ලොව යන අත

ස්ටෝන්වෝල් කැරැල්ලට වසර 50ක් සැපිරේ


විසිවන ශත වර්ෂයේ මැද භාගය වනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සමකාමී ප්‍රජාව මර්දනය කිරීමේ ක්‍රියා පිළිවෙත්වල කිසිම අඩුවක් නොවීය. ඔවුන්ගේ කායික, මානසික හා සමාජීය අවශ්‍යතා සපුරාගැනීම සදහා නිව්යෝක් නගරයේ හා තවත් ප්‍රධාන නගර කිහිපයකම රහසිගත අවන්හල් හා තැබෑරුම් පවත්වාගෙන ගියහ. ඔවුනොවුන්ගේ හිත මිතුරන් හා සහෘදයන් ප්‍රසිද්ධ ස්ථානයන්හි මුණගැසීමේදී බහුතර සමාජයෙන් එල්ලවන නොයෙක් බාධා මගහැරවීමට තිබූ එකම වික්ලපය එවැනි අවන්හලකදී හෝ තැබෑරුමකදී මුණගැසීමයි.


පසුකාලීනව පොලීසිය විසින් මෙවැනි ස්ථානද හඳුනාගෙන වටලනු ලැබූ අතර එහි වූ සියලුම දෙනා අත්අඩංගුවට ගත්හ. 1969. ජූනි 28 වෙනිදා නිව්යෝක් නගරයට නුදුරුව ග්‍රිනිච් උප නගරයේ පවත්වාගෙන ගිය The Stonewall INN නම් තැබෑරුමද පොලීසිය විසින් වටලනු ලැබීය. එම අවස්ථාවේදී බාර් එක තුළ වූ සමකාමී ප්‍රජාව පොලීසියට අතින් පයින්, ගල්මුල් ආදියෙන් පහර දෙන්නට වූ අතර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සමහරෙක් බේරාගැනීමට අවට රැස්ව සිටි ජනයාද නිර්භයව ඉදිරියට ආහ.


පොලීසියට තත්වය පාලනය කරගත නොහැකි මට්ටමට පැමිණ තිබූ අතර තවත් බලඇණියක් අදාළ ස්ථානයට ගෙන්වාගන්නා ලදී. නමුත් ඊට පිළිතුරු වශයෙන් තවත් දෙගුණයක් වූ ජනතාව සමකාමී අයවලුන් සමඟ අත්වැල් බැදගන්නා ලදී. මෙම කෝලාහලය මහ ගැටුමක් බවට පත් වූ අතර පොලීසියට ඔවුන්ව ජයගැනීමට නොහැකි විය. මේ හරහා ප්‍රීතියට පත් සමකාමී ජනයා “See Our Gay Power” යනුවෙන් මහා උද්දාමයෙන් නගරය දෙවනත් කළ අතර මෙම කැරැල්ල වත්මන් සමරිසි අයිතිවාසිකම් දිනාගැනීමේ විප්ලවයේ මූලාරම්භය විය.


විප්ලවය හරහා  1969 දී ම මොවුන් විසින් පිහිටුවා ගත් සංවිධානය “සමරිසියන්ගේ විමුක්ති පෙරමුණ” (Gay Liberation Front) නම් වේ. එම වසරේම ඔක්තෝම්බර් 31 දින සැන්ප්‍රැන්සිස්කො නුවර Examiner නම් පුවත්පතෙහි සමකාමී ප්‍රජාව අපහාසයට පත් කරමින් ලිපි පළකල අතර ඊට එරෙහිව සංවිධාන සාමාජිකයන් පුවත්පත් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවිය. එහිදී කාර්‍යාලය දෙසින් දම් පැහැති තීන්ත ප්‍රහාරයක් එල්ල වූ අතර එය සිහිගන්වමින් සංවිධානයේ සළකුණ ලෙස දම් පැහැති අත් සළකුණක් යොදාගන්නා ලදී. මෙම විරෝධතාවෙන් පසු “සමරිසි ක්‍රියාකාරිකයන්ගේ සංධානය” ( Gay Activitists Alliance ) නමින් තවත් සංවිධානයක් පිහිටුවීමටද හැකි විය. 


