“ත්‍රස්තවාදී” චෝදනා එල්ල වී ඇති පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්හට ඇප ලබා දීම සැප්තැම්බර් 20 දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ. ඔහු අද දින ඉස්ලාමාබාද් අගනුවර ත්‍රස්ත විරෝධී අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එහිදී රජයේ අභිචෝදකයින් ඔවුන්ගේ තර්ක සකස් කිරීමට තවත් කල් ඉල්ලා සිටීමෙන් පසුව ඇප ලබා දීම සැප්තැම්බර් 20 දක්වා දීර්ඝ කර ඇත.
පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ප්‍රධානියා ලෙස ඉම්රාන් ඛාන් සිය ප්‍රධාන සහයකයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව අදාළ නියෝග නිකුත් කළ පොලිස් නිලධාරීන්ට සහ කාන්තා විනිසුරුවරියකට එරෙහිව අගෝස්තු 20දා මහජන රැලියකදී කරන ලද වෛරී සහගත ප්‍රකාශය ඔහුට ත්‍රස්තවාදී චෝදනාවන් ගොනු වීමට හේතු විය. මෙහිදී ඉම්රාන් ඛාන්ට අධිකරණයට අපහාස කිරීම සහ නීති විරෝධී රැස්වීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර, අපහාස කිරීමේ නඩුවේ චෝදනා සැප්තැම්බර් 22 විභාග කෙරෙනු ඇත.
ඛාන්ගේ රජය අප්‍රේල් මාසයේදී විශ්වාසභංගයක් සම්මත වීම හේතුවෙන් ඉවත් කරන ලද අතර එතැන් සිට, ඔහු නැවත මැතිවරණයක් ඉල්ලා රට පුරා මහජන රැස්වීම් පවත්වමින් සිටියි. මෙහිදී විදේශ බලපෑම මත සිදු වූ කුමන්ත්‍රණයක් හේතුවෙන් සිය දේශපාලන බලය අහිමිව ගිය බව දිගින් දිගටම චෝදනා කරමින් සිටියි.
සශිකලා මධුෂාණී_
සබැඳි ලිපි : ඉම්රාන් ඛාන් නැවත කරළියට ගෙන එමින් ත්‍රස්ත විරෝධී චෝදනා ගොනු කරයි.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!