කාලීන

නීල් ආම්ස්ට්‍රෝන්ලා හඳ මත පය තබන විට අපි හැදුව සපත්තු!

මෙයට පණස් වසරකට පෙර නාසා ආයතනය විසින්  Apollo 11  මෙහෙයුම මගින් සනිටුහන් කළ මානව ශිෂ්ටාචාරයේ සන්ධිස්ථානය සිහිගන්වමින් ලෝ ප්‍රකට පාවහන් සමාගම් රැසක් අලුත්ම තරගයකට අවතීර්ණ වුණා.

එදා නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් පැළඳ සිටි සපත්තු වර්ගය ගැන එතරම් ප්‍රකට නැතත්, ඔවුන් සඳ මත තැබූ පියවර හැම එකකම සටහන් වී තිබුණේ ඒ සපත්තු අඩියයි.

එදා පටන්ම Adidas, Nike, New Balance සහ Vans වැනි ලෝකයේ ප්‍රකටම සපත්තු සමාගම් මේ නිමිත්තෙන් නවතම සපත්තු (ස්නීකර්ස්) මාලාවන් හඳුන්වා දෙනවා. ඒවා ඔවුන් නිපදවා තිබෙන්නේ සීමිත ප්‍රමාණයකින් බවත් වාර්තා වෙනවා. ‘මූන් බූට්ස්‘ ලෙසත් මේවා කෙටි නමෙන් හැඳින්වෙනවා.

මේ, ඒ අතරින් ලෝකයේ අවධානය දිනාගත් සන්නාම කිහිපයක නිර්මාණ කිහිපයක්.

Nike Air Max Lunar90 SP “Moon Landing”

2014 වසරේ පටන් Nike සමාගම මේ විලාසිතාව අලුත් කරන අතර, මේ වසරේ ඔවුන් නීල් ආම්ස්ට්‍රෝන්ගේ ගගන ඇඳුම සිහිගන්වමින් අලුත් වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.

වෙළඳපොළේ මිල ඩොලර් 1000 ක් පමණ වනවා.

Nike PG3 “NASA,” “Apollo Missions” සහ”NASA 50th”

මේ, Nike සමාගම විසින්ම හඳුන්වා දෙන වර්ණවත් ස්නීකර්ස් මාලාවේ සාමාජිකයන්.

Adidas NMD HU Trail “CLOUDS MOON”

මේ Adidas NMD Hu Trail “CLOUDS MOON” සපත්තු ජෝඩුව එක් තැන් වූ විට ‘ක්ලවුඩ් මූන්‘ යන වචනය ඔබට පෙනෙනවා ඇති. මේ ස්නීකර්ස් නිර්මාණය කර තිබෙන්නේ, ඇමරිකාව සඳ ගමනේ 50 වැනි සංවත්සරය සමරන විට ඇමරිකාව පුරා පැවැත්වෙන සැමරුම් උත්සව වලත් ප්‍රධාන චරිතයක් වුණු ෆැරල් විලියම්ස් විසින්.

New Balance x Ministry of Supply “MOS NB 574”

මේ “MOS NB 574” sneakers නිපදවන්නේ නිව් බැලන්ස් සමාගම විසින්. 2018 වසරේදී හඳුන්වා දුන් MOS NB 574 ස්නීකර්ස් විලාසිතාව ඔවුන් වෙළඳපොළට නිකුත් කළේ අසාමාන්‍ය ලෙස මුද්‍රා තැබූ අසුරණයක් තුළයි. එයින් බැලූ බැල්මට ගගනගාමීන්ගේ වියළි ආහාර වේල් සිහිගන්වනවා.

Vans x NASA SK8-Hi “Space Voyager Black”

Vans සන්නාමය සහිතව වෙළඳපොළට නිකුත් කර තිබෙන මේ පාවහන් වර්ගය සීමිත සංඛ්‍යාවකින් පමණක් ලබාගත හැකියි. කළු පාට ලෙදරය මත එදා ඇපලෝ 11 යානයේ ගගනගාමීන් විසින්ම නිර්මාණය කළ ලෝගෝව දැක ගන්නට පුළුවන්. ‘ස්පේස් වොයෙජර්‘ තේමාව යටතේ ඔවුන් මෙම පාවහන් වෙළඳපොලට නිකුත් කර තිබුණා.

Mercer “W3RD NASA Apollo 11”

Adidas, Nike, New Balance හෝ Vans තරමට ලෝකයේ ප්‍රසිද්ධ නැති වුණත් Mercer Amsterdam සන්නාමය යටතේ නිපදවන අනර්ඝ ස්නීකර්ස් ගැන අමතක කරන්නට බැහැ.  “W3RD NASA Apollo 11s” යන තේමාව යටතේ මේ පාවහන් නිපදවා තිබෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින්ගේ අජටාකාශ නිල ඇඳුම් මතකයේ තබා ගනිමින්. ඒ අනුව සුදු, නිල් සහ රතු පැහැයන් පමණක් යොදාගෙන තිබෙනවා. ඒ වගේම නාසා ආයතනයේ ලෝගෝව ද මේ පාවහන් මත දැකගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, 
28.5729° N, 80.6490° W යනුවෙන් අක්ෂාංශ දේශාංශ මෙහි සටහන් වී ඇති අන්දමත් දැකගන්නට පුළුවන්. ඇත්තෙන්ම මේ පිහිටීම තමයි, කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටීම.

Adidas Kobe Two “space Moon boots”

Adidas Kobe Two මේ ස්නීකර්ස් යුගලය අඩිඩාස් සමාගම විසින් නිපදවූයෙ හිටපු ඇමරිකානු බේස් බෝල් ශූර කෝබ් බ්‍රයන්ට් Kobe Bryant වෙනුවෙන්මයි. මහත, අනාගතවාදී පෙනුමක් ඇති රිදී පාට මේ සපත්තු ‘ස්පේස් මූන් බූට්ස්‘ යනුවෙන් ජනප්‍රිය වුණා. අද වන විට වෙළඳපොළේ දක්නට නැති වුනත් අද පවා මෙය නැවත හඳුන්වා දුන්නොත් විශාල ඉල්ලුමක් ඇති වේවි කියා වෙළඳපොළ විශේෂඥයන් පවසනවා.

General Electric “The Missions”

2014 අවුරුද්දේදී General Electric සමාගම ඇපලෝ 11 මෙහෙයුමට ගෞරවය පුද කරන්නට සිතුවේ  “The Missions,”  නමැති මේ ‘හයිටෙක්‘ සපත්තු විලාසිතාව මගින්. එහිදී සීමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොළට නිකුත් කෙරුණා. ඇපලෝ මෙහෙයුමේ 45 වැනි සැමරුම දා ඔවුන් ඒ අනුව සපත්තු යුගල 45 ක් වෙළඳපොළට නිකුත් කළා. ඒවා එකක වටිනාකම වුණේ ඩොලර් 200 ක්.

Nike “Moon Shoes”

 “Moon Shoes,”  Nike සමාගම විසින් මේ සපත්තු නිර්මාණය කරන්නේ මිනිසා සඳට ගිය 1969 වසරේදීමයි. සමාගමේ සම නිර්මාතෘ බිල් බොවර්මන් විසින්ම එය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මෙහිදී ඔවුන් සිතාමතාම දූවිලි පැල්ලම් ලෙස සපත්තුවේ මතුපිට වර්ණ ගන්වන්නේ එදා නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මත ඇවිද ගිය මතකය අනුස්මරණය කරමින්. සමාගම විසින් බ්‍රෑන්ඩ් එකක් විදිහට, ඒ කියන්නෙ සන්නාමයක් විදිහට එළිදැක්වූ පළමු සපත්තු ජෝඩුව වුණෙත් මුන් ෂූස්.

අද වන විට ලෝකයේම මේ සපත්තු ඉතිරි වී තිබෙන්නේ ජෝඩු 12 ක් පමණක් බව කියැවෙනවා. සාමාන්‍යෙයන් සදබීස් වෙන්දේසිගාරයේ පවත්වන වෙන්දේසියකදී මේ වර්ගයේ සපත්තු ජෝඩුවක් අදටත් ඩොලර් ලක්ෂයකට පමණ වෙන්දේසි වන ආකාරය දැක ගන්න පුළුවන්.

Images: Nike (Air Max 90 Lunar, PG 3 NASA, Moon Shoes); Stadium Goods (Adidas NMD HU Trail “CLOUDS MOON”); Ministry of Supply (New Balance x Ministry of Supply “MOS NB 574”); Mercer Amsterdam (Mercer NASA Apollo 11); Kith (Vans x NASA SK8-Hi “Space Voyager Black”); General Electric (The Missions); Tumblr/Y2K Aesthetic Institute (Adidas Kobe Two)

Share

Recent Posts

ඉරාන රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ජනයා විදි බසියි

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

4 mins ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

48 mins ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

5 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

8 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

9 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

9 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

13 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago