නත්තල් නිවාඩුවේ ඉරාකයේ මෙහෙයුම් වල නිරතවන ඇමරිකානු හමුදාව බැහැ දැකීමට ගිය ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ලබා ගත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවට මුදා හැරීම මේ වන විට ගැටළු සහගත තත්ත්වයක් උදා වී ඇත.
ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හල වීඩියෝව අනාවරණය නොකළ යුතු ඉරාකයේ සිටින ඇමරිකාවේ සීල් සේනාංකයේ සාමාජිකයන් පසු දෙනෙකු ගේ මුහුණු ඉතා හොඳින් හඳුනා ගත හැකි පරිද්දෙන් ඔවුන්ව දිස්වන රූප රාමු සහිත වීඩියෝවකි. මෙහෙයුම් තුළ සිටින එවැනි නිළධාරීන් ගේ මුහුණු සාමාන්‍යයෙන් රහසක්ව පවත්වා ගන්නා අතර ටම්ප් නිකුත් කළ වීඩියෝවේ ඔවුන් ඉතා හොඳින් හඳුනා ගත හැකි වේ. එමෙන්ම ඔවුන් සිටින ස්ථානය පවා ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සඳහන් කර තිබීමද මේ වන විට ගැටළුවක් වී ඇත.
ඇමරිකානු ආරක්ෂක අංශ පවසන්නේ ට්‍රම්ප්ගේ වීඩියෝව හොඳින් නිරීක්ෂණය කළවිට අදාළ සීල් සේනාංක නිළධාරීන් ඉතකා හොඳින් හඳුනා ගත හැකි බවයි. එමෙන්ම ඔවුන්ගේ ඡායාරූප හෝ වීඩියෝ පළ කිරීමේදී සාමාන්‍යයෙන් සිදු කරන්නේ ඔවුන් ගේ මුහුණු පැහැදිලිව හඳුනා ගත නොහැකි වන අයුරින් අපහැදිලි කර ප්‍රචාරය කිරීම වුවත් ට්‍රම්ප් එසේ නොකිරීමෙන් මෙම තත්ත්වය උදා වූ බවයි.
මින් පෙර රටින් පිට සිටින හමුදාවන් බැහැදැකීමට නොඑන්නේ යැයි ඇමරිකානු ජනපතිවරයාට විවේචන එල්ල වී තිබූ අතර මෙවර නත්තලට පෙර දිනයේ ඔහු සිය බිරිඳ මෙලානියා ට්‍රම්ප්ද කැටුව ඉරාකට වෙත ගියේ එම චෝදනාවෙන් ගැලවීමටයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…