චරිත

උමතු කෝටිපතියා – හොවාඩ් හියුස්

ඉතා කෙටි යට කලිසම නොවිණි නම් ඔහු නිරුවතින් සිටින්නේ යැයි ද කිව හැක. ඔහුගේ රැවුල සහ කොණ්ඩය කෘශ ඉඟටිය දක්වා ම දිගු වී තිබිණි. අඟල් දෙකක් දිගට වැවී තිබූ කහපාට වූ නියපොතු සහිත අත් ඔහු ඉඳහිට ඔබ මොබ වැනුවේ, එක්කෝ අමුත්තකු කාමරය තුළට කැඳවනු පිණිස ය. එසේත් නැතිනම් සේවකයකු ලවා තමන්ට අවශ්‍ය දෙයක් ගෙන්වා ගැනීමට බසරය තදකිරීම සදහා ය. මේ කාමරයේ ඔහු මෙසේ එක දිගට මාස කිහිපයක් ජීවත් වන්නේ චිත්‍රපට නැරඹීමේ සිය නොසන්සිෙඳන ආශාව ඉටුකර ගැනීම පිණිස ය.

filmin.es

මේ කාලය තුළ ඔහු ආහාර ලෙස ගන්නේ පැණි රස සහ කිරෙන් පෙඟවූ ඇට වර්ග පමණි. ඔහුගේ පි‍්‍රයතම චිත්‍රපට සියල්ලම ක්‍රියාදාම ගණයට අයත් ය. “අයිස් ස්ටේෂන් සීබ්‍රා” චිත්‍රපටය ඔහු විසින් වාර 150 ක් නරඹා ඇති බව කියැවේ. අවශ්‍ය වුවහොත් කාමරයේ බිත්ති දෙදරා යන තරමට එහි හඬ වැඩි කර ගැනීමට පවා ඔහු පැකිළුණේ නැත.

ඒ 1960 දශකය තුළ හොවාඩ් හියුස් දිවා රාත්‍රී දෙකේ ම චිත්‍රපට නැරඹීම සදහා ඇබ්බැහි වී සිටියේය. එහි අනිසි ප්‍රතිඵල කොතෙක් ද යත් බොහෝ අය පුදුම වෙමින් සිටියේ ඔහු තවමත් ජීවතුන් අතර සිටීම පිළිබඳ ය. ඔහුට ඇති ප්‍රමාණයටත් වඩා මුදල් තිබිණි. පුරා පහළොස් වසරක් තිස්සේ ලාස් වේගාසයේ වැඩිම කැසිනෝ ශාලා ප්‍රමාණයක හිමිකම දැරුවේ ඔහු ය. ඔහු ඇතැම් කාලයක දක්නට ලැබෙන්නේ සුරූපිනියන් පිරිවරාගෙන ය. ඉන්පසු මාස ගණනක් තිස්සේ ලෝකයෙන් වසන් වන ඔහු ඔවුන් සමඟ අඳුරු කාමරවල ජීවත් වන්නට පටන් ගනියි. ඒ කාලයේදී ඉඳහිට හෝ ඔහු දුටුවේ ඔහුගේ ආරක්ෂක භටයන් පමණි.

1905 වසරේ නත්තල් දින සැන්දෑවේ හොවාඩ් හියුස් උපන්නේ ටෙක්සාස් හි කුවේර පුත්‍රයා වශයෙනි. ඒ, හොලිවුඩය ලොව කලඹන්නට පටන් ගත් සමයයි. විසි එක් හැවිරිදි හොවාඩ්, ස්වාධීන චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමට තීරණය කළේ ය. පෝල් මුනි සහ ජෝර්ජ් රෆ්ට් යන ලෝකයට අමතක නොවන රංගන ශිල්පීන් දෙපොළ කල එළි බැසි “ස්කාර්ෆේස්” චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඔහු ය. ඉන්පසු ජින් හැලොවේ රිදී තිරයට හඳුන්වා දුන් “හෙල්ස් ඒන්ජල්ස්” කතා මාලාව ද ඔහු නිෂ්පාදනය කළේ ය.

