බොහෝ ප්‍රකට ශ්ලෝක ගණනාවක නිර්මාතෘවරයා මෙන්ම උපනිෂද් ශාස්තෘවරයෙකු සේ ද සැලකෙන ඉන්දියාවේ ස්වාමි විවේකානන්ද තුමා මිය ගියේ වයස අවුරුදු 39 ක් වැනි ළාබාල වියේදී ය. දශක ගණනක නොසිඳෙන ජනප්‍රියත්වයෙන් පසුව ද ඔහුගේ මරණය අබිරහස් ලෙසට ලෝකයේ ඉතිරිව තිබේ.
ඔහු මිය ගිය බව අබිහරසක් නොවුණත්, ඔහු මිය ගියේ කෙසේද යන්න අබිරහසක් බවට ලෝකය තුළ පත්ව තිබෙන්නේ හේතු ගණනාවක් නිසා ය. 1863 ජනවාරි 12 වැනිදා නරේන්ද්‍රනාත් දත්තා යනුවෙන් ඉන්දියාවේ කල්කටා නුවර උපන් ස්වාමි විවේකානන්දතුමා Swami Vivekananda හින්දුත්වවාදය (Hinduism)ට පුනර්උපතක් ලබාදුන් බව පුද්ගලයා ලෙසට අවිවාදිත ය.
එදා ඇමරිකාවේ චිකාගෝ හිදී 1893 සැප්තැම්බර් 15 වැනිදා ලෝක ආගම් පිළිබඳ පාර්ලිමේන්තුවේදී (“Parliament of the World’s Religions” ) කළ කතාව ආරම්භ වූයේ “Sisters and brothers of America” යනුවෙනි. එම දේශනය, නූතන හින්දුත්වවාදයේ උපත ලෙස ද සැලකේ.
පසුව 1902 ජූලි 04 වැනිදා දේශනයකින් පසුව ඔහු තමන් අවට සිටි අයට, ‘‘මට බාධා කරන්න එපා‘‘ යැයි කියමින් සිය කාමරයට ගොස් දොරවසා ගත්තේය. එය ඔහුගේ ජීවිතයේ අවසන් දවස විය. එදින මේ හින්දු පූජකවරයාගේ හැසිරීමේ යම් අසාමාන්‍යතාවක් තිබු බවට වාර්තා බොහෝ ය.
ස්වාමි විවේකානන්දතුමා සාමාන්‍යයෙන් දවස ආරම්භ කරන්නේ පැය 3 ක් භාවනා කිරීම මගිනි. පසුව ඔහු තම ශිෂ්‍යයන්ට ශකුලා-යජූර්-වේදය නමැති සංස්කෘත ව්‍යාකරණ ක්‍රමය සහ දර්ශනවාදය ඉගැන්වීමේ යෙදෙයි. කෙසේ නමුත් එදින පැවති දේශනයේදී සිය ශිෂ්‍යයන්ට තමන් දන්නා සියලුම දේ ‘පෙවීමට‘ අසාමාන්‍ය ලෙස වෑයම් කළ බවට වාර්තා තිබේ.
එදින ඔහු නැවත දැනුම් දෙන තෙක් බාධා නොකරන බව කියමින් සිය කාමරයට ගොස් දොර වසාගෙන තිබෙන්නේ රාත්‍රී 7 ට පමණ ය. රාත්‍රී 9.10 පමණ වන විට ‘ශ්‍රේෂ්ඨ ගුරු‘ මෙලොව හැර ගොස් ඇති බව සොයා ගැනුණි. ලෝකයම ඔහුගේ අකල් මරණයෙන් කැළඹෙද්දී ඔහුගේ ගෝල පරපුර කියා සිටියේ සිය ගුරුතුමා ‘මහාසමාධිය‘ ලබාගත් බව ය. ගුරුතුමාගේ මොළයේ නහරයක් පුපුරා ගොස් ඇති බව ද සොයාගැනිණි. එය ලේ නහරය පුපුරා ගියේ ‘බ්‍රහ්මරාන්ද්‍ර‘ හෙවත් ශීර්ෂ මස්තකයේ වූ කිරුළ, මහාසමාධියට පත් වීමේදී විවර වීම නිසා යැයි ද ගෝලයෝ කීහ.
