එක්සත් ජනපද ට්‍රම්ප් පරිපාලනය විසින් තීරණාත්මක කොංග්‍රස සාකච්ඡා 4ක් අවලංගු කර ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණේ ඉරානය සමඟ හටගත් සන්නද්ධමය වාතාවරණය පිළිබඳවය.
මේ පිළිබඳ අදහස් දැක්වීමද ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය බදාදා (15) ඉරාන අර්බුදය පිළිබඳ සාකච්ඡා 2ක් පැවැත්වීමට නියමිතව තිබිණි.
තානාපති කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා කොන්ග්‍රසයේ නීති සම්පාදකයින් සාකච්ඡාවක් ලබා ගැනීමට නියමිතව තිබිණි.
එහිදී ට්‍රම්ප් පරිපාලනය දරනු ලබන ඉරාන ප්‍රතිපත්තිය පිළිබඳ සෙනට් සභාවේ අදහස් ලබා ගැනීම අපේක්ෂා විය.
එහෙත් එම හමුවීමද අවලංගු කර තිබේ.
මීට අමතරව එෆ්බීඅයි සංවිධානය සමඟ ඉරානයට අදාල ප්‍රති-බුද්ධි ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ලබා ගැනීමට සභා නීති සම්පාදකයින් අපේක්ෂා කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එයද අවසාන මොහොතේ අවලංගු කර ඇති බව පැවසේ.
කෙසේවෙතත් මේ පිළිබද එෆ්බීඅයි සංවිධානය අදහස් පළකිරීමෙන් වැළකී සිටියේය.
තවද, පෙන්ටගනය විසින් ඉරාන ගැටළුව පිළිබඳ අද (16) දින සභාවේ සන්නද්ධ සේවා කමිටුව (House Armed Services Committee) වෙත අදහස් දැක්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ බවද, අවසාන මොහොතේ එයද අවලංගු කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, ඉරානයේ කූඩ්ස් බලකා ප්‍රධානී සොලෙයිමානි ගේ ඝාතනයත් සමඟ දෙරට අතර විරසක අතිශයින් උත්සන්න වී තිබේ.
එවන් මොහොතක මෙම වැදගත් සාකච්ඡා පැවැත්වීම අවලංගු කිරීමට ට්‍රම්ප් කටයුතු කර තිබීම ගැටළු සහගතය.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…