ඔහුගේ අතිසුඛෝපභෝගී තට්ටු නිවාස හා හෝටලවල හොලිවුඩ් තරුවලට නිතර නවාතැන් හිමිවිය. පුද්ගල ඇසුර සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ, ඔවුන් ඔහු අතැර ගිය වහාම ඔහු ද ඔවුන්ව සදහට ම අමතක කර දැමීම ය. ජින් හැලොව් එයට එක් උදාහරණයකි. ඈ මද කාලයක් සඳහා ඔහුගේ පෙම්වතිය වූවා ය. ඇගේ නමින් ඔහු අති සුඛොපභෝගී තට්ටු නිවාසයක් ද මිලදී ගත්තේ ය. එහෙත්, ඇය වෙනත් පෙම්වතුන් පිළිබඳ උනන්දු වන බව පෙනී ගිය වහාම ඔහු ඇය සිය ලැයිස්තුවෙන් කපා දැමුවේ ය.

The Seattle Times

30 හා 40 දශකවල ඔහුගේ පෙම්වතියන්ගේ ලැයිස්තුවේ අඩු වශයෙන් නම් විසි ගණනක් විය. ඔහුගේ පරිවාර රූමතියන් අතර නිතර කියැවෙන නම් වූයේ එළිසබෙත් ටේලර්, ලැනා ටර්නස් රොජ්ර්ස්, මිට්සි ගෙයිෆර් සහ සිඩ් ඩැරිස් ය. මේ අතර සිය පිළිගැනීමේ නිලධාරිනිය වූ ජේන් රසල්ගේ රූ සපුවට වශී වූ ඔහු නතර වූයේ “ද අවුට් ලෝ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඇයට පිරිනැමීමෙනි. ඔහු සැබවින් ම වශී වී සිටියේ ඇගේ ළය මඬලට ය. චිත්‍රපටවලදී ඇගේ ළය විශේෂයෙන් කැපී පෙනෙන ලෙස කැමරාව හැසිරවිය යුතු බව කියමින් පිටු ගණන් දිග ලිපි සිය අත්සන සහිතව කැමරා ශිල්පීන් වෙත යොමු කළේ ය.

හොලිවුඩය හොවාඩ් හියුස්ගේ විනෝදාංශය පමණක් විය. ඔහුගේ සැබෑ ව්‍යාපාරය එයට වඩා බෙහෙවින් දැවැන්තය. ඔහු ට්‍රාන්ස්වර්ල්ඩ් එයාර්ලයින්ස් සහ හියුස් එයාක්‍රාෆ්ට් යන ගුවන් යානා නිෂ්පාදන කරන සමාගම් දෙකෙහි හිමිකරු විය. අති දක්ෂ ගුවන් නියමුවකු වූ ඔහු අහස් යාත්‍රා උමතුවකින් ද පෙළුණේ ය. දෙවැනි ලෝක සමයේදී ඔහු හර්කියුලිස් නමැති අති දැවැන්ත එන්ජින් අටේ ගුවන් යානාවක් තැනුවේ ය. එහි බර ටොන් 200 ක් වූ අතර 700 දෙනකු ගෙන යා හැකි විය. යානයේ එක් පියාපතක දිග පාපන්දු පිටියක් සිහිගැන්වූ අතර, පොළොවේ සිට අවරය දක්වා උස සමාන වූයේ මහල් අටක ගොඩනැගිල්ලකට ය. ඒ ගුවන්යානය පියාසර කළේ මඳ දුරක් පමණක් වීමත්, ඒ ද එක්වරක් පමණක්වීමත් පුදුමයක් නොවේ. මුදල් කන්දරාවක් වැය වුවත් එය සිය යුතුකමක් ඉටුකිරීමක් ලෙස සැලකූ හියුස් දෙවැනි නිෂ්පාදනයට ඊටත් වඩා ආත්ම විශ්වාසයකින් යුතුව මුලපිරී ය. අවාසනාවකට මෙන් එම ගුවන්යානය, මද වේලාවකින් උඩු ගුවනේ දී පුපුරා ගියේ ය. යානය පැදවූයේ ද හියුස් ම ය. එයින් සිදුවූ පිළිස්සුම් තුවාලවලින් ඔහු බෙහෙවින් පීඩා විඳි අතර, දිවි ඇති තෙක්ම ඖෂධ මත යැපීමට ඔහුට සිදු විය.

හියුස් දෙවරක් විවාහ විය. ඔහුගේ පළමු බිරිය එලා රයිස් නමැත්තියකි. දෙවැන්නිය ජේන් පීටර්ස් නමැති නිළියකි. පසුව ඈ කීවේ ඔහු සිය බෙල් එයා මන්දිරයේ දී තමන්ට වහලියකට මෙන් වධ දුන් බවයි. දෙදෙනා වෙන වෙනම නිදන කාමර පමණක් නොව මුළුතැන් ගෙවල් පවා පාවිච්චි කළ යුතු බව හියුස් විවාහයට පෙර පටන්ම දැනුම් දී තිබිණි. අවසානයේ ඩොලර් මිලියනයක වන්දියක් ගෙවමින් ඔහු ඇගෙන් ඉවත් විය. මේ සිද්ධියත් සමඟ හියුස් මඳින් මද සමාජයෙන් දුරස් වන්නට පටන් ගත්තේ ය. ඔහුගේ සමීපතමයන් සිතුවේ ඔහු සිය අති සුඛෝපභෝගී ජීවිතයෙන් විඩාපත් ව සිටින බවයි. සැබෑ කතාව එයට වඩා බෙහෙවින් සංකීර්ණ එකක්විය. ඔහු මිනිසුන්ට සහ විෂබීජවලට අසාමාන්‍ය බියක් දැක්වීමේ ඇගරොෆෝබියා නමැති භීතිකාවෙන් පෙළෙන්නට පටන් ගෙන තිබුණේය. ඒ බව බොහෝ කලක් යන තෙක් හෙළි වුයේ නැත.

ඔහු නෙවාඩා කාන්තාරය මැද මහා මන්දිරයක් ඉදි කර ගෙන හුදෙකලාව ජීවත් වන්නට පටන් ගත්තේ ය. ඔහු හමුවන්නට යම්කිසි අයෙක් පැමිණියේ නම් ඊට පෙර එම පුද්ගලයා වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීම අනිවාර්ය විය. ඔහුගේ ම විශේෂඥ වෛද්‍යවරයාට පවා ඔහු පරීක්‍ෂා කර බැලීමට සිදුවුයේ අනෙක් පස කාමරයේ සිට ය. නිතරම සිය පුටුවේ පැත්තකින් ටිෂූ කඩදාසි පෙට්ටියක් තබා ගන්නට ඔහු පුරුදු විය. ක්‍රමයෙන් ඔහු සිය කාමරයෙන් පිටතට යාම ප්‍රතික්ෂේප කළේ ය. කට කුඩා වීදුරු බෝතල් සමූහයකට මුත්‍රා කළ ඔහු, ඒවා සිය කාමරයේ පෙළට තබාගෙන සිටියේ ය. විටෙක ඔහු සති කිහිපයක් මුළුල්ලේ එක දිගට ආහාර ලෙස ගත්තේ ටින් කළ කුකුළු මස් පමණි. එක දිගට අයිස්ක්‍රීම්වලින් පමණක් කුස පුරවාගත් මාස ද විය. නියපොතු සහ කෙස් වැටිය කැපීම ද ක්‍රමයෙන් නතර කළේ ය.

TIME Magazine, July 1948

අවසන් වසර දහයේදී ඔහු කරණවෑමියාගේ සහාය ලබාගෙන ඇත්තේ දෙවරක් පමණි. එහිදී ද ඔහු ශල්‍ය වෛද්‍යවරයෙකු මෙන් ශුද්ධ පවිත්‍ර වී පැමිණිය යුතු විය. ඩොලර් දහසක අධික ගෙවීමක් ඒ සඳහා ලැබිණි. අවසානයේ 1976 වසරේ මෙක්සිකෝවේ ඇකපුල්කෝ නුවර රහස් හෝ්ටල් කාමරයක ට කැඳවනු ලැබූ ඔහුගේ වෛද්‍යවරයා ඔහු දැක කම්පනයෙන් කෑ ගැසුවේ ය. සයනයේ වැතිර සිටියේ ඖෂධ අධිභාවිතය සහ මන්දපෝෂණය නිසා හඳුනාගැනීමට පවා නොහැකි හොවාඩ් හියුස් කෙනෙකි. වසර ගණනාවකින් කපානැති නියපොතු ඒ වන විට උකුස්සකුගේ මෙන් දිගට වැවී තිබිණි. ප්‍රතිකාර සඳහා ටෙක්සාස් නුවර ට ගෙන එමින් සිටියදී, ජීවිතයේ එක් කලෙක ගුවන්යානවලටත් පියාසැරියන්ටත් අසාමාන්‍ය ලෙස පෙම් කර සිටි මේ මිනිසා, ගුවනේදී අවසන් හුස්ම හෙළුවේය.

2004 වසරේදී ඔස්කාර් සම්මාන සඳහා ද නාමයෝජනා ලද, ලෙනාඩෝ ඩි කැප්රියෝගේ අනර්ඝ රංගනය සහිත “දි ඒවියේටර්” චිත්‍රපටය තැනුණේ හොවාඩ් හියුස්ගේ ජීවිත කතාව ඇසුරෙනි.

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

4 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

5 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

19 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

23 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago