පැවැති හෙයින් කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ප්‍රදේශවල මිලියන ගණනක් දෙනා වෙනුවෙන් යැවෙන පළමු මානුෂීය ආධාර පෙළ දකුණු තුර්කි දේශසීමාව වෙත ගමන් කර ඇති බව වාර්තා වේ.
භූමිකම්පාව හේතුවෙන් මාර්ග කැඩී බිඳී ගොස් ඇති බැවින් ආධාර ලබා දීම අතිශය දුෂ්කරව ඇති බව මානුෂීය ආධාර කණ්ඩායම් සඳහන් කර තිබේ. සිරියාවේ මේ සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධීකරණයක් නොතිබීම තත්වය වඩාත් නරක අතට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සිරියාව බලා යන ආධාර ට්‍රක් රථ හයක් බාබ් අල්-හවා හරස් මාර්ගය හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වන බවයි.
භූමිකම්පාව හේතුවෙන් තුර්කියේ ගොඩනැගිලි 75,000ක් පමණ කඩා වැටී ඇති අතර මේ පිළිබඳ ඉංජිනේරුවන් ප්‍රකාශ කරන්නේ නියමිත ප්‍රමිතියෙන් තොරව මේවා ඉදිකිරීම හේතුවෙන් මරණ ප්‍රමාණය ඉහළ යාමට හේතු වූ බවයි. තුර්කියේ පුද්ගලයන් 17,000ක් මිය ගිය 2018 දී තුර්කියේ පෙර පැවති ව්‍යසනයන්ගෙන් පසුව ඉදිකිරීම් රෙගුලාසි දැඩි කරන ලදී. මේ පිළිබඳව සැළකිලිමත් නොවීම පිළීබඳව රජය පිළිබඳ මහජන කෝපය වර්ධනය වෙමින් ඇත.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…