ස්වාමි විවේකානන්දයන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණේ බෙලූර් හි ගංගානම් නදී ඉවුරේ ය. එයට වසර 16කට පෙර මියගිය ඔහුගේ පරම අධ්‍යාත්මික ගුරුවරයා වූ රාමක්‍රිෂ්ණා පරමහංසගේ චිතකය දැල්වූ තැනට නුදුරින් ස්වාමි විවේකානන්දයන්ගේ ද සඳුන් චිතකය ගිනි දැල්වුණි.
ඒ බවට ද සාක්ෂි තිබේ. 1986 වසරේදී ස්වාමි විවේකානන්දයන් විසින් ස්වාමි අභීතානන්ද අමතා කියා ඇත්තේ තමන් තව වසර 5-6කට වඩා ජීවත් නොවනු ඇත කියා ය. ස්වාමි අභීතානන්ද යනු රාමක්‍රිෂ්ණා පරමහංසගේ ළඟම ගෝලයෙකි. මේ ප්‍රකාශයට ඔහු විසින් විරෝධය පෑ විට එයට ස්වාමි විවේකානන්දයන් විසින් ලබා දී තිබු පිළිතුර, තවත් සියවස් ගණනාවකට අමතක නොවන එකකි. ‘‘ඔබට වැටහෙන්නේ නැහැ. මගේ ආත්මය දිනෙන් දින වැඩෙනවා. ශරීරයට දරාගත නොහැකි තරමට. කොහොම වුනත් මේ ඇටකටු සහ මාංසයෙන් හැදුණු කූඩුව යම් වේලාවක පුපුරා යාවි..“
ස්වාමි විවේකානන්දයන්ගේ චිතකයට පැන දිවි නසා ගැනීමට තැත් කළ සුදු ජාතික, අයර්ලන්ත කාන්තාවක් ගැන ද ඉතිහාසයේ සඳහන් ය.
ඇය හැඳින්වූයේ ‘නිවේදිතා සොයුරිය‘ (සිස්ට නිවේදිතා) යනුවෙනි. 1895 වසරේ ලන්ඩනයේදී ස්වාමි විවේකානන්දතුමා ව හමුවීමෙන් පසුව මෙම සුදු ජාතික තරුණිය දර්ශනය උගැනීම සඳහා ඉන්දියාවට පැමිණ ඇති අතර, පසුව හින්දුත්වවාදය වෙත ඇදී ගොස් ඉන්දියාවේ පදිංචි වී ඇත. ඇය ස්වාමි විවේකානන්දයන් කෙරෙහි මහත් භක්තියෙන් පසුවූ කාන්තාවක් ලෙස ප්‍රකට ය. ඇයට ස්වාමි විවේකානන්දයන්ව ඔහුගේ මරණයට දින 2කට පෙර ද මුණ ගැසී තිබිණි. එහිදී ඔහු ‘ඒකදාෂි‘ (Ekadashi) නමැති වෘතය සමාදන්ව සිටි බව ද පැවසේ. එය අධ්‍යාත්මික සමාධිය පතා සිදුකරන නිරාහාර ව්‍රතයක් වූ බැවින් ස්වාමි විවේකානන්දයන් ආහාර ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු සියතින්ම සිය ගෝලයන්ට කෑම බෙදා දුන් බව සඳහන් ය. මෙය ඔහුගේ සාමාන්‍ය පිළිවෙත නොවේ. එපමණක් නොව ඔහු නිවේදිතා සොයුරියට බීමට පැන් ටික පවා සියතින් වත් කර තිබේ. ‘‘ස්වාමිජී, මේක මමයි, ඔබතුමා වෙනුවෙන් කළ යුත්තේ. ඔබතුමා මෙය කළ යුතු නෑ!“ යැයි එවිට නිවේදිතා සොයුරිය ස්වාමි විවේකානන්දයන් අමතා කියා තිබේ.
