1853 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ එවකට සිටි වික්ටෝරියා මහ රැජින නැපෝලියන් අධිරාජ්‍යයාගේ ඥාති පුතෙකුට මංගල තෑග්ග වශයෙන් යැව්වේ සුප්‍රසිද්ධ ‘නැපෝලියන් තොප්පියේ‘ හැඩයෙන් යුතු පියානෝවකි.
ලෝකයෙන් බාගයක් යටත් කර ගත් බව කියන රණකාමී නැපෝලියන් අධිරාජ්‍යයා තරමට ඔහු පැළඳි තොප්පිය ද ජනප්‍රිය ය.
2014 වසරේදී නැපෝලියන් අධිරාජ්‍යයා පැළඳි තොප්පිය දකුණු කොරියානුවෙකු විසින් පවුම් මිලියන 1.9කට වෙන්දේසියකින් මිලදී ගැනීම මගින් ඒ බව තහවුරු වේ.
මේ තිබෙන්නේ එසේ වෙන්දේසි වු නැපෝලියන් අධිරාජ්‍යයාගේ සැබෑ තොප්පියයි.
මේ තිබෙන්නේ නැපෝලියන් අධිරාජ්‍යයාගේ පුතෙකු වෙත එදා වික්ටෝරියා මහ රැජින යැවූ, තොප්පියේ හැඩයෙන් යුක්ත පියානෝවයි.
බොහෝ අයට අනුව මේ පියානෝව, පියානෝවක හැඩයක් ගන්නේ නැහැ. නමුත් නැපෝලියානු උරුමය සිහිගන්වන්නට සහ බ්‍රිතාන්‍යය ප්‍රංශයේ මිතුරෙකු බව පෙන්වන්නට දිය හැකි හොඳම තෑග්ග මෙය බව මහරැජින සිතන්නට ඇති.
මේ අතරේ, වික්ටෝරියා මහරැජින සංගීත රසඥතාවයෙන් අඩු අයෙක් ලෙසත් ප්රකටයි. වරක් ඇය තමන් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් ගැන කියා තිබුණේ, “some pianist performed”- ‘‘කවුද පියානෝ වාදකයෙක් වාදනයක් ඉදිරිපත් කළා‘‘ යනුවෙන්. නමුත් ඒ පියානෝ වාදකයා අන්කිසිවෙක් නොව, ඒ වන විට ලෝකයේ සිටි කීර්තිමත්ම පියානෝ වාදකයෙකු වූ ෆ්රෙඩ්රික් චොපින් – Fryderyk Chopin බවත් වාර්තා වනවා.
කොහොම වුණත් විලාසිතා ලෝකයේ නැපෝලියන් හැට් එකට තිබෙන තැන නම් අද දක්වාම අඩු වී නැහැ. අද වන විට එය ලෝකයේ ප්‍රකට පෙළේ විලාසිතා වේදිකාවලදී සුරූපී ළඳුන්ගේ හිස සරසන අන්දමත් දැකගන්නට පුළුවන්.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…