කළු මුහුදේ සිට සිදුකෙරෙන ධාන්‍ය අපනයන කටයුතු සඳහා රුසියාව, තුර්කිය, යුක්රේනය සහ එක්සත් ජාතීන් අතර පැවති සාකච්ඡාවලදී එකඟතාවයකට පැමිණීමට හැකිවූ බවත්, ඒ අනුව මෙම ධාන්‍ය අපනයන ආරක්ෂා සහිතව යැවීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් (Coordination Centre) ස්ථාපිත කිරීමට එම රටවල් එකඟ වූ බවත් තුර්කි ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
ඊයේ (13) දින තුර්කි ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර් මහතා නිකුත් කළ නිවේදනයකට අනුව, උක්ත පාර්ශවයන් මීළඟට හමුවන දිනයේදී මීට අදාළව ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර, යුක්රේන ධාන්‍ය අපනයනය සඳහා ආරක්ෂා සහගත ගමන් මාර්ගයක් ස්ථාපිත කරවා ගැනීමට මින් හැකිවනු ඇති බවත්, අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඔස්සේ ඒ ඒ වරායන් වල පාලනය සෑම පාර්ශවයකටම හිමිවනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
යුක්රේන – රුසියානු යුධමය තත්ත්වයෙන් උත්සන්න වූ ගෝලීය ආහාර අර්බුදය හමුවේ කළු මුහුද හරහා යුක්රේන ධාන්‍ය අපනයන කටයුතු අඩාල වීම සිදුවිය. යුක්රේන ධාන්‍ය අපනයනයට රුසියාව ඉඩ ලබා නොදීම බටහිර රාජ්‍ය වල දැඩි විවේචනයට තුඩුදුන් අතර, ඉකුත් දින ඉන්දුනීසියාවේ බාලි දූපත් වල පැවැත්වූ G20 සමුළුවේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රොව් මහතා ගේ මුහුණටම මෙය පවසා තිබිණි.
මෙම ධාන්‍ය අපනයනය නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා රුසියානු, යුක්රේන සහ තුර්කි ආරක්ෂක නියෝජිතයන් ඊයේ දින තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හමුවූ අතර, ඉහත එකඟතාවයට එළඹීමට එකී පාර්ශව සමත්වීම අගය කළ යුතු කරුණකි.
සබැඳි ලිපි:
ඡායාරූප: AZERNEWS
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…