නිවේදිතා සොයුරිය වෙත ස්වාමි විවේකානන්දයන්ගේ මරණය පිළිබඳ පුවත සැළ කළේ බෙලූර් මැත් හි තවත් ප්‍රබල චරිතයක් වූ ස්වාමි සාරානන්දයන් විසිනි. පුදුමය වන්නේ, එම ස්වාමි විවේකානන්දයන් මෙලොව හැර ගිය දිනයේ රාත්‍රියේ නිවේදිතා සොයුරිය විසින් ශ්‍රී රාමක්‍රිෂ්ණා සිය ශරීරයෙන් දෙවැනි වතාවට වෙන්ව ආත්මීය ස්වරූපයට පත්වන ආකාරය සිහිනයෙන් දැකීමයි.
ශ්‍රී රාමක්‍රිෂ්ණා යනු කවුද? ශ්‍රී රාමක්‍රිෂ්ණා යනු, නූතන වේදාන්තය, නූතන හින්දුත්වවාදය, ගෝලීය හින්දුත්වවාදය වැනි නම් වලින් හැඳින්වෙන දර්ශනය බිහි කළ රාමක්‍රිෂ්ණා පරමහංස නමැති ලෝ ප්‍රකට අධ්‍යාත්මික නායකයා ය. ස්වාමි විවේකානන්දයන් සැලකෙන්නේ රාමක්‍රිෂ්ණා පරමහංසයන්ගේ හොඳම ගෝලයා ලෙස ය.
ස්වාමි විවේකානන්දයන්ගේ ආභාසය ලැබූ පරපුර අති දැවැන්ත ය. ඉන්දීය නිදහස් සටනේ වීරයෙකු වන සුභාස් චන්ද්‍රෙබෝස්, අවිහිංසාවාදයේ පියා-මහත්මා ගාන්ධි, මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්, ඉන්දියාවේ අවසන් මහාණ්ඩුකාරවරයා වූ චක්‍රවර්තී රාජගෝපාලාරච්චි, ජවහර්ලාල් නේරු, ජගදීෂ් චන්ද්‍රබෝස්ගේ පටන් මේ පරපුර නූතන ඉන්දියාවේ මහා සමාජ ක්‍රියාකාරී අන්නා හසාරේ සහ හින්දුත්වවාදය අනවශ්‍ය තරමට ම කරපින්නා ගෙන යන, එනමුත් නූතන ඉන්දියාවක් වෙනුවෙන් වෙහෙසී වැඩ කරන අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි දක්වාම විහිදෙයි.
Lectures from Colombo to Almora යනුවෙන් ස්වාමි විවේකානන්දයන්ගේ දේශන ඇතුළත් පොතක් මුද්‍රණය වී තිබේ. එහි අඩංගු වන්නේ ඇමරිකාවේ චිකාගෝ නුවර ලෝක ආගම් පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු නැවත ඉන්දියාව බලා පැමිණ, ඉන්පසු ලංකාවට පැමිණ ඔහු විසින් ස්ථාන 17කදී පැවැත්වු දේශනයන් ය. ඇල්මෝරා යනු ඉන්දියාවේ උත්තර්කාන්ද් හි නගරයකි. ස්වාමි විවේකානන්දතුමා ලංකාවේ කොළඹ නගරයට පැමිණියේ 1897 ජනවාරි 15 වැනිදා ය. එය බ්‍රිතාන්‍ය කොලනියක් වශයෙන් ලංකාව පැවති සමයයි. ලංකාවේ,
යන නගර එම දේශන සඳහා ස්වාමි විවේකානන්දයන් විසින් තෝරාගෙන තිබිණි.
ස්වාමි විවේකානන්දයන් කොළඹ පුරා දින 4 ක් නැවතී සිටි බව පැවසේ.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…