ඒ අනුව ඇෆ්ගනිස්ථානය අද පටන් හැඳින්වෙනු ඇත්තේ ‘ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්ස්‘‘ ( “Islamic Emirate”) යනුවෙනි.
නව ආණ්ඩුව ඔවුන් විසින් හඳුන්වා දී තිබෙන්නේ අන්තර්වාර ආණ්ඩුවක් ලෙස ය.
තලෙයිබානයේ නිර්මාතෘවරයෙකු ලෙස සැලකෙන මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ් නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.
ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කරන්නේ කටාර් හි දී ඇමරිකාව සමග තලෙයිබාන් සාම කතා මෙහෙයවූ මුල්ලා බරාදාර් ය. ඔහු තලෙයිබාන් දේශපාලන බියුරෝවේ නායකයා ද වේ.
කැබිනට් මණ්ඩලය ද මේ වන විට නම් කර අවසන් ය.
එයට, 2001 වසරේදී ඇමරිකානු ආක්‍රමණයට එරෙහිව සටන් කළ ප්‍රධාන චරිත කිහිපයකටම කැබිනට් අමාත්‍ය ධුර පිරිනමා ඇති ආකාරය දැකගත හැකිය.
කාබුල් ගුවන් තොටුපොළට එල්ල කළ බෝම්බ ප්‍රහාර සිදු කළ ISIS-K සංවිධානය සහ, තලෙයිබාන් සංවිධානයේ සම්බන්ධීකාරක ලෙස සැලකුණු හක්කානි ජාලයේ ප්‍රධානියා ද කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු, සරාජුදීන් හක්කානි ය.
හක්කානි, ඇමරිකාවට සහ FBI සංවිධානයට වඩාත්ම අවශ්‍ය කර තිබෙන ත්‍රස්තවාදියෙකි. ඇමරිකාව විසින් ඔහුගේ හිසට ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් ද නියම කර ඇත.
අන්තර්වාර තලෙයිබාන් ආණ්ඩුවේ කාන්තා ඇමතිවරයෙක් නැති අතර, කිසිදු කාන්තාවකට අමාත්‍ය ධුරයක් පිරිනමා ද නැත.
‘කාන්තාවන්ව රාජ්‍ය පාලනයට හවුල්කර ගන්නා බව‘ තලෙයිබාන් සංවිධානය දැන් සති 3 ක සිට කියමින් සිටි කතාවකි. ඒ පිළිබද ඇතැම් පාර්ශවයන් විසින් සුබවාදී මතයන් ද දක්වා තිබිණි. කෙසේ නමුත් තලෙයිබාන් නායකයා පවසා තිබෙන්නේ ඒ ගැන කටයුතු කරමින් තිබෙන බවයි.
මේ අතර, ඇතැම් ඇෆ්ගන් කාන්තාවන් සිය දිවි පරදුවට තබමින් කාබුල් සහ පළාත්බද අගනුවරවල පසුගියදා විරෝධතාවල නිරත වී තිබුණේ තලෙයිබාන් පාලනය යටතේ සමාන අයිතිවාසිකම් සහ දේශපාලන ජීවිතය සඳහා පූර්ණ සහභාගිත්ව අයිතිය ඉල්ලා සිටිමිනි.
විරෝධතා සම්බන්ධයෙන් තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා පවසා තිබෙන්නේ, නීති විරෝධී විරෝධතාවලට හදිසි නීතිය යටතේ ඉඩ නැති බවයි. මෙයට සමගාමීව තලෙයිබාන් සටන්කරුවන්, කාබුල් හි වීදිවල සිට තර්ජනාත්මක වෙඩි මුර එල්ල කරන ආකාරය ද දැකගත හැකි විය.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!