ඒ අනුව 1970. ජූනි 28 වෙනිදා හරියටම වසරකට පසු ස්ටෝන්වෝල් සංග්‍රාමයේ පළමු සංවත්සරය වෙනුවෙන් පෙළපාලියක් නිව්යෝක් නගරයේ පවත්වන ලදී. ඊට සමගාමීව ලොස් ඇන්ජලීස් නගරයේද එවැනිම පෙළපාලියක්  සංවිධානය කර තිබුණි. එම පෙළපාලි Pride Parade නමින් හඳුන්වන අතර අද වනවිට ලෝකයේ කා අතරත් විනෝදකාමී අභිමන් පෙරහැරක් ලෙස ප්‍රචලිත වී තිබේ.


මගේ මතකය පරිදි ශ්‍රී ලංකාවේ එවැනි පෙළපාලියක් ප්‍රථම වරට පවත්වන ලද්දේ 2005 වසරේදී ය. එදා සිට වරින් වර විවිධ බාධා මධ්‍යයේ අභිමන් පෙළපාලී පවත්වා ඇති අතර මෙම වසරේ පෙළපාලියද පහුගිය ඉරිදා මහත් අභිමානයෙන් යුක්තව සමරනු ලැබීය.


ලිපිය අවසන් කිරීමට මත්තෙන් ඔබ හමුවේ යම් මානූෂීය කරුණක් තැබීමට අවසර ඉල්ලමි. යම් පුද්ගලයෙකුගේ ලිංගික සමාජභාවී තත්වය මත එනම් සමරිසි පුරුෂ/ස්ත්‍රී, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික හෝ ප්‍රශ්නාර්ථ ලිංගික වීම මත ඔහූව බහුතර සමාජයෙන් කොන් නොකරන්න. ඔහූද අප මෙන් සාමාන්‍ය පුද්ගලයෙකි. නැතිව වරදකරුවෙක්, අපරාධකරුවෙක් හෝ මානසික රෝගියෙක් නොවේ. 


අද බටහිර ලෝකයේ සියලුම රටවල පාහේ LGBTIQ අයිතිවාසිකම් ස්ථාපිත කර තිබේ. එම රටවල මෙම සමාජභාවී තත්වයන් අතිශය සාමාන්‍යකරණය වී තිබේ. එනයින් බටහිර ලෝකය අර්ථිකය අතින් පමණක් නොව උසස් මානූෂීය ගුණධර්මයන්ගෙන් පවා පොහොසත් රටවල් වේ. ආසියාතිකරයේද දැන් දැන් ඊට සම්බන්ධ නීති ලිහිල් වෙමින්, අහෝසි වෙමින්, නව නීති සම්පාදනය වෙමින් විශේෂ ලිංගික සමාජභාවී ප්‍රජාව උදෙසා වඩාත් සුන්දර වටපිටාවක් නිර්මාණය වෙමින් පවතී..


පිරිසිදු බෞද්ධ ධර්මය පවතින ශ්‍රී ලංකාද්වීපය තුළ, සතර සංග්‍රහ වස්තුවෙන් යහපත් සමාජයක් නිර්මාණය කළයුතු අප, එවැනි පුද්ගලයන්ව ඇද දමා  ඇත්තේ කවර සමාජ මට්ටමකටද? දානය, ප්‍රිය වචනය, අර්ථ චර්‍යාව හා සමානාත්මතාවෙන් සංග්‍රහ කරනු වෙනුවට ද්වේෂයෙන්, වෛරයෙන්, නින්දාවෙන්, හා කොන්කිරීමෙන් ඔවුන්ව පීඩාවට පත් කරන අප සැබෑ බෞද්ධයන් වන්නේ කෙළෙසද?
ආදරනීය හා සාධාරණීය සමාජයක් උදෙසා.. 


|චතුර රුවන් වීරක්කොඩි

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

15 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

16 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

17 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

17 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

18 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

23 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

4 days ago