කාලීන

ලෝකයේ ධනවත්ම කාන්තාව කවුද?

ලෝකයේ ධනවත්ම කාන්තාව ලෙස මෙතෙක් සැලකුණු ලෝ‘රියල් (L’Oreal) රූපලාවණ්‍ය සමාගමේ හිමිකාරිය ලිලියන් බෙටන්කොට් (Liliane Bettencourt) මිය ගියාය. T

AFP

he world’s richest women

ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වූ ඇගේ ශුද්ධ වත්කම යූරෝ බිලියන 33 ක් හෙවත් පවුම් බිලියන 30 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 40 කි.

මේ සමගම, ලෝකයේ ධනවත්ම කාන්තාව යන විරුදාවලිය හිමි කර ගන්නේ කවුද? මේ BBC පුවත් සේවය ඒ ගැන පළ කළ වාර්තාවකි.

1. ඇලිස් වෝල්ටන් – ඇ.ඩො. බිලියන 33.8

GETTY IMAGES

ලිලියන් බෙටන්කෝට්ගේ අභාවයත් සමග මේ කිරුළ හිමිවන්නේ ඇලිස් වෝල්ටන් (Alice Walton) හටයි. ඇගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 33.8 ක් හෙවත් පවුම් බිලියන 25 කි. මේ වසරේ පළ කළ ෆෝබ්ස් ධනවතුන්ගේ ලැයිස්තුවේ බෙටන්කොට් විසින් 14 වන තැන හිමිකර ගනිද්දී ඇය 17 වන තැන හිමිකරගෙන සිටියාය.

ඇලිස් වෝල්ටන් යනු ඇමරිකාවේ වෝල්මාට් සුපිරි වෙළඳසැල් ජාලයේ හිමිකරු වන සෑම් වෝල්ටන්ගේ එකම දියණියයි.

කෙසේ නමුත් ඇය මේ ධනය උපයා ගෙන තිබෙන්නේ පවුලේ ව්‍යාපාරයෙන් ඔබ්බට ගොස් කලාව වෙත යොමුවීමෙන් වීම ද විශේෂත්වයකි. සෑම් වෝල්ටන්ගේ පුතුන් වෝල්මාට් සමගම කාර්ය බහුල වෙද්දී ඇය ඇමරිකානු කලාව සඳහා වන ක්‍රිස්ටල් බ්‍රිජස් කෞතුකාගාරයේ සභාපතිනිය බවට පත්වූවාය. එම කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ ඇගේ ගම වන ආර්කැන්සාස් ජනපදයේ ය.

2. ජැකලීන් මාර්ස් – ඇ.ඩො. බිලියන 27

GETTY IMAGES

ඩොලර් බිලියන 27 ක ශුද්ධ වත්කමකට හිමිකම් කියන ජැකලීන් මාර්ස් (Jacqueline Mars) සුප්‍රසිද්ධ මාර්ස් (Mars) සමාගමේ වසර 20 ක සේවා කාලයකින් අනතුරුව පසුගිය වසර වන තෙක්ම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක්ව සිටියාය. ඇය මේ වනවිට 77 හැවිරිදි ය.

මාර්ස් සමාගම ලෝකයේ 3 වැනියට විශාලතම රසකැවිලි නිෂ්පාදන සමාගමයි. ඇය, එහි නිර්මාතෘ වන ෆොරස්ට් ජුනියර්ගේ දියණිය වන අතර, මේ ධනස්කන්ධය ඇයට උරුම වූයේ සමාගම් හිමිකම හරහා ය.

ව්‍යවසායිකාවකට අමතරව ඇය මානව හිතවාදිනියක් ලෙසද වොෂින්ටන් ජාතික ඔපෙරාව සහ ජාතික ලේඛනාරක්ෂණාගාරයේ අධ්‍යක්ෂිකාවක ලෙස ද කටයුතු කරයි.

3. මරියා ෆ්‍රැන්කා ෆිසොලෝ – ඇ.ඩො. බිලියන 25.2

මරියා ෆ්‍රැන්කා ෆිසොලෝ (Maria Franca Fissolo) ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවට එක් වූ ප්‍රථම යුරෝපියානු කාන්තාවයි. ඇය සුප්‍රසිද්ධ Ferrero Rocher චොක්ලට් සමාගමේ හිමිකරු වු මයිකල් ෆෙරොරෝගේ වැන්දඹු බිරිඳ වේ. ඇය මොනොකෝ හි ජීවත් වන්නීය.

4. සුසාන් ක්ලැටන් – ඇ.ඩො. බිලියන 20.4

GETTY IMAGES

සුසාන් ක්ලැටන් (Susanne Klatten) BMW සහ ඖෂධ සමාගම්වල මුදල් ආයෝජනය කිරීම හරහා මෙම ධනය උපයාගෙන තිබේ. ජර්මානු ජාතික ඇය, මේ ලැයිස්තුවට එක් වී සිටින දෙවැනි යුරෝපියානු කාන්තාවයි.

ඇගේ දෙමාපියන් මිය ගිය විට Altana AG ඖෂධ සමාගමෙන් 50%ක කොටස් උරුමයක් ඇයට ලැබුණු අතර පසුව ඇය මුළු සමාගම ම මිලදී ගත්තාය. ඉන්පසු ග්‍රැෆයිට්, සූර්ය බලශක්ති නිෂ්පාදන සමාගම් යනාදී සමාගම් ගණනාවක් ඇය විසින් මිලදී ගෙන තිබේ.  BMW සමාගමෙන් 50%ක කොටස් හිමිකාරිත්වයක් දරන්නේ ඇය සහ ඇගේ සහෝදරයන් විසිනි.

5. ලෝරින් පවෙල් ජොබ්ස් – ඇ.ඩො. බිලියන 20

REUTERS

ලෝරින් පවෙල් ජොබ්ස් (Laurene Powell Jobs) ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ වැන්දඹු බිරිඳයි. ඇය සමාජ ප්‍රතිසංස්කරණ සහ පාරිසරික ගැටළු වෙනුවෙන් සටන් වැද සිටින්නීය. ඇපල් සමාගම තුළ ඇගේ කොටස් හිමිකාරිත්වය 0.7%කි. එයට අමතරව ඇය ඩිස්නි සමාගමේ ද 4%ක කොටස් හිමිකමක් දරන්නීය.

ඉහත දැක්වෙන කාන්තාවන්ට අමතරව එංලන්තයේ ධනවත්ම කාන්තාව කවුදැයි BBC පුවත් සේවය සොයා බලයි. එහි මුල්තැන මේ වන විට හිමිකරගෙන සිටින්නේ එක්සත් රාජධානියේ හිටපු රූ රැජිනක් වන කර්ස්ටි බර්ටරෙලි (Kirsty Bertarelli) විසිනි. ඇය මේ වන විට ඖෂධ සමාගම්වල සම හිමිකාරිනියක් වන අතර, ගායිකාවක හා ගීත රචිකාවක ලෙස ද කටයුතු කරන්නීය.

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

5 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

6 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

20 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

24 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago