ඇගේ නම ෆේයිරි වංග් Fairy Wang එක් රැයකින් කීර්තියට සහ ප්‍රසිද්ධියට පත්වූ දැරීවියක්. චීනයේ අති දුෂකර ගමක ඉතා දුප්පත් වහල් සේවක මවක සහ පියෙකුගේ දියනියක වන ෆේයිරි සාමාන්‍ය චීන තරුණියන් මෙන් සිහින් පැහැපත් සිරුරක් හිමි නොවූ දැරිවියක වුවත් චීනයේ ඈ එක් රැයකින් කා අතරත් කථා බහවන චරිතයක් බවට පත් විය.
මෝස්තර නිරපණයට ඉතා කැමකි වූ ෆෙයිරි චීනයේ ප්‍රසිද්ධම සමාජමාධ්‍ය වන වෙයිබෝ හී දිනක් සිය ඡායාරූපයක් පළ කලාය. ඒ නිකන්ම ඡායාරූපයක් නොව අමුතු පහේ ඇඳුමක්ද සහිතවය. ගෝනි මල්ලක අඩිය කොටස කපා එහි කෝටු කැබලි කිහිපයක් එල්ලූ ඇය එය හැඳ ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයකි.
පසුදා උදෑසන වන විට ෆෙයිරි ගැන නොදන්නා අයෙක් නොවීය. ඇයව සම්බන්ධ කර ගන්නට බෙහෝ පිරිසක් උත්සහා කලාය. ඇගේ වෙයිබෝ ගිණුම වටා රැස් වූ පිරිස දස දහස් ගණනකි. එපමණක් නොව ෆෙයිරිගේ මේ විකාර ඇඳුම් මෝස්තරය අනුගමනය කළ බෙහෝ තරුණ තරුණියන් පිරිසක් ඈ මෙන් විකාර විදියට නිර්මාණය කර ගත් ඇඳුම් සමග ඡායාරූප පල කරන්නට විය. ඇතැමෙක් පළතුරු එළවළු ඉවත ලන කසල ආදියෙන් නිර්මාණය කර ගත් විකාර රූපී ඇඳුම් ප්‍රදර්ශනය කළහ තවත් අය ප්ලාස්ටික් බෑග්, මාළු, පෙට්ටි ආදියෙන් ඇඳුම් නිර්මාණය කළහ.
ගෙවී ගියේ ටික දිනකි ෆෙයිරි චීනයේ සුප්‍රසිද්ධම ඇදුම් නිර්මාණ ශිල්පිණියක තරමටම සුප්‍රසිද්ධ විය. ඇගේ නමින් රූප වාහිනී වැඩ සටහන් නිර්මාණය කරන ලදී. ඒවා මගින් පැවැත්වූයේ ෆෙයිරි විසින් හඳුන්වා දුන් විකාර ඇඳුම් මෝස්තර ශිල්පයයි. ඇතැම් අයට ඇයව විහිළුවකි තවත් අයට ඇයව අමුතු දැරියකි. කෙසේ වෙතත්…
අද වන විට ෆෙයිරි චීනයේ කා අතරත් කථාබහට ලක් වන තරුවකි. නමුත් ෆෙයිරි කියන්නේ වෙනස් කථාවකි
”ෆෙයිරි සිය ප්‍රසිද්ධිය ගැන කියා සිටින්නේ මෙවැන්නකි. මිනිසුන් කථා කරන්නේ මගේ සිහිනය ගැන නොවෙයි මා වැන්නෙක්ට සිහින දකින්නට හැකි වූයෝ කෙසේද යන්නයි. .. ඒ කිසිවෙක් මා හට මොන විදිහේ සිහිනයක් තිබුණාදැයි යන්න කථා නොකරයි. දැන් මට වැටහෙනවා. මගේ සිහිනය තවත් අය විසින් තමන් වෙනුවෙන් භාවිතා කරනවා මේ ටීවී වැඩ සටහන් නිර්මාණය වෙන්නේ ඒ නිසයි. සිහින කියන්නේ තවත් අය විසින් භාවිතා කරන අප තුළ පවතින දෙයක් මස කිසිදාක සැබෑ කර ගත හැක්කක් නොවේ. ”
සිහින සැබෑ වීම ගැන ෆෙයිරිට ඇත්තේ එවැනි කථාවකි. සැබවින්ම තවමත් ෆෙයිරිගේ ජීවිතය සුරඟන කථාවක්ම පමණි. මන්ද ඈ ගැන කථා වෙන ඇගේ සිහිනය භාවිතා කරන පිරිස අපමණය . නමුත් ඈ දුටු සිහිනය අවබෝධ කරගන්නට කිසිවෙකුත් නැත.
ඇය මේ වන විටත් ප්‍රදේශයේ අවන්හලක සේවය කරමින් සිටී. ඒ ඇයව අනුකරනය කරමින් ඇයව අමතක කරමින් බෙහෝ මෝස්තර නිර්මාණ ශිල්පිණියන්, නිරූපිකාවන් ඇගේ කීර්තියද පැහැරගනිමින් සිටියදීය.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…