කාලීන

“ඔබ සුදු ආධිපත්‍යයේ හා ජාතිවාදයේ ගිනිදැල් වපුරන්නෙක්..” සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට් ගෙන් ට්‍රම්ප් ට සැර ප්‍රතිචාරයක්!

වත්මන් කොරෝනා තත්ත්වය තුළ, දිනෙන් දින ඉහළ යන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව, වසංගතය පාලනය කිරීමෙහි ලා රාජ්‍ය නායකයන් අසමත් වීම, එම වසංගත තත්ත්වය තුළ ජාතිවාදය, ආගම්වාදය වැපිරීම, ඇතැම් රාජ්‍යයන් රෝග පාලනය කිරීම අතින් වෙනත් රාජ්‍ය අභිබවා යෑම, ඇතැම් රාජ්‍යයන් වෛද්‍ය පර්යේෂණ සිදුකිරීම මත රෝග මර්දනයට එන්නත් හඳුන්වා දීමට වෙහෙස වීම, ලෝක ආර්ථිකයන් කඩා වැටීම ඇතුළු විවිධ කරුණු මත විවිධ රටවලින් විවිධ අන්දමේ පුවත් නිර්මාණය වීම සුලභ වූූ අන්දම දක්නට ලැබිණි. එමෙන්ම, කොරෝනා වසංගතය ට සමගාමීව දේශපාලන භූමිකාව තුළ විවිධ කතිකාවන් නිර්මාණය වීම, වෛරස පාලනය කිරීමේ සාර්ථකභාවය තුළ ධනේෂ්වර පාලන තන්ත්‍රය හා සමාජවාදී පාලන තන්ත්‍රය අතර විවාදාත්මක භූමිකාව ද නොමදව කැපී පෙණින.

ධනේෂ්වර රාජ්‍යයන් අතර, පසුගිය කාලවකවානුව පුරාම කොරෝනා ආශ්‍රිත පුවත් මවන්නකු බවට පත්ව සිටියේ එක්සත් ජනපදයයි. එයට ප්‍රධානතම හේතුව එහි පාලකයා වූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ය. කොරෝනා මරණ සංඛ්‍යාව එක්සත් ජනපදයේ ලක්ෂය අභිබවා ගිය මොහොතේ ද ට්‍රම්ප් මහතා ට ප්‍රභලතම ගැටළුව වී තිබුණේ තම ට්විටර් පණිවිඩ සාවද්‍ය යැයි සලකුණු වී තිබීම මිස සුවහසක් මරණ ඉදිරියේ කඳුලු සලන තම ජාතිය නොවේ.

කොරෝනා වකවානුව තුළ ට්‍රම්ප් විසින් සිදුකළ රුවන්වැකි යළි ආවර්ජනය කිරීමට වෙනම ලිපියක් ලිවිය යුතුය. එහෙත් අප කතෘ මණ්ඩලය විසින් මීට ඉහත කොරෝනා කාලේ ට්‍රම්ප් මහතා ගේ වීර ක්‍රියා පිළිබඳව අපමණ ලිපි රචනය වී ඇත. මේ ලියවෙන්නේ ට්‍රම්ප් ගේ දේශපාලන තක්කඩිකම ඉවසනු බැරි තැන ඇමරිකාවේ සෙලිබ්‍රිටියන් දොඩමළු වූ පුවතක් ගැනය.

මීට දින කිහිපයකට ඉහත දී සුදු ජාතික පොලිස් නිලධාරියකු විසින් කළු ජාතිකයකු ගේ ගෙල පාගන දසුනක් සහිත ඡායාරූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍යජාල තුළ වයිරල් ගිය අන්දම ඔබට මතක ඇතැයි සිතමු. ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් මෙම කළු ජාතික තරුණයාගේ ගෙල සිරකරමින් මිනිත්තු 9ක පමණ කාලයක් අදාළ පොලිස් නිලධාරියා සිටීම තුළ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබිණි.

Cops killing George Floyd

පොලිස් වධහිංසනයෙන් ද අභිබවා ගිය ජාතිවාදී කතිකාවක් මේ හේතුවෙන් හටගත් අතර, මෙය පැහැදිලි මිනීමැරුමක් බවට බොහෝ පාර්ශව විග්‍රහ කර තිබිණි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයෙන් උරණ වූ ඇමරිකානු වැසියන් මිනියාපොලිස් නගරයේ උද්ඝෝෂණයක් දියත් කර තිබිණි. ජෝර්ජ් ෆ්ලොයිඩ් ට යුක්තිය ඉල්ලා ආරම්භ වූ මෙම උද්ඝෝෂණය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම උද්ඝෝෂණය මර්දනය කිරීම සඳහා පොලිස් බලය ක්‍රියාත්මක වෙමින් පවතින අතර, උද්ඝෝෂකයින් වෙත පොලීසිය වෙඩි තබන අන්දම ද කැමරා කාචයේ සටහන් වී තිබිණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේශපාලන තක්කඩිකම අවදිවූයේ මෙම මොහොතේදී ය. ඔහු සිය ට්විටර් ගිණුම භාවිතා කරමින් මෙම උද්ඝෝෂණ දියත් කරන පුද්ගලයින් “මැරයින්” බවත්, ඔවුන් ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයට නිගරු කරන බවත් පවසා සිටියේ ය.

එමෙන්ම, අසීරුතා හටගන්නා මොහොතක එය පලනය කිරීමට කටයුතු කරන බවද, කලහකාරී හැසිරීම් වලට එදිරිව වෙඩි තැබීම නොවැළැක්විය හැකි බවද හඟවමින්, මෙම උද්ඝෝෂණයට පොලිස් වෙඩිපහර යොමුවන්නේ නම් එය සාධාරණ බව ද හෙතෙම සිය ට්විටර් පණිවුඩය හරහා පවසා සිටියේය.

ට්‍රම්ප් මහතා මෙම ට්විටර් පණිවුඩය නිකුත් කිරීමත් සමඟ අධික විරෝධයක් ට්විටර්ජාලය මඟින් ම නිකුත් වීම ආරම්භ විය. බොහෝ ට්විටර් ගිණුම් හිමියන් ට්‍රම්ප් ගේ ප්‍රකාශය පිළිබඳ සිය අප්‍රසාදය හා පිළිකුල ප්‍රකාශ කර තිබේ. ඒ අතර වඩාත්ම අවධානය යොමුවූ ට්විටර් පණිවුඩය වූයේ සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට් ගේ ට්විටර් පණිවුඩයයි.

ටේලර් ස්විෆ්ට් යනු බාල මහළු කා අතරත් එක හා සමානව ආදරයට පාත්‍ර වූ ගායිකාවකි. 2006 වර්ෂයේ කන්ට්‍රි ගීත ගායිකාවක් ලෙස බිල්බෝර්ඩ් කරලියට පැමිණි ටේලර් ස්විෆ්ට් අද වන විට සංගීත ලොව ආක්‍රමණය කළ පළමු පෙ‌ළේ සංගීතවේදීන් අතර සිටියි. ‌ටේලර් ස්විෆ්ට් කිසිවිටකත් තම දේශපාලන මතවාදය ප්‍රසිද්ධියේ පළ නොකරන පුද්ගලයකු බවට ඈගේ රසිකයින් හොඳින් දනී. ඇමරිකාව තුළ සිදුවන දේශපාලන හැලහැප්පීම් තුළ බොහෝ සෙලිබ්‍රිටියන් වාචික වන අතර, ටේලර් ස්විෆ්ට් කිසිවිටකත් මෙවන් සිදුවීම් හමුවේ දොඩමළු නොවන චරිතයකි.

එහෙත්, ‌ජෝර්ජ් ෆ්ලොයිඩ් ට සිදුවූ අසාධාරණය හා ට්‍රම්ප් ගේ තක්කඩිකම ඉවසනු බැරි තැන අවසානයේ දොඩමළු වූ ස්විෆ්ට් සිය ට්විටර් ගිණුම හරහා මෙසේ ප්‍රකාශ කර සිටියාය.

“සමස්ත ධුරකාලය තුළම සුදු ආධිපත්‍යයේ හා ජාතිවාදයේ ගිනිදැල් වැපුරූ ඔබ, සදාචාරය උදුම්වා ගනිමින් ප්‍රචණ්ඩත්වය තර්ජනය කිරීමට පැමිණියාද?”

එමෙන්ම එළඹෙන නොවැම්බර් මස ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ට ගෙදර යාමට සූදානම් ව සිටින ලෙසද ටේලර් ස්විෆ්ට් පවසා සිටියාය.

මෙය ට්‍රම්ප් විරෝධීන් හට පන්නරයක් වන්නට ඇත, එමෙන්ම ට්‍රම්ප් ගේ ක්‍රියාකලාපය සාධාරණ හා අර්ථාන්විත විවේචනයකට බඳුන් කරන පාර්ශවයන් හට ද රුකුලක් වන්නට ඇත.

ට්‍රම්ප් ගේ ට්විටර් ප්‍රකාශ විවේචනයට තුඩුු දුන් පළමු අවස්ථාව මෙය නොවේ. මීට ඉහත ද බොහෝ අවස්ථාවන් වල ඔහු ප්‍රසිද්ධියේ සිදුකළ දේශපාලනික ප්‍රකාශ හේතුවෙන් බොහෝ විවේචන එල්ල වී තිබිණි. වත්මන් සිදුවීම තුළ උද්ඝෝෂකයින් මර්දනය කිරීමට ප්‍රචණ්ඩත්වය යොදා ගන්නේ ය යන චෝදනාව ට්‍රම්ප් ට සෘජුව එල්ල වී තිබිණි.

මේ සම්බන්ධයෙන් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ට්‍රම්ප් ට අනතුරු අඟවා තිබිණි. සිය ට්විටර් පණිවුඩ හරහා ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය වන්නේ ය හා ඒවා ට්විටර් සමාජ මාධ්‍ය ජාල රෙගුලාසි උල්ලංඝනය වන්නේය යන්න එහි දැක්විණි.

කෙසේවෙතත් ට්‍රම්ප් මහතා අවධාරණය කර සිටියේ සමාජ මාධ්‍ය ජාල විසින් තමා හට අසාධාරණ අන්දමින් සලකන බවත්, තමා සහ සිය ආධාරකරුවන් ඉලක්ක කර ගනිමින් ඔවුන් මෙසේ සිදුකරන බවත් ය.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 hour ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

4 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

5 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

18 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

22 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago