කාලීන

ට්‍රම්ප් උමතුවේ මීලඟ අදියර – සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජා මර්දනය!

ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් ඉකුත් සිකුරාදා (12) දින ඇසුවන් තුශ්නිම්භූත කරවන සුළු තීන්දුවක් ගනු ලැබීය.

ඒ, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හට සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේදී සිදුවන වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් තහනම් කිරීම සඳහා පනවා තිබූ නීතිය විසිකොට දැමීමයි.

මෙම නීතිය හඳුන්වා දෙනු ලැබුවේ බැරැක් ඔබාමා පාලන සමයේදී වන අතර, එමඟින් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේදී පුද්ගලයකුගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත සිදුවන විවිධ වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් මුලිනුපුටා දැමීමත්, ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමත් අපේක්ෂා කරන ලදී.

මෙය එක්සත් ජනපදයේ LGBTIQ ප්‍රජාවේ සුරක්ෂිතභාවය සඳහා ගනු ලැබූ ඉතා ප්‍රගතිශීලී තීන්දුවක් බවට ජාත්‍යන්තර ප්‍රජාවේ පවා පැසසුමට ලක්ව තිබිණි.

කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් – මයික් පෙන්ස් ඇතුළු ට්‍රම්ප් පරිපාලනය විසින් හදිසියේ ගනු ලැබූ මෙම කම්පා දනවන සුළු තීන්දුව බොහෝ මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ ද අප්‍රසාදයට තුඩු දී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව මෙන්ම ද්වීමය අනන්‍යතාවෙන් පරිබාහිර ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවන් දරණ පුද්ගලයින් හට මින් අතිශය අසාධාරණයක් හා මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවන බවයි.

ජූනි හා ජූලි මස කාලය තුළ ලෝකවාසී LGBTIQ ප්‍රජාව විසින් 1969 වර්ෂයේ හටගත් ස්ටෝන්වෝල් විප්ලවයට සමගාමීව ප්‍රයිඩ් (PRIDE) හෙවත් අභිමානය සැමරීම සිදුවේ. එහි අරමුණ වන්නේ පුද්ගලයකු ගේ ලිංගික දිශානතිය (Sexual Orientation), ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව (Gender Identity), ප්‍රකාශනය (Gender Expression) හා ජීව විද්‍යාත්මක ලිංගික ලක්ෂණ (Biological Sex Characteristics) ආදී කරුණු මත සිදුවන සියළු අන්දමේ ප්‍රචණ්ඩත්වය, හිංසනයන්, වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් පිටු දැකීමත්, ඔවුන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ගෞරවණීය පුරවැසියන් ලෙස සමාජයේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීමත් ය.

දක්ෂිණාංශික මතධාරී ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ මෙම ද්වේශ සහගත තීන්දුවේ විශේෂත්වය වන්නේ ප්‍රයිඩ් මාසය එළඹි කාලය, හා 2016 වසරේ පල්ස් නම් සමරිසි සමාජ ශාලාව ඉලක්ක කරගනිමින් ඔර්ලන්ඩෝ ප්‍රදේශයේ සිදුවූ ජන සංහාරයේ සිව්වන සංවත්සරය එළඹෙන දිනට ම මෙම තීන්දුව ක්‍රියාත්මක කරවීමයි.

ට්‍රම්ප් පරිපාලනය ගනු ලැබූ මෙම තීන්දුව ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව, ප්‍රකාශනය හා ජීව විද්‍යාත්මක ලිංගික ලක්ෂණ ආදී කරුණු මත ආන්තිකරණය ට ලක්වූ ප්‍රජාවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ පමණක් නොව ඔවුන්ගේ කළඑළි බැසීමද මර්දනය කිරීමට තුඩුදෙන බව ජාත්‍යන්තර මානව හිමිකම් විශ්ලේෂකයින් ගේ මතයයි.

එක්සත් ජනපද සෞඛ්‍ය හා මහජන සේවා දෙපාර්තමේන්තුව විසින් ඉකුත් සිකුරාදා දින නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වූයේ 2016 වර්ෂයේ කොංග්‍රසයේ විෂය පථය ඉක්මවා යමින් අනුමැතිය ලබා දුන් Affordable Care Act පනතේ 1557 වන වගන්තියේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදුකරන බවයි.

ඒ අනුව, Affordable Care Act පනතේ 1557 වගන්තියේ සඳහන් වර්ගය, සමේ වර්ණය, ජාතිකත්වය, ස්ත්‍රී-පුරුෂභාවය, වයස හෝ ආබාධිත තත්ත්ව මත සෞඛ්‍ය සේවාවන් තුළ සිදුවන වෙනස්කොට සැලකීම් තහනම් කිරීම නම් කොටසට අදාළව, ස්ත්‍රී-පුරුෂ භාවය යනු උපතෙන් ලද ලිංගය මත ස්ත්‍රී හෝ පුරුෂ යන සරල සාධකය පමණක් සැලකීමට මින් ඉදිරියට කටයුතු කරන බවට එම නිවේදනයේ සඳහන් වේ.

2016 වර්ෂයේ ඔබාමා පරිපාලනය විසින් මෙම වගන්තිය තුළින් ස්ත්‍රී-පුරුෂ සාමාජභාවී අනන්‍යතාව මත හටගන්නා වෙනස්කොට සැලකීම් ද තහනම් කළ යුතු බවට නීතියක් සම්පාදනය කරන ලදී.

