පසුගිය සඳුදා දිනයේ ලොවම හෙල්ලී ගිය තුර්කියේ සහ සිරියාවේ ඇතිවූ භූමිකම්පාව අතරතුර හුවමාරුවූ වීඩියෝ අතර තිබූ පුංචි බිළිඳියක් උපත ලැබූ වීඩියෝව දහස් ගණනකගේ දෙනෙත් තෙත් කළ අතර , එම කණගාටුදායක සිදුවීම මේ වනවිට මහත් කතාබහට ලක්ව ඇත. සුන්බුන් යට උපත ලැබූ මෙම බිළිඳිය සහන සේවකයෙකු සිය අතට ගෙන ඉදිරියට දිව එන්නේ ඇය, ඇගේ මවගේ මව් කුසට සම්බන්ධ වූ පෙකණිවැලද සමඟයි. එම බිළිදිය මේ වනවිට සුව අතට පත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
මෙම බිළිඳිය ලොව පුරා දැඩි කතාබහක් මතුකර තිබෙන්නේ , ඇයව හදාවඩා ගැනීම සඳහා ලොව පුරා ලක්ෂ ගණනක් ඉදිරිපත්වීමත් සමඟයි. ඒ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්, රූපවාහිණී නිවේදිකාවන් මෙන්ම වෛද්‍යවරුන්ද ඇතුළු විශාල පිරිසකගේ අවධානය දිනා ගැනීමට මෙම බිළිඳියගේ පුවත ලොව පුරා දිවගොස් හමාරය.
ඉකුත් සඳුදා ඇතිවූ දරුණු භූ කම්පනයෙන් පසු වයඹදිග සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට මෙම බිළිඳිය උපත ලැබුවා. ඇයට නම් තබා ඇත්තේ ආයා ලෙසයි. එහි අරාබි අර්ථය වන්නේ “ආශ්චර්ය” යන්නයි. භූ කම්පනයෙන් ඇගේ මව පියා සහ සහෝදර සහෝදරියන් සිව්දෙනා මියගියා. ඇය බේරාගන්නා අවස්ථාවේත් සීරීම්, තැලීම් සහ අධික සීතලෙන් පසුවුණා. නමුත් ලෝකයම ආදරය දිනාගෙන ජීවත් වෙන්නට මේ මල් කැකුළ ඉතිරි කර ඇගේ ආදරණීයයන් මෙලොව හැර ගොස් බව ඇය තවමත් නොදන්නීය.
ඇය පිළිබඳ තොරතුරු ලොව පුරා සැරිසරද්දී පුංචි ආයා හෙවත් භූ කම්පනයෙන් උපන් ආශ්චර්‍යක් වූ මෙම දූ සිඟිත්තිව ආදරයෙන් රැක බලා ගැනීමට ඇය දැනට ප්‍රතිකාර ලබන රෝහල් වෛද්‍යවරුන්ට මෙන්ම ඇයගේ ඥාතීන්ට මේ වන විට දිනපතාම දහස් ගණනින් ඇමතුම් ගලා එන බව විදෙස් මාධ්‍ය පවසයි.
ආයාගේ දිවි ගලවා ගැනීමට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය දැඩි වෙහෙසක් ගත් අතර ආයා මේ වනවිට සිටින්නේද රෝහලේ වන අතර ඇය රැකබලාගත් ළමා රෝග විශෙෂඥ වෛද්‍ය හනී මාරුෆ් පවසන්නේ ඇයගේ තත්ත්වය දැන් ස්ථාවර මට්ටමක පැමිණ ඇති බවයි.
දස දහස් ගණන් එක් නිමේෂයක අවසන් හුස්ම පොද වාතලයට මුසුවූ මෙම ඛේදවාචකයෙන් මරණය පෙනි පෙනී මරණයට අභියෝගයක් වූ ආදරණීය ආයා ඔබ ඇතුළු දිවි බේරා ගත් සියල්ලන්ම ඉක්මනින් සුවපත් වේවා…සියුම් වේදනාවක්වත් නොදැනේවා….!!!
රෂිකා හෙන්නායක
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…