ඒ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට සෞඛ්‍ය සේවාවන් තුළ ආරක්ෂාව සැපයීම පෙරදැරි කරගෙන ය.

මෙය වෙනත් ෆෙඩරල් සිවිල් අයිතිවාසිකම් නීති සහ අධිකරණ තීන්දු වලට සමාන අර්ථ නිරූපණයක් විය යුතු බවට එවකට පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනයේ අනුග්‍රහය පරිදි සෞඛ්‍ය හා මහජන සේවා දෙපාර්තමේන්තුව විසින් අර්ථ නිරූපණය කරන ලද්දේ ස්ත්‍රී-පුරුෂ භාවය ලිංගික අවයවය මත පමණක් තීරණය විය යුතු බවත්, මෙම වගන්තියට අදාළව ලිංගික දිශානතිය පිළිබද සඳහනක් කිරීමට ඔබාමා පරිපාලනය අසමත් ව ඇති බැවින් ඒ පිළිබඳ කිසිදු සංශෝධනයක් ඇතුළත් නොකරන බවත් ය.

ට්‍රම්ප් පරිපාලනය විසින් ගන්නා ලද මෙම අමානුශික තීන්දුව මේ වන විටත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල විවේචනයට තුඩු දී ඇති අතර, ඔවුන් පෙන්වා දෙන්නේ පුද්ගලයකු ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය කිසිවිටකත් ලිංගික අවයවය මත තීරණය නොවන බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Human Rights Campaign සංවිධානය ප්‍රකාශ කර සිටියේ ට්‍රම්ප් විසින් ගනු ලැබූ මෙම තීන්දුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, තවදුරටත් LGBTIQ ප්‍රජාව මර්දනය කිරීමට ට්‍රම්ප් ට ඉඩ ලබා නොදෙන බවත් ය.

මීට අමතරව, ට්‍රම්ප් ගේ මෙම ද්වේශ සහගත ආකල්ප හටගන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික තරුණයා පොලිස් වධහිංසනයෙන් ඝාතනයට ලක්වීමේ සිදුවීම අරඹයා ට්‍රම්ප් දැක්වූ උද්ධච්ඡ ප්‍රතිපත්තිය සමඟ බවත්, මෙය තවදුරටත් ආන්තිකරණයට ලක්වූ එක් ප්‍රජාවක් ඉලක්ක කරගනිමින් සිදුවන මර්දනයක් නොවන බවටත් ජාත්‍යන්තර විද්වතුන් ගේ මතයයි.

“අපට දිගින් දිගටම පහර දීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ට ඉඩ ලබා දිය නොහැකිය. අද, හියුමන් රයිට්ස් කැම්පේන් සංවිධානය වන අප විසින් ට්‍රම්ප් පරිපාලනය  ඔවුන්ගේ නීතිමය බලය ඉක්මවා ගොස් LGBTQ පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගෙන් මූලික සෞඛ්‍ය ආරක්ෂණයන් ඉවත් කිරීමට දරණ උත්සාහට විරුද්ධව නඩු පැවරීමට සැලසුම් කර තිබේ.”

එසේ පැවසුවේ Human Rights Campaign  සංවිධානයේ සභාපති අල්පොන්සෝ ඩේවිඩ් විසිනි.

මීට අමතරව, American Civil Liberties Union නම් ඇමරිකානු සිවිල් නිදහස පිළිබඳ කටයුතු කරන සංවිධානය පවසා සිටියේ මෙමඟින් තවදුරටත් ජීවිත අහිමි ව යාමේ අවදානමක් හට ගන්නා බවයි.

එමෙන්ම, National Center for Transgender Equality නම් සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජා අයිතීන් වෙනුවෙන් කටයුතු කරන සංවිධානය පෙන්වා දුන්නේ, මෙය ඉතා හිත්පිත් නොමැති තීන්දුවක් බවත්, මෙමඟින් ප්‍රජාව ඉලක්ක කරගත් කෙනහිලිකම් සඳහා දිරිදෙන බවත් ය.

ට්‍රම්ප් ගේ මෙම ක්‍රියාකලාපය ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩෙන් මහතා ගේ ද විවේචනයට තුඩුදී තිබේ.

ඒ මහතා පෙන්වා දුන්නේ ට්‍රම්ප් ගේ ද්වේශ සහගත ක්‍රියාකලාපයන් වලට සීමාවක් නොමැති බවත්, එළඹෙන නොවැම්බර් මස ඔහු ඉවත් කළ යුතු බවත් ය.

මේ අතර, රිපබ්ලිකන් පාක්ෂිකාවක වන වන මේන් හි සෙනට් සභික සුසාන් කොලින්ස්  මහත්මිය ද ට්‍රම්ප් පරිපාලනයේ තීන්දුව හෙළා දැක තිබීම විශේෂත්වයකි. ඈ මෙම තීරණය “හුදෙක් වැරදි” යනුවෙන් ද සඳහන් කර තිබේ.

ට්‍රම්ප්-පෙන්ස් ඇතුළු පරිපාලනයේ මෙම LGBTIQ විරෝධී පියවර සම්බන්ධයෙන් එක්සත් ජනපදය පුරා අප්‍රසාදය පැතිරී ඇති අතර, මිනියාපොලිස් ඝාතනයත් සමඟ ඇවිලුණු ජාතිවාදය සහ පොලිස් වධහිංසනය ට එරෙහි විරෝධතා දිගින් දිගටම මතුවෙමින් රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇතිකිරීමට සමත් ව තිබේ.

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

11 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

13 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

13 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

13 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

15 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

19 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

4 days ago